ඉලක්ක

  • සෑම ඔලිම්පික් වර්ෂයකදීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙක් සහභාගි කිරීම.
  • කලාපීය, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් තරුණ හා ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය හා සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් සහ පහසුකම් සපයන්නෙකු ලෙස ක්‍රියා කිරීම සහ ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.
  • තාරුණ්‍යය වඩා යහපත් අනාගතයක් සඳහා සවිබල ගැන්වීම හා පුරවැසියන් අතර ක්‍රීඩාකාමී සංස්කෘතියක් නිර්මාණය කිරීම මඟින් තාරුණ්‍යයේ අපේක්ෂා සහ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම.

ක්‍රියාකාරී සැලැස්ම - තාරුණ්‍යය


  1. තරුණ මධ්‍යස්ථානවල පුහුණු වැඩසටහන් තුළින් තරුණ රැකියා ප්‍රවර්ධනය කිරීම.
    1. වැඩසටහන් ගත කළ හැකි තාර්කික පාලනය (Programmable logic control)
    2. පරිගණකය ආධාරයෙන් නිර්මාණකරණය (CAD)
    3. පරිගණක ආධාරයෙන් නිෂ්පාදනකරණය (CAM)
    4. පරිගණක ආධාරක ඉංජිනේරුකරණය (CAE)
  2. පුද්ගලික මූල්‍ය කළමනාකරණය පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම සඳහා අන්තර්ජාල බිහිදොරක් හඳුන්වා දීම.
  3. කලාව, සංගීතය, මාධ්‍යය, නැටුම්, ව්‍යවසායකත්වය සහ ක්‍රීඩාව යන ක්‍ෂේත්‍ර වෙනුවෙන් සම්පත් ලබාදීම, උපදේශනය ලබාදීම සහ කර්මාන්ත සම්බන්ධතා සැපයීම ප්‍රවේශය ලබා ගැනීම කුසලතා හඳුනා ගැනීමේ හා සංවර්ධනය කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීම.
  4. ආරම්භක ව්‍යාපෘතියන්හි අවදානම අඩුකරගැනීමට අදහස් සහ නියමු ව්‍යාපාර සඳහා සම-වැඩ අවකාශයක් හඳුන්වා දීම.
  5. ආරම්භක අදහස් ඊළඟ මට්ටමට ගෙන යාම සඳහා තෝරාගත් කණ්ඩායම් 21 ක් වෙත විකල්ප වැඩමුළු 22 ක් සහ උපදේශකත්වය සපයමින් මාස 6 ක සාමාජිකත්ව වැඩසටහනක් හඳුන්වා දීම.
  6. ක්‍ෂේත්‍ර ප්‍රවීණයන් චින්තනයින් සහ ව්‍යවසායකයින් (අනාගත නැගී එන තරුණ ව්‍යවසායකයින් සමග සිය අත්දැකීම් බෙදා ගන්නා සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට ආරාධනය කෙරෙනු ඇත.
  7. රැකියා වෙළඳපොළ ඉල්ලූමට සරිලන නව පාඨමාලා ජාතික තරුණ සභාව හරහා හඳුන්වා දීම.
    1. නිර්දේශිත පාඨමාලා
      • යෝග්‍යතා උපදේශකයන්
      • සිල්ලර විකුණුම්
      • ගෙවතු වගාව
      • පිළිගැනීමේ නිලධාරී
      • ආපනශාලා සේවකයින්
      • වේටර්වරු
      • දරුවන් රැකබලා ගන්නන්
      • රෝහල් සාත්තු සේවකයින්
      • පිරිසිදු කිරීමේ වෘත්තිකයන්
  8. ජාතික තරුණ සේවා සභාව මගින් රැකියා සොයාගැනීම සඳහා සහාය වන සේවා හඳුන්වා දීම.
  9. අන්තර්ජාල වීඩියෝ පාඩම් මගින් පුද්ගලික සහ මෘදු කුසලතා (soft-skills) සංවර්ධනය සඳහා පහසුකම් සැපයීම.

ග්‍රාමීය තරුණ රැකියා නියුක්තිය සඳහා මුලපිරීම්

  1. සෑම දිස්ත්‍රික්කයකම රැකියා විරහිත තරුණ තරුණියන් Geo-tag කිරීම සහ ඔවුන්ගේ සුදුසුකම් මත සුදුසු රැකියා ලබා දීම.
  2. ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටි සහ රැකියා සොයාගැනීම පිළිබඳ උපදේශන හඳුන්වා දීම.
  3. 12 ශ්‍රේණිය සම්පූර්ණ නොකර පාසැල් හැරගිය හෝ දැනට රැකියා විරහිතව සිටින වයස අවුරුදු 13 ත් 19 ත් අතර තරුණ තරුණියන්ට උපකාර කිරීම සඳහා තරුණ සම්බන්ධතා වැඩසටහනක් සංවිධානය කිරීම.
    1. මෙම වැඩසටහන හරහා, තනි පුද්ගල අධ්‍යාපන හා පුහුණු අවශ්‍යතා අනුව මග පෙන්වීම් ලබා දීම.
    2. දුර්වල අධ්‍යාපන කුසලතා සහිත රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා පූර්ව වෘත්තීය පුහුණු වේදිකාවක් ලබා දීම.
      • මීට අමතරව, වෙනස් හැකියාවන්ගෙන් යුක්ත පුද්ගලයන්ගේ අද්විතීය කුසලතාවන් සහ හැකියාවන් හඳුනා ගැනීම සඳහා තරුණ සම්බන්ධතා වැඩසටහන මගින් සේවාවන් සපයනු ඇත.
      • මෙම වැඩසටහන සැලසුම් කරනු ඇත්තේ ස්වාධීනත්වය, ජීවන කුසලතා සහ වැඩ-සූදානම සංවර්ධනය කිරීම සඳහා ය.

ආරම්භක ව්‍යාපාරිකයන්හට සහය -Assistance to startups

  1. ලොව පුරා හොඳම startup magazines අඩංගු අන්තර්ජාල වේදිකාවක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම හඳුන්වා දීම. එම සඟරා සතිපතා අන්තර්ජාලයට එක් කරනු ඇත.
  2. දින 5 කදී කර්මාන්ත 5 ක් ආවරණය වන පරිදි ආරම්භක ව්‍යාපාරකයින්හට රියැලිටි වැඩසටහන් කිරීමට සඳහා හොඳම යෝජනා ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකා සඳහා රුපියල් බිලියන 5 ක් (රුපියල් බිලියන 1x5 රූපවාහිනී නාලිකා) (සිංහල රූපවාහිනී නාලිකා 3 ක්, දෙමළ නාලිකාවක් සහ ඉංග්‍රීසි නාලිකාවක්) වෙන් කිරීම.
  3. ව්‍යාපාරික මාර්ගෝපදේශන, අන්තර්ජාලීය පාඨමාලා, වෙළඳපොළ පර්යේෂණ සහ හවුල්කාර සේවා වැනි නොමිලයේ ලබාගත හැකි සම්පත් පිළිබඳ විස්තර ඇතුළත් ආරම්භක ව්‍යාපාරිකයින් සඳහා වන බිහිදොරක් (startup portal) සංවර්ධනය කිරීම.
  4. රට තුළ ආයෝජන ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ සුදුසුකම් ලත්, "Angel-investor", ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා (angel-investors tax deduction scheme-AITD) ස්ථාපිත කිරීම. සුදුසුකම් ලත් ආරම්භක ව්‍යාපාරිකයකු සඳහා අවම වශයෙන් රු. මිලියන 1 ක සුදුසුකම් ලත් ආයෝජනයක් වසර දෙකක රඳවා ගැනීමේ කාල පරිච්ඡේදය අවසානයේ කරන ඒන්ජල් ආයෝජකයෙකු ඔහුගේ ආයෝජන මුදල සඳහා 50% ක බදු අඩු කිරීමක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
  5. උපදේශනය, ව්‍යාපාරික විද්‍යාගාර පහසුකම්, මූල්‍ය උපදෙස්, ශිෂ්‍ය පේටන්ට් වැඩසටහන්, බුද්ධිමය දේපල වාණිජකරණය කිරීම(IP commercialisation) වැනි සේවාවන් සපයන සිසුන් වෙත ස්ටාටප් ඉන්කියුබේටර් (startup incubators) විශ්ව විද්‍යාල තුල ආරම්භ කිරීම.
  6. රැකියා විරහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 18-37 සිට) හට ව්‍යවසායකයින් වශයෙන් බැංකුගත කළ හැකි ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට එක් වරක් පමණක් සපයන පොලී රහිත ණයක් ලෙස රු. 750,000 ක් දක්වා ප්‍රාග්ධනයක් ලබාදීම.


ක්‍රීඩාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම

ස්මාට් ක්‍රීඩා -Smart Sports

  1. සියලූම ක්‍රීඩා වාර්තා ඩිජිටල්කරණය කිරීම සහ සෑම ක්‍රීඩකයකුම පාසල් මට්ටමේ සිටම කළමනාකරණය කිරීම සඳහා වේදිකාවක් සංවර්ධනය කිරීම.
  2. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී සංකලන තෝරා ගැනීමට AI(කෘත්‍රිම බුද්ධිය) භාවිතා කිරීම.
  3. අනාගත කාර්ය සාධනය පුරෝකථනය කිරීම සඳහා පුහුණු සැසි සහ තරඟ වලදී ඉතා වැදගත් දත්ත සංඛ්‍යාලේඛන සොයා ගැනීමට ඉහළ කාර්යශූරත්වයක් ඇති ක්‍රීඩකයන් (high calibre players) ස්මාර්ට් ඇඟලූම් සහ පළඳනා වල සහය ලබා ගැනීම.
  4. පුහුණුකරුවන් සඳහා අන්තර්ජාලය මගින් පුහුණු සහ පාඨමාලා සඳහා වීඩියෝපට ලබා දීම.

මලල ක්‍රීඩා

  1. පාසල් මලල ක්‍රීඩා සඳහා ‘‘ජාතික ක්‍රීඩා කුසලතා බිහිදොරක්’’ ("National Sports Talent Portal") හඳුන්වා දීම
    • දිවීමේ ඉසව් - මීටර් 100 සිට මැරතන් දක්වා
    • පිටියේ ඉසව් - උස පැනීම, හෙල්ල විසි කිරීම ඇතුළු සියලූම පිටියේ ඉසව්

    සියලූම පාසල් සඳහා පාසැල්, කොට්ඨාශ, කලාප, පළාත් සහ සමස්ත ලංකා මට්ටම් වල මලල ක්‍රීඩා වාර්තා මෙම බිහිදොරෙහි ඇති බව සහතික කෙරෙනු ඇත.

    ඔලිම්පික් මට්ටමට ළඟා වීමේ හැකියාව ඇති ඉහළම දක්ෂතා දක්වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 ක් තෝරාගෙන සංචිතයක් නිර්මාණය කර ඔවුනට කොළඹදී අධ්‍යාපනය, නවාතැන් හා වියදම් සමගින් පුහුණුව ලබාදීම.

  2. සියලූම ප්‍රධාන ක්‍රීඩා සඳහා ක්‍රීඩා ශිල්පීය ක්‍රම ඉගැන්වීම සඳහා වීඩියෝ භාවිතා කරන අන්තර්ජාල බිහිදොරක් හඳුන්වා දීම.
  3. පුහුණුකරුවන්ගේ පුහුණුව සඳහා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය වැඩි දියුණු කිරීම හා පුළුල් කිරීම,
    1. පුහුණු අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දීම සහ, ඒවා පුහුණුකරුවන් සහ ක්‍රීඩා කණ්ඩායම් කළමනාකරුවන් හට ලබා ගත හැකි ලෙස සකස් කිරීම. මේ හරහා පුහුණු කිරීමේ කුසලතා, ක්‍රීඩා ඖෂධ මෙන්ම, භෞත-චිකිත්සාව යථා සුවය කළමනාකරණය යනාදි හා සබැඳි කුසලතා කට්ටල ද සංවර්ධනය කෙරේ.
    2. ‍ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා අන්තර්ජාල පාඨමාලා සහ පුහුණු වීඩියෝ නිර්මාණය කිරීම.
  4. ජාත්‍යන්තර පළපුරුද්ද ඇති ක්‍රීඩකයන් සහාය පුහුණුකරුවන් ලෙස බඳවා ගැනීම.
    විවිධ අංශවල පුහුණු ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඉහළම දක්ෂතා දක්වන අය කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත කර ගනු ඇත.
  5. ක්‍රීඩා කණ්ඩායම් සඳහා අනුග්‍රහය දක්වන සමාගම් වලට බදු දිරි දීමනා (tax incentives) ලබා දීම.
  6. සෑම පළාතකම කෘත්‍රිම රබර් මලල ක්‍රීඩා ධාවන පථයක් සහිත ක්‍රීඩාංගනයක් සංවර්ධනය කිරීම.
  7. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පහසුකම් ශාරීරික සුවතා මධ්‍යස්ථාන සහ පිහිනුම් තටාක සඳහා මහජන ප්‍රවේශය ලබාදීම.
    මේ සඳහා නාමික ගාස්තුවක් අය කළ හැකිය. සියලූම පහසුකම් පුහුණුවලත් පුහුණුකරුවකුගේ අධීක්ෂණය යටතේ භාවිත කළ යුතුවෙයි.
  8. ක්‍රීඩා කටයුතු වල නිරතවීම සහ පුහුණු වීම මගින් විවිධ හැකියා ඇති පුද්ගලයින්ට සහාය වීමට විශේෂ පහසුකම් ඇති ක්‍රීඩා මධ්‍යාස්ථානයක් පිහිටුවීම.
  9. වත්මන් ක්‍රීඩා සංකීර්ණ (sports complexes) සංවර්ධනය කිරීම.
    1. ක්‍රීඩා සංකීර්ණ ‘‘ක්‍රීඩා සමාජ’’ - "sports clubs" ලෙස යලි සන්නාමකරණය කිරීම සෑම දිස්ත්‍රික්කයකටම පිහිනුම් තටාකයක්, කායවර්ධන මධ්‍යස්ථාන (gym), ක්‍රීඩා පිටියක් ඇතුළු සියලූම ප්‍රධාන පහසුකම් සහිත අංගසම්පූර්ණ එක් ක්‍රීඩා සමාජයක් ලබා දීම.
    2. භෝජන අවකාශ සහ ක්‍රීඩා කඳවුරු යනාදී විනෝදාස්වාදය සපයන ක්‍රියාකාරකම් වලින් මෙම ක්‍රීඩා සමාජ සමන්විත වෙයි.
    3. කොළඹ සිට කිලෝමීටර 15 ක් ඇතුළත ක්‍රීඩා නගරයක් (sports city) ගොඩනැගීම. මෙයට ක්‍රීඩා ඇකඩමියක්, විනෝදාස්වාදය සපයන කලාපයක් සහ විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළත් වේ.
  10. පෞද්ගලික අංශය සමග ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ක්‍රමෝපායක් ස්ථාපති කිරීම.
    දැනට තිබෙන අඩුවෙන් ප්‍රයෝජනයට ගන්නා යටිතල පහසුකම් අවකාශයක් වසර 50ක නිශ්චාත කාලයක් සඳහා රජය විසින් බදු දෙනු ලැබේ. පුද්ගලික ආයතන විසින් එම පහසුකම ප්‍රතිසංස්කරණය කර පරිශ්‍රය නඩත්තු කෙරෙනු ඇත.
  11. පිහිනුම් තටාක, පාපැදි, ක්‍රිකට් හෝ පාපන්දු ක්‍රීඩාංගන වැනි ආසන්නයෙම තිබෙන ක්‍රීඩා පහසුකම් සොයාගැනීම සඳහා යෙදවුමක් (ඇප් එකක්) ක්‍රියාවට යෙදවීම.
  12. විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය සමඟින් ක්‍රිකට්, හොකී, පැසිපන්දු, වොලිබෝල්, නෙට්බෝල් සහ පාපන්දු සඳහා ක්‍රීඩා ලීග තරඟ පැවැත්වෙනු ඇත.
  13. සංවිධායකවරුන්ව සහ සහභාගීවන්නන්ට පහසු ලෙස නවතැන් ආදී පහසුකම් සපයා දිය හැකි එ් සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සහ සෙසු පහසුකම් වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර තුන් ඉසව් මලල ක්‍රීඩා තරඟ (triathlon) පැවැත්වීම ශ්‍රීලංකාව වෙත ආකර්ෂණය ලබාගැනීම.
    තුන් ඉසව් මලල ක්‍රීඩා තරග (triathlon) සඳහා යෝජිත ප්‍රදේශ වන්නේ හම්බන්තොට, කොළඹ, නුවරඑළිය සහ ත්‍රිකුණාමලයයි.
  14. ජාත්‍යන්තර ගොල්ෆ් තරඟාවලි ශ්‍රීලංකාවට ලබාගැනීම සඳහා දැනට තිබෙන ගොල්ෆ් පිටි සහ පහසුකම් සංවර්ධනය කිරීම.
  15. ක්‍රීඩා සඳහා කී‍්‍රඩා කාර්ය දින දර්ශනයක්‘ (event calendar) පවත්වාගෙන යාම.
  16. අංගම්පොර, කබඩි සහ එල්ලේ වැනි සාම්ප්‍රදායික ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම.

ක්‍රිකට්

  1. “ජාතික කුසලතා බිහිදොර” ("National Talent Portal") තුළට ක්‍රිකට් ඇතුළත් කිරීම සහ රට පුරා සිටින සෑම ක්‍රීඩකයෙකුගේම පුද්ගල කාර්ය සාධන මට්ටම් හඳුනා ගැනීම.
  2. විශේෂයෙන්ම ක්‍රිකට් වැනි ක්‍රීඩාවලදී තනි තනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා කට්ටල කල්තබා හඳුනා ගැනීම සඳහා AI තාක්ෂණය භාවිත කිරීම.
  3. ක්‍රීඩකයන්ගේ සහ පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දත්ත එක්රැස් කරගැනීමට ස්මාර්ට් පිති සහ ස්මාර්ට් බෝල භාවිතා කෙරේ. මෙම`ගින් ක්‍රීඩකයින් පිළිබඳ තීරණ ගන්නන් හට දක්ෂතම ක්‍රීඩකයන් විශ්ලේෂණය කිරීමට සහ තෝරාගැනීමට හැකියාව ලැබේ.
  4. දේශීය මට්ටමේ ප්‍රමිතීන් සහිතව සෑම දිස්ත්‍රික්කයකම ක්‍රිකට් පිටිය බැගින් සංවර්ධනය කිරීම.
  5. රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ජාත්‍යන්තර පිටියක් ලෙස සංවර්ධනය කිරීම.