ප්රගමනයෙනුත්, ඔවුන්ගේ අධ්‍යාපන
මට්ටමෙනුත්, ඔවුන්ගේ නිර්මාණශීලීත්වයෙනුත්,
ඔවුන් සමාජයට දක්වන දායකත්වයෙනුත් වනවා."
ධම්මික පෙරේරා
ග්‍රන්ථය
සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය වීම, සිහිනයක් නොවී සැබෑවක් විය යුතුයි. මෙම පොතෙහි ඇතුළත් කරුණු නිසි දැක්මක් සහිත නායකත්වයක් යටතේ සැබෑ විය යුතුයි. මෙම පොත ජාතියක නැවත ඉපදීම, ජාතියක සමෘද්ධිමත් වීම, ගෝලීය නවෝත්පාදන සමඟ ජාතියක ආර්ථික ශක්තිය නගා සිටුවා ගන්නා ආකාරය ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයක්.
වෙනස්වීම ගැන පමණක් නොවෙයි; ඉතා පැහැදිලිව, අරමුණක් සහ සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක වීමෙන් 2030 වසර වන විට රට දියුණු කළ හැකි ආකාරය ගැනත් ධම්මික පෙෙර්රා මහතා ඔහුගේ පොතේ කරුණු දක්වනවා. ව්‍යාපාරවල නිරත වී ලැබූ අත්දැකීම්වලින් වගේම ආර්ථික උපාය මාර්ග ගැන පවතින දැනුමෙන් සහ රටේ ප්‍රායෝගික හැකියාවන් සලකා බලා ඔහු මෙසේ පවසනවා.
මේ පොතේ හැම පරිච්ඡේදයකම පවතින්නේ අධ්‍යාපනය, ආර්ථික දියුණුව, යටිතල පහසුකම් ගැන පවතින ඔහුගේ දැක්ම ආශ්රිත සංකල්ප. ඔහු ශ්‍රී ලාංකිකයන්ගේ හදවත්වලට කතා කරන්නට සමත් වෙනවා. ලෝක මට්ටමෙන් විශිෂ්ඨ අනාගතයක් ගොඩනගා ගන්නා ලෙස ඔහු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
එය පොතක් පමණක් නොවෙයි. එය බලාපොරොත්තු, ක්‍රියාමාර්ග සමඟ ගොඩනගා ගත හැකි අනාගතය ගැන දැක්වෙන ලියවිල්ලක්. ධම්මික පෙරේරා මහතා අපට අභියෝගයක් එල්ල කරනවා. ඒ; පුළුල්ව සිතන්නටත්, ස්ථිරව ක්‍රියාත්මක වන්නටත්, ඒ වගේම අපේ හැකියාවන් විශ්වාස කරන්නටත් වනවා. දියුණු ජාතියක් ගොඩනගා ගන්නා මාර්ග සිතියමක් මේ පොතෙන් ඔහු ඉදිරිපත් කරනවා. දියුණුව කරා යන වටිනා ගමනේ කොටස්කරුවන් වීමට ඔහු ඔහුගේ පොතෙන් සියලු දෙනාට ආරාධනා කර සිටිනවා.