ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම
ධම්මික පෙරේරා
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම ලංකාවේ අනාගත ගමනට විශාල ආලෝකයක් සහ බලාපොරොත්තුවක් එක් කරනවා. ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා යුවල ආරම්භ කළ මේ පදනම, සමාජ සුබසාධනය සලසනවා වගේම සමාජයට දැනෙන ආකාරයේ ප්‍රබල සහ යහපත් වෙනසක් ඇති කිරීමටත්, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්රයන් අතින් ගත් කල මිලියන ගණනකගේ ජීවිත ගොඩනැගීමටත් මහත් වූ අපේක්ෂාවන් සහිතව කටයුතු කරනවා.
DP Education යනුවෙන් හඳුන්වන්නේ මෙම පදනමේ ප්‍රධාන මෙන්ම දැවැන්ත නිර්මාණශීලී ව්‍යාපෘතියක්. ඉතාම ඉහළ මට්ටමේ ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබා ගැනීමට ඕනෑම දරුවෙක්ට මේ හරහා අවස්ථාව උදාවෙනවා. ඩිජිටල් කුසලතා සහ දැනුම තිබෙන, තාක්ෂණික තුසලතා සහිත අනාගත පරම්පරාවක් බිහි කිරීමට මේ ව්‍යාපෘතිය හේතු වනවා.
මේ පදනමේ වැඩ කටයුතු අධ්‍යාපනයට සීමා වන්නේ නැහැ. සෞඛ්‍යය සම්බන්ධ අත්‍යවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කිරීම, පුරවැසියන් සියලුම දෙනාට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබා ගැනීමට තිබෙන අවස්ථා වැඩි කිරීමත් මෙම පදනම යටතේ සිදු කරනවා. මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය සහ මොරටුව විශ්ව විද්‍යාලය වැනි ප්‍රධාන හවුල්කරුවන් හා එක්ව, වඩාත් සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙන් තිරසාර වෙනසක් ඇති කරන්නට මෙම පදනම උත්සාහ කරනවා.
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම ලංකාවේ පුරවැසියන්ට වඩාත් යහපත් සහ ශක්තිමත් හෙට දවසක් නිර්මාණය කර දීමට බිහි කළ පදනමක්. එහි අරමුණු පරාර්ථකාමියි. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ නව නිර්මාණ බිහි කිරීමේ ක්ෂේත්රයන් දියුණු කර සියලුම දෙනාගේ ජීවිත සාර්ථක කරගැනීමට අවස්ථාව පවතින යහපත් අනාගතයක් නිර්මාණය කර දීම පදනමේ අරමුණක්.