"සෑම අභියෝගයක්ම අපට ඉගෙනගැනීමටත්, අපේ ශක්තිය පරීක්ෂා කර ගැනීමටත් ලැබෙන අවස්ථාවකි"
ධම්මික පෙරේරා
නායකත්වය
අවස්ථාවන්
අධ්‍යාපනය වර්ණ සහ බුරුසුවලින් සමන්විත කැන්වසයක් හා සමානයි. ධම්මික පෙරේරා මහතා සෑම දරුවෙකුටම ඉගෙනීමට අවස්ථාව සාදා දෙනවා. ශිල්ප ඉගෙනගෙන තමන්ගේම නිර්මාණ බිහි..
තවත් කියවන්න
අවස්ථාවන්
අධ්‍යාපනය වර්ණ සහ බුරුසුවලින් සමන්විත කැන්වසයක් හා සමානයි. ධම්මික පෙරේරා මහතා සෑම දරුවෙකුටම ඉගෙනීමට අවස්ථාව සාදා දෙනවා. ශිල්ප ඉගෙනගෙන තමන්ගේම නිර්මාණ බිහි කිරීමට අධ්‍යාපනය හරහා ඔහු රටේ දරුවන්ව දිරි ගන්වනවා. අධ්‍යාපනය පිළිබඳ ධම්මික පෙරේරා මහතාගේ සංකල්පය, කිසිදු තරාතිරමක් නොබලා මේ රටේ සෑම දරුවෙක්ටම ඉගෙනීමට අවස්ථාව උදා කර දෙනවා. ධම්මික පෙරේරා මහතා DP Education වැනි අධ්‍යාපනික මෙවලම් නිර්මාණය කර, ඒ හරහා මිලියන ගණනක දරුවන්ට මිල අධික දැනුම නොමිලේ ලබා ගැනීමට මේ වනවිටත් දොරටු විවර කර අවසන්. ධම්මික පෙරේරා මහතා නිර්මාණය කරන අධ්‍යාපන රටාව ඉගැන්වීම ගැන පමණක් අවධානය යොමු කරන්නේ නැහැ. දරුවන්ව දිරිගැන්වීම, අලුතෙන් කල්පනා කළ හැකි දරුවන් පිරිසක් බිහිකිරීම, නවෝත්පාදන බිහි කරන පරම්පරාවක් බිහි කිරීම ධම්මික පෙරේරා මහතාගේ අරමුණක්. අධ්‍යාපනය පිළිබඳ ධම්මික පෙරේරා මහතාගේ දැක්ම සමාජය නගා සිටුුවීමට සමත්, දුප්පත්කම, නොදැනුවත්කම නැති කිරීමට සමත් බලවත් මෙවලමක්.
සමෘද්ධිමත් ජාතියක්
සඳහා වන සැලැස්ම
ධම්මික පෙරේරා මහතාගේ ආර්ථික සංවර්ධන සැලසුම ඉතා විශිෂ්ඨයි. සියලුම පුරවැසියන්ට වටිනා අවස්ථාවන් උදා කර දෙන, යැපෙන්නට තරම්...
තවත් කියවන්න
සමෘද්ධිමත් ජාතියක්
සමෘද්ධිමත් ජාතියක්
සඳහා වන සැලැස්ම
ධම්මික පෙරේරා මහතාගේ ආර්ථික සංවර්ධන සැලසුම ඉතා විශිෂ්ඨයි. සියලුම පුරවැසියන්ට වටිනා අවස්ථාවන් උදා කර දෙන, යැපෙන්නට තරම් ප්‍රමාණවත් ආදායමක් ලබාදෙන, ආත්මාභිමානයෙන් ජීවත් වීමට ඉඩ සලසා දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම ඔහුගේ ආර්ථික සැලැස්මේ අරමුණක්. තමන්ගේ ආර්ථික සැලැස්ම හරහා වසරකට වරක් රැකියා දෙලක්ෂයක් නිර්මාණය කර දෙන බවට ඔහු ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දුවක් දී තිබෙනවා. මෙරට පුද්ගලයන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින්, විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ධම්මික පෙරේරා මහතා උත්සාහ කරමින් සිටිනවා ආර්ථික යටිතල පහසුකම් දියුණු කර පරම්පරා ගණනාවකට ඉන් ප්‍රයෝජන ලබාදීමට. ධම්මික පෙරේරා මහතා ගොඩනැගීමට අදහස් කරන්නේ සමස්ත ලංකාවටම සෞභාග්‍යය උදා කර දෙන ආකාරයේ අතිශය දියුණු ආර්ථිකයක්.
උපාය මාර්ග
වැඩිදියුණු කිරීමේ කලාව
ධම්මික පෙරේරා මහතා යනු ව්‍යාපාර ලෝකය ව්‍යාප්ත කිරීමට උපන් දක්ෂයෙක්. ඔහු ඔහුගේ ආර්ථික අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට භාවිත කළේ ඔහුගේම...
තවත් කියවන්න
උපාය මාර්ග වැඩිදියුණු
උපාය මාර්ග වැඩිදියුණු
කිරීමේ කලාව
ධම්මික පෙරේරා මහතා යනු ව්‍යාපාර ලෝකය ව්‍යාප්ත කිරීමට උපන් දක්ෂයෙක්. ඔහු ඔහුගේ ආර්ථික අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට භාවිත කළේ ඔහුගේම නවෝත්පාදන සහ නිවැරදි තීරණ. ඔහු ඉතා නිහතමානීව සිය ගමන ආරම්භ කළ තැනැත්තෙක්. ආර්ථිකමය වශයෙන් මේ වනවිට ඔහු සියලුම ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයේ දැවැන්ත ගමනක් පැමිණ සිටිනවා. මූල්‍ය ක්ෂේත්රය, නිෂ්පාදන ක්ෂේත්රය, ආගන්තුක සත්කාර සේවා සැපයුම් ක්ෂේත්රය සහ ඉනුත් ඔබ්බට ඔහු මේ වනවිට සිය බල පරාක්‍රමය විහිදුවා අවසන්. ඔහුගේ අරමුණ ව්‍යාපාර අයත් කරගැනීම පමණක් නොවෙයි. ඒ ව්‍යාපාර පවත්වා ගැනීමටත්, වඩා පුළුල් ආර්ථිකයක් වෙනුවෙන් එකී ව්‍යාපාර දායක කරගැනීමටත් ධම්මික පෙරේරා මහතා කටයුතු කරනවා. ඔහු ලාභ අපේක්ෂාවෙන් පමණක් ව්‍යාපාර මෙහෙයවන්නේ නැහැ. ඔහුගේ ව්‍යාපාර; අරමුණු මත පදනම් වූ, ජාතිය නගා සිටුවීම වෙනුවෙන් කැපවුණු, මනා දැක්මක් සහිත සාධනීය ව්‍යාපාර.
“දිළිඳුකම තුරන් කිරීමට ඇති එකම මෙවලම අධ්‍යාපනයයි”
“කේතකරණය යනු ලෝකයේ අලුත්ම භාෂාවයි. ගැහැණු ළමයින් ඇතුළු සෑම කෙනෙකුම කේතකරණය ඉගෙන ගෙන ඩිජිටල් ලෝකයේ කොටසක් විය යුතුය".
"සාර්ථකත්වය යනු ඇති අවසාන ඉලක්කය නොව නිරන්තර දියුණුව සහ ඉගෙනීමේ ගමනකි."
"ප්රගතිමත්ව ඉදිරියට යමින් අනාගත අභියෝග විසඳීමට අපි නවෝත්පාදන සංස්කෘතියක් නිර්මාණය කළ යුතුයි."
"ආර්ථික වර්ධනය පැමිණෙන්නේ නව අදහස්, ආයෝජන සහ නිපුණ ශ්‍රම බලකායක් තුළිනි."
“සමෘද්ධිමත් සමාජයක පදනම අධ්‍යාපනයයි. නූතන ලෝකයට සරිලන දැනුමෙන්, කුසලතාවලින් අපි අපේ දරුවන්ව සවිබල ගැන්විය යුතුයි.”
“සෑම දරුවෙක්ටම ඔවුන්ගේ පසුබිම හෝ මූල්‍ය තත්ත්වය නොතකා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය හිමිවිය යුතුයි. එවන් ප්‍රවේශයක් දරුවෙන් වෙත ලබාදීම අපේ වගකීමක්.”
“සාර්ථකත්වය යනු මුදල් ඉපයීම පමණක් නොවෙයි. සාර්ථකත්වය යනු මිනිසුන්ගේ ජීවිතවල යහපත් වෙනසක් ඇති කිරීමයි.”
“ව්‍යවසායකත්වය යනු ගැටලු විසඳීමයි. ඔබට ගැටලුවක් හඳුනාගෙන ඊට විසඳුමක් ඉදිරිපත් කළ හැකි නම්, ඔබ සිටින්නේ සාර්ථකත්වයට යන මාර්ගයෙහිය.”
“සාර්ථකත්වයට පත්වීමේ මාවත නම්; මහන්සි වී, කැපවීමෙන්, විශිෂ්ඨත්වයට පත් වන තෙක් නොකඩවා වැඩ කිරීමයි.”
“ව්‍යාපාරයක ඉදිරියෙන් සිටීමට මාර්ගය වන්නේ නවෝත්පාදන සිදු කිරීමයි. වෙනස්වීම් භාරගැනීමටත්, අවදානම් දැරීමටත් කැමැත්තෙන් සිටින්න.”
"සාර්ථකත්වය වාසනාව නිසා හෝ අහම්බෙන් උදා නොවේ. සාර්ථකත්වය උදා වන්නේ මහන්සි වී, අධිෂ්ඨානයෙන් යුක්තව නොකඩවා වැඩ කිරීමෙනි."
“නායකත්වය යනු පාලන බලය දරන ප්‍රධානියා වීම නොවේ. නායකත්වය යනු තමන් යටතේ සිටින පුද්ගලයන්ව රැකබලා ගැනීමයි.”
“සැබෑ නායකයෙක්; වැඩියෙන් සිහින දැකීමටත්, වැඩියෙන් ඉගෙන ගැනීමටත්, වැඩියෙන් වැඩ කිරීමටත්, සිටින තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකට පත්වීමටත් අනෙක් පුද්ගලයන්ව දිරි ගන්වයි.”
"• හොඳ නායකත්වයක් යනු බහුතරයකට ප්‍රයෝජන සලසන ආකාරයේ තීරණ ගැනීමත්, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීමත්ය."
“ජාතියක ප්රගමනය මනින්නේ ජනතාවගේ යහපැවැත්මෙනි. කිහිප දෙනෙකුට පමණක් නොව සංවර්ධනයෙන් සියලු දෙනාට ප්‍රයෝජනය ලැබෙන බවට අපි සහතික කළ යුතුය.”
ප්‍රධාන දේශනයන්
“මම ගැටළු කතා කරන්නෙකු නොව ගැටළු විසඳන්නෙක්”
“DP අධ්‍යාපනය විසින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ මණ්ඩපයක් විවෘත කරනු ඇත”
“තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකිය”
“නිසි සැලසුමකින් තොරව කිසිවක් කළ නොහැක”
“අධ්‍යාපනයෙන් තොරව කිසිදු රටක් දියුණු නොවේ”
“අපගේ DP අධ්‍යාපන තොරතුරු තාක්ෂණ මණ්ඩපය දිනකට පැය 16ක් පුරා සිසුන් සඳහා විවෘතයි”
DP අධ්‍යාපන කේතීකරණය සහ රොබෝ විද්‍යා මණ්ඩපය ආරම්භ කර දියත් කිරීම – මිද්දෙණිය ශ්‍රී සුමංගල පිරිවෙන
“ඔබට ඕනෑම දෙයක් කළ හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබට එය කළ හැකිය”
“විසඳුම් සෙවීමට දරුවන්ට උගන්වමු”
“dpcode.lk හා සම්බන්ධ වී ගැටළු විසඳීමට පුරුදු වන්න”
“අධ්‍යාපනයෙන් පොහොසත් ළමයෙක් ඇත්තෙන්ම පොහොසත්”
“අපි ළමයින් දිනවන්නේ මෙහෙමයි” | ධම්මික පෙරේරා
ප්‍රධාන ලිපි
Dhammika Perera kicks off new era of Information Technology
The inauguration of the “DP Silicon Valley IT Office” by the Dhammika and Priscilla Perera Foundation aims to address employment challenges in Sri Lanka’s IT …
Empowering villages unveiling Sri Lanka’s rural renaissance initiative led by Dhammika Perera
MP Dhammika Perera launched the “Pohosath Gamak – Pohosath Ratak” initiative to fortify rural economy, commencing with two model villages. …
Dhammika Perera to Launch Kitchen Initiative, Providing Food to Vulnerable Communities Across Sri Lanka
Dhammika Perera proposes community kitchens in every village to aid poor families, aiming to boost Sri Lanka’s per capita GDP to $12,000. …
Dhammika outlines 12 strategies to boost forex earnings by $8 b
Dhammika Perera’s 12 strategies aim to boost Sri Lanka’s dollar earnings by $8 billion annually, enhancing tourism, agriculture, power, and more. …
UNICEF AND DP foundation partner to provide digital learning for 100 schools
UNICEF and DP Foundation partner to provide tech-based education to vulnerable children in Sri Lanka amid COVID-19 and economic crisis, bridging the digital divide. …
Sri Lankan Dhammika Perera’s Master Plan
Corporate magnate Dhammika Perera’s calculated strategies led to vast wealth, with ventures spanning industries and global markets. …