02

ව්‍යපාර ලෝකය ජයගත් ව්‍යවසායකයෙකු මෙන්ම මහජන හිතෛෂියෙකු වශයෙන් ධම්මික පෙරේරා මහතා, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් පරිවර්තනීය දැක්මක් එළිදක්වා ඇත.

එහි හරය ලෙස, ධම්මික පෙරේරා මහතාගේ මුලපිරීම් මගින් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ තුළ පවතින මේ වනවිටත් භාවිත නොකළ විභවයන් හඳුනා‍ගෙන ඉන් රටේ යහපත වෙනුවෙන් ප්‍රයෝජන ගැනීමයි. දේශීය සම්පත් උපයෝගී කර ගනිමින් සහ බිම් මට්ටමේ පවතින ශක්තීන් සවිබල ගැන්වීමෙන්, ආර්ථික වර්ධනයේ යාන්ත්‍රනය ලෙස කටයුතු කරන ස්වයංපෝෂිත ගම්මාන නිර්මාණය කිරීමට ඔහු අරමුණු කරයි. මෙම දැක්ම; කෘෂිකර්මය, යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි ප්‍රධාන අංශවල සිදු කරන ආයෝජන සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරයි.

ආර්ථික සවිබල ගැන්වීම: කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම, කෘෂි ව්‍යාපාර සඳහා සහය වීම සහ ග්‍රාමීය ප්‍රජාවන් අතර රැකියා අවස්ථා උත්පාදනය කරන ආයෝජන බිහි කිරීම වැනි කටයුතු සඳහා ධම්මික පෙරේරා මහතා පෙනී සිටී. මෙම ආර්ථික කුළුණු ශක්තිමත් කිරීමෙන් ගම්මාන දරිද්‍රතාවයෙන් මුදවා සමෘද්ධිමත් දේශීය ආර්ථිකයක් ඇති කිරීමට ඔහු එමගින් අපේක්ෂා කරයි.

යටිතල පහසුකම් සංවර්ධනය: ග්‍රාමීය ප්‍රදේශ දේශීය වෙළඳපොළට සම්බන්ධ කිරීම සඳහා මෙන්ම වෙළෙඳාම් කටයුතු හා වාණිජ්‍යය කටයුතු දියුණු කිරීම සඳහාත් විශ්වාසදායක යටිතල පහසුකම් පද්ධතියක් සඳහා ප්‍රවේශය සකස් කිරීම ඉතා වැදගත් වනවා. ධම්මික පෙරේරා මහතාගේ දැක්ම තුළ මාර්ග ජාලා වැඩිදියුණු කිරීම, විදුලිය සහ විදුලි සංදේශ කටයුතු සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීම සහ රටක් වශයෙන් පවතින සියලු සම්බන්ධතා වැඩිදියුණු කිරීමට කටයුතු කිරීමත් ඇතුළත් වනවා.

අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය: අධ්‍යාපනයෙන් සහ වෘත්තීය පුහුණුවෙන් තරුණයින් සවිබල ගැන්වීම ධම්මික පෙරේරා මහතාගේ මූලික උපාය මාර්ගයක්. විශේෂයෙන්ම තාක්‍ෂණය සහ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් අදාළ කුසලතා තරුණයන් තුළ සන්නද්ධ කිරීමෙන් ඔහු අරමුණු කරන්නේ ඔවුන්ගේ හැකියාවන් ඉස්මතු කරගෙන බිම් මට්ටමේ නව්‍යකරණයන් සහ නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීමටයි.

ධම්මික පෙරේරා මහතාගේ නායකත්වය හා මානව හිතෛෂී බව මොනවට පැහැදිලි කරමින් “ධනවත් ගමක් ධනවත් ජාතියක්” යන දැක්ම යටතේ දැනටමත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. මෙම මුලපිරීම් දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් පමණක් නොව සමස්ත ජාතියටම ප්‍රතිලාභ ලබා දෙන ආකාරයේ සෞභාග්‍යයේ රැල්ලක් ඇති කිරීමත් අරමුණු කරයි. ධම්මික පෙරේරා මහතාගේ “ධනවත් ගමක්, ධනවත් ජාතියක්” යන සංකල්පය ශ්‍රී ලංකාව තුළ වර්ධනය සහ තිරසාර සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් පසුබිම සකස් කරයි. ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීමෙන් සහ ඔවුන්ගේ හැකියාවන් සඳහා ආයෝජනය කිරීමෙන්, බිම් මට්ටමේ සිට ඉහළට සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීම ධම්මික පෙරේරා මහතාගේ අරමුණයි. ආර්ථිකය සවිබල ගැන්වීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා කෙරෙහි අවධානය යොමු කිරීම මගින් රට දියුණුව කරා රැගෙන යාමටත් මෙම දූරදර්ශී සංකල්ප ඉදිරි පරම්පරාවන් සඳහා දායාද කිරීමටත් ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික භූ දර්ශනය යහපත් අතට පරිවර්තනය කිරීමටත් ධම්මික පෙරේරා මහතාගේ නව සංකල්ප පොරොන්දු දරයි.

මේරට යහපත් අතට හැරවීමේ කාර්යය සඳහා අඛණ්ඩව ප්‍රමුඛත්වය දරන දූරදර්ශී නායකයෙක් වශයෙන් සහ මානව හිතෛෂී පුද්ගලයෙකු වශයෙන් “ධනවත් ගමක්, ධනවත් ජාතියක්” වැඩසටහන හරහා රට තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ධම්මික පෙරේරා මහතා අඛණ්ඩව බැඳී සිටියි.