ඉලක්ක

පහත දෑ ඇතුළත් කෘෂිකාර්මික පරිවර්තනය දියත් කිරීම.

  • ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම.
  • ගොවීන්ගේ ගෘහස්ථ ආදායම් තත්වය ඉහළ නැංවීම.
  • සියලූ දෙනාටම වසර පුරා, දැරිය හැකි මිලකට, සුරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර වේලක් පරිභෝජනය කිරීමට හැකි වීම වැඩිදියුණු කිරීම.
  • කෘෂිකර්මාන්තය තුළ කාන්තාව සවිබල ගැන්වීම.

ක්‍රියාකාරී සැලැස්ම


  1. පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව (soil health cards) බෙදාහැරීම සහ පස පරීක්ෂා කිරීම පදනම් කරගත් පොහොර නිර්දේශය

    වර්තමානයේදී පොහොර කන්ටේනර 35,000ක් ආනයනය කරනු ලබයි. පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව සහ පොහොර නිර්දේශ හඳුන්වා දීමත් සමගම, පොහොර ආනයනය 20% කින් (කන්ටේනර 7000 කින්) අඩු කළ හැකිය.

  2. ප‍්‍රාදේශීය බලධාරින් විසින් සුදුසු යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර ගොවීන් වෙනුවෙන් මූලික කෘෂිකාර්මික බිම සැකසීම.
  3. වගාවට උපකාර වනු පිණිස වාරිමාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
    • වැව් 2400ක් ප‍්‍රතිසංස්කරණය සහ ඒවායේ ධාරිතාව වැඩි කිරීම
    • වැව් රැලි ක‍්‍රමවේදය හඳුනා ගැනීම සහ වැඩි දියුණු කිරීම
    • වාරිමාර්ග ළිං සංවර්ධනය සහ ප‍්‍රතිසංස්කරණය
  4. ගුණාත්මක බවින් වැඩි බීජ දැරිය හැකි මිලකට සහ නිසි කාලවේලාවට ලබාගත හැකි බවට සහතික වීම.
  5. දියර පොහොර සහ කාබනික ගොවිතැන සඳහා සහනාධාරයක් සැපයීම.
  6. ගොවියාගේ ජීවන වියදම් ආවරණය කරගැනීම සඳහා දැනට ලබා දෙන පොහොර සහනාධාරය නියං කාලවලදී අත්පිට මුදලින් ගෙවීම.
  7. කාබනික වගාව ප‍්‍රවර්ධනය සහ එහි ලාභය ඉහළ දැමීම සඳහාම වෙන්වූ ඊ-වාණිජ ද්වාරයක් (e-commerce portal) සකස් කිරීම. මෙමගින් පාරිභෝගිකයන්ට කාබනික නිෂ්පාදන පහසුවෙන් හඳුනාගෙන ලබාගත හැකි වනු ඇත.
  8. 'ස්මාට්' වගාව -SMART farming ක්‍රියාවට නැංවීම
    1. වගා බෝග සැකසීම සහ අධීක්ෂණය.
    2. සත් දින කාලගුණ අනාවැකි.
    3. කාලගුණය පදනම් කර ගත් උපදේශන සේවා සහ ස්මාට් තාක්ෂණය පදනම් කරගත් දේශගුණික වාරි මාර්ගික කෘෂි කාර්මික වැඩසටහන.
    4. පොහොර යෙදීමේ නිර්දේශ සැපයීම.
    5. පලදාවේ අදියර අධීක්ෂණය.
    6. වගාබිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම.
    7. පලදාව සඳහා අවම මිලක් ගොවීන්ට සහතික කිරීමට ක්ෂේත‍්‍ර සමීක්ෂණ.
    8. අස්වැන්න පිළිබඳ පුරෝකථන.
    9. වගා බෝග සඳහා පලිබෝධ රෝග පිලිබඳ කාලීන උපදේශන සේවා සැපයීම.
    10. තවානේ සිට වෙළඳපොල දක්වා නිරන්තර පිරික්සුම.
    11. ගොවීන් සඳහා පලදාව පිළිබඳ ජංගම දුරකථන උපදේශන සේවාව.
    12. වගා බිම් වපසරිය සහ නිෂ්පාදන ඇස්තමේන්තුව අවබෝධ කර ගැනීම සඳහා චන්ද්‍රිකා ඡුායාරූප හරහා ශ‍්‍රී ලංකාවේ වගා බිම් සිතියම්කරණය සම්පූර්ණ කිරීම. (උදා : ඉන්දියාවේ බිහාර් සහ මධ්‍ය ප්‍රදේශ්).
    13. ඇල්ගොරිතම ගණිත ක‍්‍රමය (Algorithm-based) පදනම් කරගෙන සැපයුම්කරුවන් සහ ගනුම්කරුවන් ගැළපීම.
    14. රට පුරා අස්වැන්න පුරෝකතනය කිරීම තුලින් කෘෂි අස්වැන්න අපතේ යෑම් අවම කිරීම සහ ප‍්‍රශස්ත ගබඩා විසඳුම් සැපයීම.
  9. සියලූම ආනයනය කරන සියලූම නැවුම් කෘෂි නිෂ්පාදන (දැනටමත් දේශීය ලෙස නිපදවන) සඳහා 100% ආනයනික බද්දක් පැනවීම. මෙයින් 50% ක් වගා කන්නය ආරම්භයේදී අය කිරීම සහ ඉතිරි බදු මුදල පසු අදියරකදී අය කර ගැනීමට සැලස්වීම.
  10. සෑම දිස්ත‍්‍රික්කයකම ආර්ථික මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීම.
  11. බෝග වගාව පිළිබඳ තාක්ෂනික කරුණු ඇතුලත් වීඩියෝ දර්ශන සිංහල හා දමිල මාධ්‍යයෙන් යූ ටියුබ් හරහා බෙදා හැරීම.
  12. බීජ වගාව, යෙදවුම් සැපයීම සහ අලෙවිකරණය පිළිබඳ එදිනෙදා තොරතුරු අන්තර්ජාලය හරහා ගොවීන්ට සැපයීම.
  13. කෘෂි නිෂ්පාදන පරිභෝජනය ප‍්‍රවර්ධනය කිරීම, තොග වෙළඳපොල ශක්තිමත් කිරීම, ගොවින් සහ කෘෂි සමූපකාර සමිති සංවර්ධනය සහ කෘෂි සමූපකාර වෙළඳපොළ ප‍්‍රවර්ධනය කිරීම හා කොන්ත‍්‍රාත් වගාව (contract farming) ප‍්‍රවර්ධනය කිරීම සඳහා දේශීය අලෙවිකරණ මාර්ග යොදාගැනීම සහ අලෙවි ප‍්‍රචාරණය සිදුකිරීම.
  14. දිස්ත‍්‍රික්ක මට්ටමේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා කෘෂි නිෂ්පාදන ගබඩා පහසුකම් සමග අවශ්‍ය ප‍්‍රවර්ධන සබඳතා තහවුරු කිරීමට ජාතික ගබඩා ජාලකයක් පිහිටුවීම.
  15. කුලී- පාරිභෝගික ගෙවීම් පදනම මත කෘෂි යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට හැකියාව බැලීම සඳහා ජංගම දුරකථන යෙදවුම් ක‍්‍රමයක් නිර්මාණය කිරීම.
  16. පහත දෑ සැපයීම මගින් විශාල පරිමාණයේ දෙමුහුම් බීජ උද්‍යාන 10 ක් විවෘත කිරීමට පුද්ගලික අංශයට සහයෝගය දැක්වීම,
    1. රජයේ ගොවිපොළවල් හරහා ගසකට පොල් ගෙඩි 120 ක පලදාවක් ලබාදෙන දෙමුහුම් පොල් බීජ (Hybrid (DXT) coconut seeds) ලබාදීම.
    2. කෘතිම පරාගනය සඳහා පුහුණුව.c

කෘෂි අපනයන.

  1. කෘෂි අපනයන දිරි ගැන්වීම වෙනුවෙන් සියලූ ගුවන් සේවාවන් සඳහා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ, පලාලි, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල, මත්තල සහ මහනුවර දිගන නොමිලේ ගොඩබෑමේ සහ නවතා තැබීමේ පහසුකම් සැපයීම
  2. ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල සහ මහනුවර (දිගන) සිට අන්තර්ජාතිකව පියාසර කරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් සේවා සඳහා පහසුකම් සැපයීම.
  3. සියලූම කෘෂි ආනයන අවම කිරීම සහ පුරෝකථනය කළ හැකි ආනයන හා අපනයන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීම.
  4. දූරියන් සහ අඹ අපනයනට අවශ්‍ය පැළ වර්ග සහ තාක්ෂණය පුද්ගලික අංශයට සපයමින් ඇ.ඩො. මිලියන 300 ක ඉලක්කයක් වෙත ළ`ගා වීම සඳහා පොදු හා පුද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කිරීම.

    දූරියන් පැළ තායිලන්තයෙන් ගෙන්වා පැළ තවාන් ආරම්භ කිරීමට සහ පැළ අලෙවියට ඉඩ ලබාදීම.

  5. තායිලන්තයෙන් ආනයනය කල ළපටි පැළ පොල් පුද්ගලික අංශයට ලබා දෙමින් ඔවුන්ට ඒකල බීජ උද්‍යාන විවෘත කිරීමට සහ පැළ අලෙවියට අවස්ථාව ලබාදීම.
  6. අගය එකතු කරන ලද කෘෂි නිෂ්පාදන දේශීය වෙළඳපොලට ඉදිරිපත් කිරීම හා අපනයනය දිරිමත් කිරීම සඳහා විරාම ලබාදීම.

පොල් සංවර්ධන ක්‍රියාකාරී සැලැස්ම

පොල් නිෂ්පාදන 2020 වර්ෂයේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් 8.8% දක්වා දායක විය.

සෑම වසර 6 කට වරක් ජනගහනය මිලියනයකින් වැඩිවේ. වැඩිවන දේශීය ඉල්ලුම හා පරිභෝජනය සඳහා අතිරේක පොල් මිලියන 200 ක් අවශ්‍ය වේ.

ඉලක්ක

  • වාර්ෂිකව බිලියන 4.2 ක ශුද්ධ නිෂ්පාදන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා දැනට පවතින බිලියන 3 ක පොල් නිෂ්පාදනය, 40% කින් ඉහළ දැමීම.
Snow

ක්‍රියාකාරී සැලැස්ම


  1. පොල් අංශයේ සංවර්ධනය පිළිබඳ දැනුම රැස් කිරීම සඳහා, වර්තමානයේ ගෝලීය සහ දේශීය වශයෙන් භාවිත වන හොඳම ක්‍රමවේදයන් පිළිබඳ කරුණු විවරණය කිරීම.
  2. මෙම අංශය සංවර්ධනය කිරීම සඳහා පොල් පර්යේෂණ මණ්ඩලය, පොල් වගා මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය එක ඒකකයක් ලෙස ක්‍රියා කළ යුතුය.
  3. පොල් රෝපණය කළ ප්‍රදේශවලට ආසන්නව ප්‍රාදේශීය කාර්යාල පිහිටවීම. එසේ නොවේ නම්, මෙම පොල් වගාවන්හි අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාදේශීය කාර්යාල වෙනත් ස්ථානයකට ගෙන යාම / සංඛ්‍යාව වැඩි කිරීම.
  4. පොල් වගා බිම් 20% කින් පුළුල් කිරීම, එනම් පොල් වගා කිරීම සඳහා අතිරේක අක්කර 200,000 ක ඉඩක් වෙන් කිරීම.
  5. පොල් වගාව සඳහා දැනට භාවිතා කරන මුළු භූමි ප්‍රමාණය අක්කර දසලක්ෂ අනුපන්දහසකි (1,095,000) කි. පොල් වග කරන භූමි ප්‍රමාණය වැඩි කිරීම සඳහා ග්‍රාම නිලධාරී වසම් 14,022ක් ආවරණය වන පරිදි, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ද සහභාගී කරවාගනිමින්, අක්කරයකට ගස් 50 ක් අක්කරයකට ගස් 60 දක්වා වැඩි කළ හැකි පවත්නා ඉඩම්වල ඇති ඉඩ ප්‍රමාණය හඳුනා ගැනීම.
  6. සෑම ග්‍රාම නිලධාරි කොට්ටාශයකම සියලුම කෘෂිකාර්මික සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීම සඳහා පහත කරුණු ආවරණය වන ලෙස සිංහල හා දෙමළ භාෂාවෙන් පුහුණු වීඩියෝ නිර්මාණය කිරීම.
    • දැනට පවත්නා පොල් වගා බිම්වල (කුඩා වතු හිමියන්ගේ) හිස් ඉඩ හඳුනා ගන්නේ කෙසේද
    • පොල් සිටුවීමට භාවිතා කළ හැකි වෙනත් කුඩා ඉඩම් හඳුනා ගන්නේ කෙසේද
    • වගා පිළිවෙත්
    • ජල කළමනාකරණය
    • පෝෂණ කළමනාකරණය
    • පළිබෝධ සහ රෝග කළමනාකරණය
    • පොල් සඳහා ගොවිපල උපකරණ
    • අස්වනු හා පසු අස්වනු තාක්ෂණයන්
    • පොල් සැකසීම
    • පොල් සඳහා යෝජනා ක්‍රම සහ සේවා
    • පොල් සඳහා අලෙවිකරණ උපාය
    • ගොවි-නිලධාරී සම්බන්ධතාවය පවත්වා ගන්නේ කෙසේද?
  7. 2020 දී පොල් බීජ නිෂ්පාදනය බීජ පැල මිලියන 2 ක් පමණි. 2021 සඳහා ඉලක්ක කර ඇත්තේ බීජ පැල වසරකට මිලියන 4 දක්වා වැඩි කිරීමයි. ඉදිරි වසර 10 සඳහා මිලියන 4 ක බීජ පැල අඛණ්ඩව පවත්වාගෙන ගියහොත්, එය දශකයක් තුළ ගස් මිලියන 40 ක වගාවකි.
  8. අක්කරයකට පොල් 2,500 - 3,000 ක් වගා කෙරේ. සාමාන්‍යයෙන්, ගසක ගෙඩි 50ත් 60ත් අතර ප්‍රමාණයක් ඇත. එක් අක්කරයක සාමාන්‍යයෙන් එවැනි පොල් ගස් 50 ක් වග කෙරේ. ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ එක් ගසකට නිපදවන ගෙඩි ප්‍රමාණය අඩුය. එක් ගසක ගෙඩි 60ත් 90ත් අතර ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම සඳහා දෙමුහුන් පොල් වර්ග හඳුන්වා දිය යුතුය.
  9. ශ්‍රී ලංකාවේ ඉහළ අස්වැන්නක් සහිත පොල් ප්‍රභේදවල බීජ හිඟය පියවා ගැනීම සඳහා, අක්කර 100 ක් හෝ ඊට වැඩි ඉඩම් හිමි පුද්ගලයින් ධෛර්යමත් කිරීමට, ඕනෑම දෙමුහුන් පොල් ප්‍රභේදයකින් බීජ පැල 6,400 දීමට කටයුතු කල යුතුයි. එමගින් පෞද්ගලික අංශයට අයත් මහා පරිමාණ පොල් බීජ ගොවිපොළවල් 10ක් ඇති කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුය.
  10. දැනට වාර්ෂිකව මිලියන 1.5ක පොල් පැළ ප‍්‍රමාණයක් වගා කෙරේ.

    සෑම අවුරුද්දකම රජය මඟින් විශේෂ සහනාධාර පස් අවුරුදු වැඩපිළිවෙලක් යටතේ පොල් පැළ මිලියන 4ක් වගා කිරීමෙන්, අවුරුදු 5කින් පොල් පැළ මිලියන 20ක් වගා කර, එමගින් අමතර පොල් ගෙඩි බිලියන 1.2ක් පොල් ආශ‍්‍රිත කර්මාන්ත ක්ෂේත‍්‍රයට අළුතින් ලබා දිය හැක.

    එක පොල් ගෙඩියක් ඇමරිකානු ඩොලර් සත 50කට කර්මාන්තයට එකතු කිරීමෙන්, මෙම පස් අවුරුදු සැලැස්ම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 600ක ආදායමක් උපයා ගත හැක.
  11. සෑම ගමකම පොහොර නිරන්තරයෙන් ලබා දීම.
  12. පොල් වගාවේ ජල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කර නොමිලේ ප්‍රවේශය ඇතිව ගොවීන්ට youtube ඔස්සේ නැරඹීමට සහ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දීම.
  13. ඉන්දියාවේ තමිල්නාඩු කෘෂිකාර්මික විශ්ව විද්‍යාලය විසින් හඳුන්වාදෙන ලද coconut expert system ක්‍රමයට සමාන යෙදුමක් හඳුන්වා දීම.
    • පොල් සඳහා වගා පිළිවෙත්
    • පොල් සඳහා ජල කළමනාකරණය
    • පොල් සඳහා පෝෂක කළමනාකරණය
    • පොල් සඳහා පළිබෝධ සහ රෝග කළමනාකරණය
    • පොල් සඳහා ගොවිපල ක්‍රියාත්මක කිරීම (උපකරණ)
    • පොල් සඳහා අස්වනු හා පසු අස්වනු තාක්ෂණය
    • පොල් සැකසීම
    • පොල් සඳහා යෝජනා ක්‍රම සහ සේවා
    • පොල් සඳහා අලෙවිකරණ සහ ආයතන
    යන ඒවගෙන් සමන්විත වේ.
  14. නව තාක්ෂණයන්, ඉඩම් පුළුල් කිරීම, බීජ පැළ තවාන් සංවර්ධනය සහ වෙනත් නව ව්‍යාපෘති සඳහා මුල පිරීම් වැනි ක්ෂේත්‍රවල වැඩි දියුණු කළ යුතු අංශ හඳුනා ගැනීම සඳහා ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ පොල් සංවර්ධන මණ්ඩලය සමඟ සංසන්දනාත්මක අධ්‍යයනයක් සිදු කිරීම.
  15. කෙටි කඳ සහ කඳ උසෙහි මන්දගාමී වර්ධනයක් ඇති පොල් වර්ග හඳුන්වා දීම.
  16. එකම පොල් වතුර රසයක් ඇති තැඹිලි ප්‍රභේදයක් හඳුන්වා දීම.
  17. අපනයන අරමුණු සඳහා තායිලන්තයේ මිහිරි ලපටි පොල් වලට සමාන පොල් වතුර රසයක් ඇති මිහිරි ලපටි පොල් හඳුන්වා දීම.
  18. කාර්යක්ෂම අන්තර් බෝග කළමනාකරණය,
    • දැනට පොල් වග කර ඇති ඉඩම් අක්කර දස ලක්ෂ අනු පන්දහසක ඉඩම් අතරින් ගොවීන්ට වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රම්බුටන්, කහ, ගම්මිරිස්, වැනිලා, කෙසෙල්, අන්නාසි, කටු ඇනෝඩා වැනි වෙනත් භෝග වගා කර ඇති ඉඩම් හඳුනා ගැනීම.
    • දැනට පොල් වග කර ඇති ඉඩම් අක්කර දස ලක්ෂ අනු පන්දහසක ඉඩම් අතරින් ගොවීන්ට වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රම්බුටන්, කහ, ගම්මිරිස්, වැනිලා, කෙසෙල්, අන්නාසි, කටු ඇනෝඩා වැනි වෙනත් භෝග වගා කර නොමැති ඉඩම් හඳුනා ගෙන එම ඉඩම් සඳහා ඉහත සඳහන් කළ අන්තර් භෝග හඳුන්වා දීම.
  19. පොල් මදය, කෙඳි, පොල් කටුව, නිමි භාණ්ඩ (කෙඳි ආශ්‍රිත) මෙන්ම පොල් ඉරටු සහ පොල් ආශ්‍රිත හස්ත කර්මාන්ත / දැව වැනි අනෙකුත් නිෂ්පාදනවල අපනයන අදායම 2020 දී ඇමරිකානු ඩොලර් මිලියන 665 ක් විය. තේ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,240 ක් වූ අතර රබර් ඇමරිකානු ඩොලර් මිලියන 816 ක් විය.
  20. ශ්‍රී ලංකාවේ මුළු කුටුම්භ මිලියන 5.7 කි. එයින්, 36% ක් (මිලියන 2) බ්ලෙන්ඩර් පාවිච්චි කරයි. පොල් කිරි නිස්සාරණය සඳහා බ්ලෙන්ඩර් භාවිතා කරන්නේ ඔවුන්ගෙන් 50% ක් (මිලියනයක්) පමණි. කිරි නිස්සාරණය සඳහා දැනට බ්ලෙන්ඩර් භාවිතා නොකරන ඉතිරි පවුල් මිලියනයක කොටස සඳහා, පොල් කිරි නිස්සාරණය සඳහා බ්ලෙන්ඩර් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ වීඩියෝවක් කළ හැකිය.
  21. ගෘහස්ථ ආහාර පිසීමේදී තෙල් භාවිතය අවම කිරීම සඳහා air fryer වැනි තෙල් භාවිතා නොකරන උපකරණ හඳුන්වා දිය හැකිය.
  22. රෝපණය කරන ලද පොල් අක්කර වලින් 5% කට (අක්කර 50,000 කට) සහනාධාර ලබා දීමට උපාය මාර්ග සකස් කිරීම. දැනට සහනාධාරවලින් ප්‍රතිලාභ ලබන්නේ අක්කර 3,000 ක් පමණක් වන අතර එය පොල් වගාව යටතේ ඇති මුළු භූමි ප්‍රමාණයෙන් 0.3% ක් පමණි.
  23. පොල්තෙල් ලිහිල් තෙල් ලෙස විකිණීම අධෛර්යමත් කරන්න. බොහෝ විට ලිහිල් පොල්තෙල් අලෙවි කරන වෙළෙන්දෝ පිරිසිදු පොල්තෙල් මිල දී ගැනීම මිල අධික බැවින් පොල්තෙල් ප්‍රමාණය වැඩි කිරීමේ ක්‍රමයක් ලෙස පාම් ඔයිල් මිශ්‍ර කරති.