05

ඩීපී පදනමේ ට්‍රී ටැගින් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ පාරිසරික උරුමය පෝෂණය කිරීම:

ඩීපී ට්‍රී බුක් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ ක්‍රියාකාරීව ආරක්ෂා කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමටත්, එමගින් අනාගත පරම්පරාවන් සඳහා ජෛව විවිධත්වයෙන් යුත් ස්වභාවික පරිසරයක් සහිත භූමියක් නිර්මාණය කර දීමේ අරමුණත් සහිතවය. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ඉතා සූක්ෂම ලෙස ලේඛනගත කිරීම සහ එවන් ශාක උපාය මාර්ගිකව සිටුවීම මගින් ඩීපී පදනමේ අරමුණ වන්නේ රට පුරා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමත්, ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසාර උරුමයක් සහිත පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමත් වේ.

පොහොසත් ජෛව විවිධත්වයක් සඳහා හිමිකම් කියන ශ්‍රී ලංකාව අප ජෛවගෝලයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගස් විශේෂ ඇතුළු වැදගත් පරිසර පද්ධතියක් සඳහා ලොව පුරා ප්‍රසිද්ධයි. කෙසේ වෙතත්, මෙම ගස්, වනාන්තර විනාශය සහ දේශගුණික විපර්යාස වැනි සැලකිය යුතු තර්ජනවලට මුහුණ දෙයි. ට්‍රී ටැගින් ක්‍රමය හරහා ඩීපී පදනම මගින් පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමට අවස්ථාව ලබාදේ. වෘක්ෂලතා ටැග් කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා සහභාගී වීම මගින් අත්‍යවශ්‍ය වාසස්ථාන සංරක්ෂණය කිරීමටත්, වාතය පිරිසිදු කිරීමටත්, සමස්ත ග්‍රහලෝකයේ යහපැවැත්ම සඳහා සෘජුවම දායක වීමටත් සියලු දෙනාට අවස්ථාව උදා වේ.

ඩීපී ට්‍රී බුක් මඟින් පුද්ගලයන්ට සහ සංවිධානවලට එකසේ ආරාධනා කරන්නේ හරිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එක්වන ලෙසත් එක් ගසක පැවැත්මට හෝ තම දායකත්වය ලබා දෙන ලෙසත්ය. මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වන ආධාරකරුවන් හට පරිසර සංරක්ෂණයට දායක වීමට පමණක් නොව, දැනුම ලබා ගැනීම සඳහා ද, ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත වීම සඳහා ද අවස්ථාව උදා වේ. රෝපණ සැසි, අධ්‍යාපනික වැඩමුළු සහ උපදේශන සැසි හරහා නිසි පරිදි දැනුවත් වීම මගින්, මෙම අගනා විශේෂවල පැවැත්ම සහතික කිරීම සඳහා සෑම සහභාගිවන්නෙකුටම හැකියාව ලැබේ.

ඩීපී පදනමේ ට්‍රී ටැගින් ව්‍යාපෘතිය පාරිසරික භාරකාරත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා අපගේ කැපවීමට හොඳම උදාහරණයයි. පාරිසරික අභියෝග පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම මගින් සහ ක්‍රියාකාරීව සංරක්ෂණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම හරහා, ඩීපී පදනම උත්සාහ කරන්නේ ස්වභාව සෞන්දර්යයෙන් යුත්, මානවයාට හිතකර ලෝකයක් නිර්මාණය කිරීමටයි. ශ්‍රී ලංකාවේ පාරිසරික උරුමය පෝෂණය කිරීමට සහ ඉදිරි පරම්පරාවන් සඳහා තිරසාර අනාගතයක් ගොඩනැගීමට අප හා එක්වන්න.