"සාර්ථකත්වය යනු ඔබ පැතූ සන්ධිස්ථානයන් කරා
ළඟා වීම පමණක් නොව; ඔබ අවට ලෝකයට
කල්පවත්නා බලපෑමක් ඇති කිරීමයි."

ධම්මික පෙරේරා

මා ගැන

පුද්ගලික චරිත ලක්ෂණ

ධම්මික පෙරේරා යන නාමය ශ්‍රී ලංකාව තුළ ඉතා කීර්තිමත් නාමයක් ලෙසින් පැතිර තිබෙන්නේ වාණිජ ක්ෂේත්‍රය තුළ ඔහු ගොඩනගාගෙන තිබෙන දැවැන්ත ප්‍රතිරූපය නිසාවෙනුත්, රට තුළ ඉතා වගකිව යුතු කාර්යභාරයක් ඉටු කරමින් රටට විශාල සාධනීය බලපෑමක් සිදු කරන පුද්ගලයෙක් බවට පත්ව සිටින නිසාවෙනුත් වනවා. එතුමාව බොහෝදෙනා හඳුනාගන්නේ විශිෂ්ඨ දැක්මක් සහිත නායකයෙක් සහ අලුත් දෑ අත්හදා බලන නිර්භීත ව්‍යවසායකයෙක් විදියටයි. සැබවින්ම ධම්මික පෙරේරා යනුවෙන් හඳුන්වන්නේ මේ රට වෙනුවෙන් ඉතාමත් සාධනීය වෙනසක් සහ බලපෑමක් සිදු කළ හැකි දැවැන්ත පෞරුෂයක් හිමි ශ්‍රේෂ්ඨයෙක්. 60 දශකයේ අග භාගයේ පයාගල පිහිටි කුඩා ග්‍රාමයක උපත ලැබූ ධම්මික පෙරේරා මහතා සිය කැපවීමෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත්වීමේ කත‍ා පුවත අතිශයින්ම විශ්මයජනකයි වගේම අතිශයින්ම ආදර්ශමත්.

ධම්මික පෙරේරා යනු සිය ජීවිතයේ මුල් අවධියේ පටන්ම ව්‍යාපාර සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්නුම් කළ විශිෂ්ඨයෙක්. එකී දක්ෂතාවන්ගෙන් ඔහු අවසානයේ මුළු ලංකාවම හඳුනන දැවැන්ත චරිතයක් බවට පත්වනවා. තමන් දන්නා උපායමාර්ග ප්‍රයෝජනයට ගනිමින් සහ නව උපායමාර්ගික ක්‍රමවේදයන් හඳුන්වා දීමෙන් ඔහු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිට මූල්‍ය ක්ෂේත්‍රය දක්වාම විශාල සාධනීය පෙරළියක් සිදු කරනවා. එතුමා ඒ ආකාරයෙන් රටේ ආර්ථිකයට ද නොගිණිය හැකි විශාල දායකත්වයක් දක්වමින් දක්ෂ ව්‍යාපාරිකයෙක් වශයෙන් තමන්ගේ නාමය නොමැකෙන ලෙස සටහන් කරනවා.

ධම්මික පෙරේරා මහතා පසුගිය වසර ගණනාව පුරාම නිෂ්පාදන, වෙළඳාම සහ පුද්ලයන්ගේ විවේකය සඳහා පහසුකම් සපයන ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් විශාල වශයෙන් තම ධනය ආයෝජනය කර තිබෙනවා. ලංකාවේ පැරණිතම සහ වඩාත් කීර්තිමත් සමාගම් කිහිපයකම කොටස් අයිති කර ගැනීමට ද ‍ඔහුගේ ඉමහත් කැපවීම මත ඔහුට හැකි වෙනවා. සිය ඉමහත් වූ පරිශ්‍රමයන්හි ප්‍රතිඵලයක් ලෙස 2013 වසර වන විට ඔහු ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වනවා. ඒ වගේම ඔහුගේ අතිදක්ෂ ව්‍යාපාරික ඥාන‍ය හේතුවෙන් දක්ෂ ව්‍යාපාරිකයකු වශයෙනුත් කීර්තියට පත්වනවා.

ධම්මික පෙරේරා මහතාගේ බලපෑම ඔහුගේ ව්‍යාපාර ඉක්මවා යන්නක්. වර්ෂ 2022 ජූනි මස ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමට ඔහුගේ මගපෙන්වීම, මෙහෙයවීම සහ ඔහු ඉදිරිපත් කළ විශේෂඥ මත අතිශයින්ම වැදගත් වුණා. ධම්මික පෙරේරා මහතා සිය බිරිඳ වන ප්‍රිසිලා මහත්මිය සමඟ එක්වී ආරම්භ කළ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමෙන් රටේ අධ්‍යාපන සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයන් නගා සිටුවීමට විශාල මෙහෙවරක් සිදු කර තිබෙනවා. DP Education වැනි අධ්‍යාපනික මෙවලම් නිර්මාණය කිරීමෙන් මිලියන ගණනක් වූ රටේ දරුවන්ට නොමිලේ මාර්ගගත අධ්‍යාපනය ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කර, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට ද ධම්මික පෙරේරා මහතා නොපිරිහෙළා කටයුතු කර තිබෙනවා.

ධම්මික පෙරේරා මහතාගේ ශ්‍රේෂ්ඨ අරමුණු සහ අභිලාෂයන්ට සීමාවක් නොමැති බව පැහැදිලියි. ඔහු ශ්‍රී ලංකාවේ දියුණුව වෙනුවෙන් ඇප කැපවී වැඩ කරන, අලුත් අලුත් දෑ නිර්මාණය කරන, ඉතා උත්සාහවන්ත විශිෂ්ඨ ව්‍යාපාරිකයෙක්.

ධම්මික පෙරේරා මහතාට තිබෙන්නේ වෘත්තීය මට්ටමෙන් අතිශය සාර්ථක සහ ආදර්ශමත් ගමනක්. ඒ වගේම ඒ ගමන අඛණ්ඩව දියුණුව කරා මෙහෙයවීම වෙනුවෙන් ඔහුට ඉතා හොඳ දැක්මක් වගේම පවතින ක්‍රමය බිඳ දමා අලුත් ක්‍රමයක් සකස් කිරීමට හොඳ ධෛර්යයක් සහ ඉලක්ක පසුපස හඹා යෑමේ නොපසුබට ගුණයත් නොඅඩුව පවතිනවා.