ධම්මික පෙරේරා
මාගේ සැලැස්ම
නව නිර්මාණ බිහි වන නව යුගයක් කරා ශ්‍රී ලංකාවේ ජනතාව රැගෙන යාම ධම්මික පෙරේරා මහතාගේ තවත් එක් සැලැස්මක්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිට කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රය දක්වාම වසරකට වරක් අලුතෙන් රැකියා දෙලක්ෂයක් පමණ බිහිවන පසුබිමක් ගැන සිතා බලන්න. මේ එවන් පසුබිමක් ලංකාව තුළ නිර්මාණය කර ලංකාව ගෝලීය වශයෙන් දියුණු තලයකට ගෙන ඒමේ උත්සාහයක්. සෑම වසරකම ඇමරිකානු ඩොලර් බිලියන 7ක ආයෝජන මේ රටට ගෙන්වා ගැනීම පදනමේ තවත් අරමුණක්. එසේ කරන්නට නම් ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්වලට සිදු කරන ආයෝජනවලදී ආයෝජකයන්ට වසර 25ක් සඳහාවත් බදු නොගෙවා සිටීමට සහන කාලයක් ලබා දිය යුතු වනවා.
ලංකාවේ ආර්ථිකය සහ සමාජය නගා සිටුවීමට ධම්මික පෙරේරා මහතා විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. විදේශ ආයෝජන ආකර්ෂණය කරගෙන, ලෝකය හා සම්බන්ධ වී වැඩ කිරීමට හැකි, තොරතුරු තාක්ෂණ විෂය ඉගෙනගත්, කඩිසර, ශක්තිමත්, දැනුමෙන් පිරි ශ්‍රම බලකායක් සෑම දිස්ත්‍රික්කයකම ගොඩනගා ගැනීම ඔහුගේ තවත් එක් අරමුණක්. රටේ ආර්ථිකය ගොඩනැංවීමට වාගේම විවිධ අවස්ථා සහිත නිර්මාණශීලී සමාජයක් ගොඩනැංවීමටත් එමගින් එතුමා අදහස් කරනවා.
මෙය ලංකාවේ සැබෑ හැකියාව කරා ලංකාව රැගෙන ගොස් ලෝක වේදිකාව මත දැවැන්තයෙක් ලෙස ඔසවා තැබීමේ, මාර්ග සැලැස්මක්.
ලංකාව දුර ගමනක් රැගෙන යාම සඳහා වන ධම්මික පෙරේරා මහතාගේ සැලසුම සහ දැක්ම ගැන තවදුරටත් කරුණු සහිතව සලකා බලමු.