සිසුන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳ සීමාවන් හෝ කිසිදු බාධාවකින් තොරව දැනුමට ඇති ප්‍රවේශය පුළුල් කර දීම ඩීපී පදනම ගෙන එන ඩීපී එදියුකෙෂන්හි විශේෂත්වයයි. එමඟින් මානව හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල කැපවීමක් සිදු කරයි. ලොව පුරා වෙසෙන දැනුම සොයන පුද්ගලයන්ට එමඟින් සපයන සේවය ඇති මහත්. එය අධ්‍යාපනය සඳහා වන හුදු වේදිකාවකට වඩා, අධ්‍යාපනය සැමට ප්‍රවේශ විය හැකි විශ්වීය අයිතියක් බවට පත් කිරීමේ යහපත් අරමුණුවලින් යුත් ප්‍රගතශීලී ව්‍යාපාරයක්.
ඩීපී එඩියුකේෂන් මෙහෙවරෙහි හරය වන්නේ අධ්‍යාපනය කිසිදු සීමාවක්, බාධාවක් නොමැතිව සියලු පුද්ගලයන්ට හිමි විය යුතු අතර, වර්තමාන ඩිජිටල් අවධියේ ඉගෙනුම් ලබන සිසුන්ට ගැලපිය යුතුයි යන විශ්වාසයයි. ඩීපී පදනම ලොව පිළිගත් පාඨමාලා පිරිනමනවා පමණක් නොව; ඉගෙනීම සඳහා කුතුහලයක් ඇති කොට, අධ්‍යාපනය පිළිබඳව විශ්වාසය ගොඩනගා, ජීවිත කාලය පුරාවටම කුසලතා සහ දැනුම ලබා දීම තුළින් පුද්ගලයන් සවිබල ගැන්වීමත් සිදු කරනවා.
නවෝත්පාදන වැඩසටහන්:
ඩීපී පදනම ඩීපී එඩියුකේෂන් රිමෝට් රොබෝටික්ස් වැනි නව්‍ය අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දීම සඳහා පුරෝගාමීත්වය දරන අතර වඩාත් කාලීන අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳ අත්දැකීමක් සිසුන්ට ලබා දෙයි. ලෝකයේ ඕනෑම තැනක සිට පැය 24 පුරා කිසිදු බාධාවකින් තොරව ප්‍රවේශ විය හැකි වේදිකාවක් ඔස්සේ, සංවෘත විෂය මාලාවක් හරහා රොබෝ විද්‍යාව, IoT, සහ AI තාක්ෂණය පිළිබඳ ඉගැන්වීම ද ඩීපී එදියුක්ෂන් හරහා සිදු කරයි.
ප්‍රජා බලපෑම:
ඩිජිටල් අධ්‍යාපනයෙන් ඔබ්බට යමින්, ඩීපී පදනම එහි මෙහෙවර ඉටු කිරීමේදී ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ද අවධානය යොමු කරයි. ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් ඉගෙනුම් සම්පත් සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය ලබා දීමෙන්, ඩීපී පදනම දුප්පත්කම තුරන් කිරීම සහ පුද්ගලයන්ගේ ජීවිතවල වර්ධනය ඇති කිරීම අරමුණු කරයි. ඩීපී පදනමේ මූලික අරමුණ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම පමණක් නොව තිරසාර සංවර්ධනය ඇති කිරීම තුළින් ප්‍රජාවන් නඟා සිටුවීමයි.
ව්‍යාපාරය හා සම්බන්ධ වන්න:
දැනුම හඹා යාමේදී මතු වන බාධක බිඳ දමනා පරිවර්තනීය ගමනට එක්වන ලෙස ඩීපී පදනම ඔබට ආරාධනා කරයි. තනිව ඉගෙන ගත හැකි පුද්ගල කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේද හරහා මෙන්ම ප්‍රජාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් හරහා, ඩීපී පදනම ලොව පුරා මානව හැකියාවන් සංවර්ධනය කිරීම කෙරෙහි සැලකියයුතු බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරයි.
නිගමනය:
ඩීපී පදනම නව්‍යකරණය හරහා දිනෙන් දින සාර්ථකව ඉදිරියට යන අතරේ, එහි හරය වන සැමට ප්‍රවේශ විය හැකි අධ්‍යාපනයක් ලබා දීම, පුද්ගල කේන්ද්‍රීයව අධ්‍යාපනය ලබා ගත හැකි අධ්‍යාපනික මාර්ග වැඩිදියුණු කිරීම, එමගින් ප්‍රජාව කෙරෙහි යහපත් බලපෑමක් ඇති කිරීම යන කරුණු වෙනුවෙන් තවදුරටත් කැපවී සිටී. ඩිජිටල් අධ්‍යාපනය හඳුන්වා දීමෙන්, ඩීපී පදනම සෑම වයස් කාණ්ඩයකම දැනුම සොයන පුද්ගලයන්ට නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක් තුළ දැනුම යාවත්කාලීන කරගෙන සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට අවස්ථාව උදා කර දෙයි.