ඉලක්ක

  • ආගමික ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ අපේ රටේ බහු වාර්ගික - බහු භාෂාමය සහ බහු-ආගමික අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම


  1. බුද්ධාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම ලෙස අවිවාදයෙන් යුතුව පිළිගන්නා අතර තුර විවිධ සුළුතර සංස්කෘතින්ද පිළිගන්නා බහු සංස්කෘතික රටක් ලෙස සවිඥාතකව අර්ථ දක්වන අතර මෙයට ව්‍යවස්ථාමය බැඳීමක්ද ලබා දීම.
  2. බහු සංස්කෘතික භාවය අපගේ ජාතික අනන්‍යතාවයේ නිර්වචනාංගයක් ලෙස හඳුනාගැනීම සහ එකිනෙකාගේ ආගමික පදනම, ඔවුන්ගේ ජාතියේ ඉතිහාසය, සංස්කෘතික සිදුවීම්, සමාජ අවශ්‍යතා, භාෂාවන් සහ සම්ප්‍රදායන් පිළිබඳ සත්‍ය අවබෝධයක් වර්ධනය කිරීම. ශ්‍රී ලාංකේය සමාජයේ විවිධත්වය සනාථ කළ යුතු අතර, රටේ බහු සංස්කෘතිකවාදී ස්වභාවයට බාධා කිරීමට ආගමික අන්තවාදයට ඉඩ නොදීමට කැප විය යුතුය.
  3. ආරක්ෂක ගැටළු සම්බන්ධව ප්‍රජාවන් සමග සාකච්ඡුා කිරීමට ප්‍රථමව, අධ්‍යාපනය, පුණ්‍ය කටයුතු, පුද්ගලික නීති සහ භෝජන නීති වැනි කාරණා සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනගා ගැනීම.
  4. පහත කරුණු ආවරණය වන පරිදි ආගමික හා බහු සංස්කෘතිකවාදී පනතක් පැනවීම
    • ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම හෝ වෛරය ප්‍රවර්ධනය කර හැකි, සිදු වූ හා සිදුවිය හැකි සිදුවීම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක්.
    • ආගමික සහ ජනවාර්ගික විවිධත්වය යන දෙකටම ගෞරවය සහ පිළිගැනීම ලබා දීම.
    • වෛරී අපරාධ සහ අන්තවාදී ක්‍රියාවන් "කිසිසේත්ම නොඉවසීම" (“Zero-tolerance”).
    • 4.1 පහත සඳහන් කරුණු ආවරණය වන පරිදි ආගමික සමගිය පිළිබඳ පනතක් සම්මත කිරීම.

    • ආගමික කණ්ඩායම් අතර වැරදි හැඟීම් හෝ වෛරය ප්‍රවර්ධනය කිරීම හා සම්බන්ධ විභවයන් සහ සත්‍ය සිදුවීම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක්.
    • මෙම හඳුනාගත් ගැටළු ආගමික හා ජනවාර්ගික සුළුතරයන් අතර දිගුකාලීන මතභේදයන්ට තුඩු දීමට පෙර වහාම විසඳිය යුතුය.
    • මහජනයා ප්‍රචණ්ඩත්වයට පොළඹවන සහ වෛරී කතාවන් මගින් සාමයට බාධා පමුණුවන ඕනෑම ආගමකට හෝ දෘෂ්ටිවාදයකට අයත් ආගමික කණ්ඩායම් හෝ සංවිධාන තහනම් කිරීම.
    • ආගමික අන්තවාදී සිදුවීම් තවදුරටත් ආමන්ත්‍රණය කිරීම. කිසියම් ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුවුවහොත්, තීන්දු කරුවන් "ප්‍රත්‍යක වගකීම" සහ "සමස්ත ප්‍රජාවකට සාපරාධී කි‍්‍රයාවක් පිළිබඳ චෝදනා කිරීම" යන මාතෘකා දෙකේ වෙනස පිළිබඳව පැහැදිළි ලෙස මහජනයා දැනුවත් කිරීම.
    • ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නියැළී සිටින, සහයෝගය දක්වන, සබඳතා පවත්වන ඕනෑම සංවිධානයක් හෝ විදේශීය ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වන ඕනෑම සංවිධානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම.
    • රටේ සුළු ජාතීන්ට එරෙහිව අනවශ්‍ය අගතියක් ඇති කළ හැකි ප්‍රවෘත්ති, මාධ්‍ය විසින් සංවේදීකරණය (sensationalise) නොකරන බවට සහතික වීම. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ “වගකීම් සහගත ප්‍රකාශනය” (“responsible expression”) අතර සියුම් සමබරතාවයක් තිබිය යුතු අතර, එම සමබරතාවය ඔන්ලයින් සහ ඕෆ්ලයින් යන දෙඅංශයේම ප්‍රවෘත්ති ප්‍රකාශන සඳහා සියලුම මාධ්‍ය ආයතන විසින් ක්‍රියාවට නැංවිය යුතුය.
    • ආගමික හා බහු සංස්කෘතික ආරක්ෂාව පිළිබඳ හරස් සංස්කෘතික (cross-cultural) වට මේසයක් සකස් කිරීම. මෙමගින් සියලු ආගමික හා ජනවාර්ගික වශයෙන් සුළුතර කණ්ඩායම්වල නායකයින් නියෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය අත්‍යවශ්‍යයෙන්ම එළිදරව් වන ඕනෑම ගැටළුවක් ඵලදායී ලෙස සාකච්ඡා කර ඒවා විසඳිය හැකි ක්‍රමවේදය තීරණය කරන සංසදයක් වනු ඇත.
    • 4.2 පුඕනෑම පුද්ගලයෙක් (පූජකවරයෙක්, භික්ෂුවක්, දේවගැතිවරයෙක්, ඉමාම්වරයෙක්, වැඩිමහල්ලෙක්, නිලයක් දරන්නෙක්) හෝ ඕනෑම ආගමික කණ්ඩායමක හෝ ආයතනයක බලධාරීවරයෙක්ව සිටින ඕනෑම පුද්ගලයෙකුට හෝ කිසියම් සාමාජිකයෙකු පහත සඳහන් කිසිඳු ක්‍රියාවක් සිදු කළ හෝ සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම සාමාජිකයෙකුට එරෙහිව ප්‍රතිබාධන නියෝග (restraining order) ක්‍රියාත්මක කිරීම.

    • විවිධ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම, වෛරී බව හෝ අමනාපය වැනි හැගීම් ඇති කිරීම.
    • කිසිඳු දේශපාලන න්‍යාය පත්‍රයක් අනුබල දීමට හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරමින් හෝ කිරීමේ මුවාවෙන් කිසියම් ආගමික විශ්වාසයක් ප්‍රචාරණය කිරීම හෝ ඇදහීම.
    • කිසියම් ආගමික විශ්වාසයක් ඇදහීමේ හෝ ප්‍රචාරය කිරීමේ මුවාවෙන් විනාශකාරී ක්‍රියාවන් සිදුකිරීම හෝ
    • ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පිළිබඳ කළකිරීම උද්දීපනය කිරීම හෝ ඒ මුවාවෙන් ඕනෑම ආගමක් ඇදහීම හෝ ප්‍රචාරය කිරීම. ඉහත සඳහන් ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් කිසියම් ආගමික කණ්ඩායමක් හෝ ආගමික ආයතනයක් හෝ ඕනෑම පුද්ගලයෙකු සිදුකිරීම, උසිගැන්වීම හෝ දිරිමත් කිරීම.
  5. සියලූ ආගමික නායකයන්ගෙන් සමන්විතිසාම කමිටුවක් සංවිධානය කර මෙ මගින් අදාළ ප්‍රජාවන් අතර ගැටුම් ඇතිවීම වළක්වා එම ප්‍රජාවන් අතර සමගිය පවත්වාගෙන යෑම සහතික කිරීමට සතිපතා රැස්වීමක් සංවිධානය කිරීම.
  6. සමාජයට හිරිහැරයක් නොවන පරිදී සාමකාමී වාතාවරනයක් තුල විවිධ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ආචාර්යධර්ම පද්ධතියක් විවිධ ප්‍රජා නායකයන්ගේ උපදෙස් සමග සකස් කිරීම හා ප්‍රචාරය කිරීම.
  7. ශ්‍රව්‍ය - දෘෂ්‍ය පටිගත කිරීම් සහ කැමරා යොදාගෙන ආගමික පෙරහැරවල් සහ රැස්වීම් පටිගත කළ හැකි අතර, වාර්ගික ආරවුල් වළදී වැරදිකරුවන් ඉක්මනින් හඳුනා ගැනීම සහ නඩු පැවරීමට සහ මෙවැනි වාර්ගික කැළඹීම් වළක්වා ගැනීම සඳහා මෙම ශ්‍රව්‍ය/දෘශ්‍ය පටි යොදා ගත හැකිය.
  8. කටකතා මැඩලීම සහ ඒවායේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා ඵලදායී සහ අර්ථවත් ක්‍රියාමර්ග ගැනීම. සියලූ ප්‍රජාවන්ගේ නායකයන් සමග සන්නිවේදන මාධ්‍ය ද ස්ථාපිත කළ යුතු අතර, වෛරීය හැගීම් සහ ජාතිවාදය පොළඹවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ වෛරී ප්‍රකාශ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම. එ් වාගේම, අසත්‍ය කටකතා පිළිබඳව මාධ්‍ය සහ වෙනත් සෙසු මාර්ගයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම.
  9. වාර්ගික සමගිය කුඵගැන්වෙන ශාස්ත්‍රීය ග්‍රන්ථ රජයේ සහ පුද්ගලික පාසැල්වල සිසුන් අතරේ බෙදා හැරීම සහ වාර්ගික සමගිය මාතෘකාව යටතේ තරග සහ සාකච්ඡා සංවිධානය කිරීම. ආගමික හා ජනවාර්ගික විවිධත්වය සහ බහු සංස්කෘති පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම.
  10. වෛරී හැගීම් උද්දීපනය කළ හැකි සිදුවීම් පිළිබඳ අතිශයෝක්තික මතයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මාධ්‍ය නිරන්තරයෙන් අධීක්ෂණයට සහ උපදේශනයට ලක් කළ යුතුය.
    • බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම සඳහා ප්‍රධාන ඇමතිවරයෙක් සහ රාජ්‍ය ඇමතිවරුන් සිව් දෙනෙකු පත් කිරීම. එක් එක් ආගම් සඳහා දැනට වෙන් කර ඇති අයවැය දෙගුණ කර, එක් එක් ආගම් තුළ ජනගහනයට සාපේක්ෂව එම අයවැය බෙදාදීම.
  11. "පොලිසිය නිවසට"- “Home Police” වැඩසටහනක් ස්ථාපිත කිරීම.
    • මෙම යෝජිති "පොලිසිය නිවසට" - “Home Police” වැඩසටහන යටතේ සුළු වාර්ගික ආරවුල් විසඳීම සඳහා ගෙයින් ගෙට පොලිස් සේවා ලබාදීම. මේ සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් 4960ක් බඳවා ගැනීම (නිලධාරිනියන් 10ක් එක් පොලිස් ස්ථානයකට වෙන් වන සේ රට පුරා පොලිස් ස්ථාන 496කට) සහ එක් පොලිස් ස්ථානයකට මෝටර් බයිසිකල් 5ක් ලබා දීම.
    • සෑම අවුරුද්දකම පොලිස් නිලධාරින් 1,700ක් විශ්‍රාම වේ. මෙම නිලධාරින්ට ඔන්ලයින් පුහුණුව ලබා දී, දෛනික පැමිණිලි 3,000 සිට 2,000 දක්වා අඩු කිරීම සඳහා මොවුන් නැවත රැකියාවට බඳවා ගැනීම.
    • මෙම ක්‍රියාවලිය කේන්ද්‍රීය අධීක්ෂණය යටතේ අවුරුදු 3 කින් සම්පූර්ණ කළ යුතුය.