ඉලක්ක

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය

USD 4,000 සිට USD 12,000 දක්වා වැඩි කිරීම සඳහා

  • දැනට අ.පො.ස උසස් පෙළ කරන සිසුන් ප්‍රමාණය 218,191 සිට 300,000 දක්වා ඉහළ නැංවීම සහ උසස් පෙළ සිසුන්ගෙන් බහුතරයක් STEM (විද්‍යාව,තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය) විෂයන් හදාරන බවට සහතික වීම.
  • වාර්ෂිකව සිසුන් 360,000 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන බවට සහතික වීම.
  • ජාතික පාසල්වල ප්‍රමිතීන්ට සමාන වන පරිදි අංග සම්පූර්ණ පහසුකම් සහිතව පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් සංවර්ධනය කිරීම.
  • ‍ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත පාසල්වල ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම.

ක්‍රියාකාරී සැලැස්ම


  1. ප්‍රාථමික, විශ්ව විද්‍යාල, තාක්ෂණික සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා 10%ක වාර්ෂික වැඩිවීමක් සමඟ අමතර රු. බිලියන 200 ක් අයවැයෙන් වෙන් කිරීම.
  2. උදෑසන ආහාරය ලබාගත නොහැකි පාසල් සිසුන් සඳහා ප්‍රශස්ථ ලෙස දිළිඳුකම අවම කිරීමේ වැඩසටහන යටතේ සපයන කූපන් පත් ඉදිරිපත් කිරීම මඟින් සතියේ දින පහට නොමිලේ ලබාගත හැකි බිස්කට් වර්ග 5 ක් හඳුන්වා දීම. මෙම බිස්කට් වර්ග වෙළඳපොළ හරහා ද මිලදී ගැනීමට හැකි වනු ඇත.
    තවදුරටත් දිළිඳු සිසුන් ඉලක්ක කර ගනිමින් පෙර පාසලේ සිට ද්විතියික අධ්‍යාපනය දක්වා නොමිලේ පෙළ පොත්, පාසල් නිල ඇඳුම් සහ මේස් සපත්තු තවදුරටත් සැපයීම.
  3. පෙර පාසල් ඉදිකිරීම, ප්‍රමිතිකරණය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා පුද්ගලික අංශයට අරමුදල් ලබාදීම.
  4. පෙර පාසල් ගුරුවරුන් සඳහා ගුරු පුහුණු වීඩියෝ සහ අනෙකුත් ගුරු පුහුණු පහසුකම් ලබාදීම.
  5. ජාතික පාසල්වල ප්‍රමි පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් තිගත මට්ටම දක්වා පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම.
    • එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 276 සඳහා එක් කොට්ඨාශයකින් පාසල් 2 ක් බැඟින් (පාසල් 552).
    • නගර සභා 41 සඳහා එක් නගර සභාවකින් පාසල් 3 ක් බැඟින් (පාසල් 123).
    • මහ නගර සභා 24 සඳහා එක් මහ නගර සභාවකින් පාසල් 4 බැඟින් (පාසල් 96).
    • මෙකී පාසල් 771 සඳහා ජාතික මට්ටමේ ජනප්‍රිය පාසල්වලට සමාන නාමයන් සහ කළමනාකරණ ක්‍රමයක් අනුගමනය කළ යුතුය.
    • ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇති පාසල් තෝරාගැනීම. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉහත පාසල් 771හි, ශිෂ්‍ය ධාරිතාවය 1,500ක සාමාන්‍ය අගයකට ඉහළ නංවමින් සමස්ථ ශිෂ්‍ය ප්‍රමාණය 1,156,500කට වැඩි වනු ඇත.

    • මෙහි ප්‍රතිඵලයක් ලෙස, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින වත්මන් තරඟකාරිත්වය, සිසුන් 80,000 සිට 0 දක්වා අඩුවනු ඇත.
  6. සෑම දිස්ත්‍රික්කයකම ජනප්‍රිය පාසල් 2 ක ශාඛාවන් තිබෙන බව සහතික කිරීම.
    • මෙහිදී, සම්පූර්ණ ශිෂ්‍ය ධාරිතාවය 300,000 දක්වා ඉහළ නංවමින් 6,000 ක ශිෂ්‍ය ධාරිතාවයකින් යුක්ත පාසල් 50 ක් අලූතින් ඉදිකළ යුතු වේ.
  7. 0%ක ව්‍යාපාරික බදු සහ 0%ක වැට් බදු සහනාධාර පැනවීම මඟින් ජාත්‍යන්තර පාසල් පිහිටුවීම දිරිමත් කර වෘත්තිකයෝ පිටපළාත්වල සේවය කිරීම සඳහා දිරිගැන්වීම.
    • වර්තමානයේදී සිය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය පාසල් නොමැති කම හේතුවෙන් වෘත්තිකයෝ පිට පළාත්වල සේවය කිරීමට මැලි වෙති.
    • 0%ක ව්‍යාපාරික බදු මෙන්ම වැට් බදු සහනාධාර ලබාදීම මඟින් පුද්ගලික විශ්ව විද්‍යාල (වෛද්‍ය විද්‍යාල නොවන) පිහිටුවීමට දිරිමත් කිරීම. මේ මඟින් වාර්ෂිකව සමස්ථ ශිෂ්‍ය ප්‍රමාණයෙන් 50%ක ප්‍රතිශතයක් උපාධිධාරීන් බවට පත් කිරීමට හැක.
  8. සියලූ පාසල් විෂයන් සඳහා උපදේශාත්මක වීඩියෝ ඇතුළත් ඩේටා වැය නොවන අන්තර්ජාල බිහිදොරක් (online portal) හඳුන්වා දීම.
  9. ශිෂ්‍යයන්ට ජීවිතය සහ සමාජීය අන්තර්ක්‍රියා කුසලතා උගැන්වීම සඳහා වීඩියෝ හඳුන්වා දීම.
  10. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලූ සිසුන්ට රැකියා උපදේශන සේවාව හඳුන්වා දීම.
  11. ප්‍රශස්ථ දිළිඳු කම අවම කිරීමේ නිත්‍ය වැඩපිළිවෙළ සහ සමාජ සංවර්ධන ව්‍යාපෘති මඟින් පාසල් හැර යාම් 30,000 සිට 0 දක්වා අඩු කිරීම.
  12. රට පුරා ඇති ජාතික පාසල් 10,194 අතරින් වහාම ප්‍රතිසංස්කරණය කළ යුතු පාසල් හඳුනා ගැනීම.
  13. සිසුන් සහ ගුරුවරුන් අඩු සංඛ්‍යාවක් සහිත පාසල් හඳුනා ගෙන ඒවා දැඩි ලෙස අධීක්ෂණය කිරීම.
    • සිසුන් 50 ට අඩු පාසල් 1,486
    • සිසුන් 50-100 අතර පාසල් 1,560
    • ගුරුවරුන් 9 දෙනෙකුට වඩා අඩු පාසල් 3,133
  14. සියලූ පාසල්වලට පිරිසිදු ජලය සහ වැසිකිළි පහසුකම් පවතින බවට සහතික වීම.
  15. පෞද්ගලික අධ්‍යාපනය සඳහා 0% වැට් බදු සහ 0% සමාගම් බදු හඳුන්වා දීම.

    මෙම බදු ප්‍රතිලාභ ක්‍රමය මගින් ඉදිරි වසර 25 සඳහා පුද්ගලික පාසල් මෙන්ම පෞද්ගලික ජාත්‍යන්තර පාසල් ඉදිකිරීමට බලපවත්වනු ඇත.

  16. කොළඹට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග 6 වන ගාල්ල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, නිට්ටඹුව සහ මීගමුව යන නගරවල ජනප්‍රිය පාසල්වල ශාඛාවන් විවෘත කිරීම. මෙමගින් මාර්ග තදබදය අඩු වී පිට පාසල්වල ප්‍රමිතියද ඉහළ නැංවෙනු ඇත.
  17. වෙනත් විෂයක් සඳහා වෙන් කර ඇති කාලය තුළ ගණිත විෂයට දුර්වල සිසුන් සඳහා ගණිත විෂය ඉගැන්වීමට දෙගුණයක කාලයක් වෙන් කිරීම.
  18. 6 ශ්‍රේණියේ සිට ඉහළට විද්‍යාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදීම.
  19. පුද්ගලික මූල්‍ය කළමනාකරණය සඳහා වාණිජ්‍ය විෂයන් තෝරාගැනීමට 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් දිරිමත් කිරීම.
  20. සම්බන්ධිත භාෂාව (link language) සඳහා වෙන් කර ඇති කාල පරිච්ඡේදය ද ඉංග්‍රීසි භාෂාව සඳහා අමතර කාල පරිච්ඡේදයක් ලෙස වෙන් කරවා ගැනීමට සිසුන්ට අවස්ථාව ලබා දීම.
  21. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලූ විෂයන් සඳහා ගුරුවරුන්ට පුහුණු වීඩියෝ සහ ශිෂ්‍යයන්ට අධ්‍යාපනික වීඩියෝ ලබාදීම.
  22. රැකියා වෙළඳපොළේ නව ප්‍රවණතාවලට ගැළපෙන පරිදි විද්‍යාව, ගණිතය, වාණිජ්‍යය, ජීව විද්‍යාව සහ ඉංජිනේරු විෂය ධාරාවන් තෝරාගැනීමට දිරිමත් කිරීම.
  23. විද්‍යා හා තාක්ෂණික විද්‍යාගාර සහිත පාසල්වල ශිෂ්‍ය ධාරිතාවය ඉහළ නංවන අතරවාරයේ 12 සහ 13 ශ්‍රේණි සඳහා සිසුන් බඳවා ගැනීම 210,000 සිට 300,000 දක්වා ඉහළ නැංවීම.
  24. දිස්ත්‍රික් මට්ටමේ පාසල් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සඳහා බිහිදොරක් (portal) නිර්මාණය කිරීම.
    • මෙම බිහිදොරට (portal) පාසල් සංඛ්‍යාලේඛන (පාසල් සංඛ්‍යාව, ගුරුවරුන් සංඛ්‍යාව සහ ග්‍රාමීය හා නාගරික වශයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව) සහ කාර්යසාධන පුවරුවක් (පාසල් හැරයාමේ ප්‍රතිශතය, ප්‍රමිතිගත වැසිකිළි සහිත පාසල්, පානීය ජලය සහිත පාසල් ආදිය) ද ඇතුළත් වේ.
  25. රජයේ, පුද්ගලික, ජාත්‍යන්තර පාසල්, සෙසු පාසල් සහ පෙර පාසල්වල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා කමිටුවක් ස්ථාපනය කිරීම.
  26. තොරතුරු තාක්ෂණය පාසල් අධ්‍යාපන ක්‍රමයට ඒකාබද්ධ කිරීම. පාසල්වල පරිගණක සංඛ්‍යාව වැඩි කිරීම සහ අන්තර්ජාල පහසුකම් පවතින බවට සහතික කිරීම.
  27. අන්තර්ජාල බිහිදොර (online portal) හරහා තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඉගැන්වුම් ආධාර ලබාගත හැකි බවට සහතික වීම.
  28. තොරතුරු තාක්ෂණය උගැන්වීම පිළිබඳ වීඩියෝ නිබන්ධන (tutorial) ගුරුවරුන් අතර බෙදා හැරීම.
  29. ගුරු හිඟයෙන් පීඩා විඳින ග්‍රාමීය පාසල් සඳහා වීඩියෝ සම්මන්ත්‍රණ (video conferencing) මගින් සමකාලික සහ සජීවී ලෙස පංති පැවැත්වීම.
  30. ගුරුවරුන්ගේ සුදුසුකම් සහ ගුරු පුරප්පාඩු විශේෂාංග ඇතුළත් ඔන්ලයින් අයදුම්පත් පද්ධතියක් (application system) ගුරුවරුන් සඳහා සකස් කිරීම.
  31. ගුරු පුහුණු සහතිකපත්‍ර බෙදා හැරීමේ වැඩසටහනක් දියත් කිරීම.
  32. සෑම පාසලකම 6 සිට 13 ශ්‍රේණිය දක්වා ඇති ශිෂ්‍ය පුරප්පාඩු, අන්තර්ජාල බිහිදොරක් (online portal) හරහා යාවත්කාලීන කිරීම.
  33. දිස්ත්‍රික්, ජාතික, කලාපීය සහ අන්තර්ජාතික මට්ටමේ මළල ක්‍රීඩා වාර්තා සහිත වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ එක් එක් දිස්ත්‍රික්කවල සිසුන්ගේ වත්මන් මළලක්‍රීඩා දක්ෂතා අනුව එම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම.
  34. සිසුන්ගේ ක්‍රීඩා පුහුණුව සහ අන්තර්ජාතික මට්ටමට ළඟා වීම පිණිස ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා පුහුණු වියයුතු ආකාරය දැක්වෙන වීඩියෝ ඇතුළත් ඔන්ලයින් ඇකඩමියක් ස්ථාපනය කිරීම.
  35. පාසල්වල දැනට පවත්නා ක්‍රිකට් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම.
  36. පාසල්වල හෝ ඔන්ලයින් ඉගෙනීම (online learning) මගින් අතිරේක ගණිත පංති පැවැත්වීම අනිවාර්ය කිරීම.
  37. සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6 ක් සමත්, නමුත් ගණිතය අසමත් සිසුන් හට නැවත සාමාන්‍ය පෙළ ගණිත විෂයට පෙනී සිටීම සඳහා අතිරේක ගණිත පංතිවලට සහභාගි වන අතරවාරයේ උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබාදීම.
    • සිය සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵලය අනුව සාමාර්ථය මත පදනම්ව සිසුන්ට උසස් පෙළ අවසාන විභාගයට පෙනී සිටීමට හැකි වනු ඇත.
  38. පාසල් හැරයාමේ අවදානම පුරෝකථනය (predict) කිරීම සදහා පාසල් මට්ටමේ දත්ත, පැමිණීමේ වාර්ථා, කාර්යසාධන වාර්ථා සහ හැසිරීම් රටා යොදා ගැනීම.
  39. සතියකට වරක් පාසැල් කාල සටහනේ පරිච්ඡේදයක් පාසැල් සිසුන්ගේ රසාස්වාදය වැඩි දියුණු කිරීමට චිත්‍ර හා කැටයම්, ක්‍රීඩා, පොත් කියවීම වැනි ශිෂ්‍ය සම්බන්ධතා වැඩසටහන් සඳහා වෙන් කිරීම.
  40. පාසල හැර යාමේ අවදානම සහිත සිසුන් සඳහා පාසල් වේලාවෙන් පසු ප්‍රධාන විෂයන් සඳහා අමතර පංති පැවැත්වීම.
  41. පාසල හැර යාමේ අවදානම සහිත සිසුන් හට ශිෂ්‍යාධාර සහ ශිෂ්‍යත්ව සඳහා අරමුදල් වෙන් කිරීම.
  42. පාසල් පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීම.
  43. නොමිලේ ප්‍රවේශ විය හැකි ඊ පුස්තකාල (e-library) හඳුන්වා දීම.
  44. ප්‍රාථමික සහ ද්විතියික පාසල් සඳහා ව්‍යාපෘති පදනම් කර ගත් STREAM විෂයමාලාවන් හඳුන්වා දීම.

    මෙහිදී ශිෂ්‍යයන් කණ්ඩායම් වශයෙන් ඉගෙන ගන්නා අතර ගණිතය, විද්‍යාව, කියවීම සහ ඉංජිනේරු විද්‍යාව සෑම පාඩමකටම සම්බන්ධ කරනු ඇත.

  45. ආර්තවය හා නිසි ආර්තව සනීපාරක්ෂාව පිළිබඳව කියාදෙන සෞඛ්‍ය පාඩම් විශේෂයෙන්ම තරුණ ගැහැණු සිසුන්ට අනිවාර්ය කිරීම.
  46. හදිසි සනීපාරක්ෂක නිෂ්පාදන හා සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේ ක්‍රමයක් සහිත නිසි වැසිකිළි පහසුකම් පාසල්වල පවතින බවට සහතික වීම.
  47. ආර්තවය හා සබැඳි සමාජයීය හෙළාදැකීම් අවම කිරීම සඳහා ආර්තව සනීපාරක්ෂක කටයුතු පිළිබඳව ශිෂ්‍යයන්, ගුරුවරුන් හා දෙමාපියන් දැනුවත් කිරීම.
  48. සියලූ ගුරුවරුන් මූලික ප්‍රථමාධාර පුහුණුව ලබා ඇති බවට සහතික වීම සහ පාසල් විෂය ධාරාවට ප්‍රථමාධාර පුහුණුව හඳුන්වා දීම.
  49. බාලිකා පාසල් පිහිටුවීම, ඒවායේ තත්වය වැඩි දියුණු කිරීම හා පාසල් දැරියන්ගේ අධ්‍යාපනය දිරිමත් කිරීම සඳහා ඔවුන්ට ශිෂ්‍යධාර ලබාදීම.
  50. භූගෝල විද්‍යාව හා විද්‍යා විෂයමාලාවන්ගේ අනිවාර්ය කොටසක් ලෙස පරිසර අධ්‍යාපනය හඳුන්වා දී පරිසර හිතකාමීව කසල අවම කිරීම හා ප්‍රතිචකී‍්‍රයකරණය වැනි මාතෘකා ඇතුළත් කිරීම.
  51. විදේශිකව ජීවත් වන ශ්‍රී ලාංකික පවුල්වල දරුවන්ට, ඔවුන් ලංකාවට පැමිණි විට දේශීය පාසල්වලට ඇතුළත් වීමට සහ දේශීය විභාග සඳහා පෙනී සිටීමට ඉඩ ලබාදීම.
  52. සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ දැනුම හා අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා පෙර පාසල්, ප්‍රාථමික පාසල් සහ ද්විතියික පාසල් සිසුන් හට විෂයමාලා සම්පත් හඳුන්වා දීම.
  53. සාමාන්‍ය පෙළ දක්වා උගන්වන පාසල් සඳහා විද්‍යාගාර පහසුකම් සැපයීම.
  54. විද්‍යා විෂය ධාරාව උගන්වන පාසල් ගණන 1,029 සිට 2,029 දක්වා පාසල් 1,000 කින් වැඩි කිරීම.
  55. වත්මන් අධ්‍යාපන ක්‍රමය වත්මන් ප්‍රගතිය අගැයීම සඳහා අන්තර්ජාතික ශිෂ්‍ය තක්සේරු (PISA) වැඩසටහනකට සහභාගි වීම.
  56. වසර 15කට වඩා පැරණි පාසල් බස් රථ සහ වෑන් රථවල හිමිකරුවන්ට බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම.
  57. සිය පාසලට ළගා වීම සඳහා ප්‍රධාන පාරට පිවිසීමට කිලෝමීටර 2කට වඩා වැඩි දුරක් පයින් ඇවිද යන දරුවන් සිටින ගම්මානවලට මිනි-බස් රථ 2,000 ක් සැපයීම.
  58. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින කාලය මාස 2 දක්වා අඩු කිරීම. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සියලූ ශිෂ්‍යයන් සඳහා උසස් පෙළ මාර්ගෝපදේශ පාඨමාලාවන් හඳුන්වා දීම.

    වර්තමාන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබාගැනීමට මාස 4 ක කාලයක් බලා සිටීමට සිදු වේ. අතිරේක මාස 2 ක කාලයක් උසස් පෙළ පංති ආරම්භ වන තෙක් නිවසේ කාලය ගත කිරීමට ද දරුවන්ට සිදු වේ. මේ අනුව සාමාන්‍ය පෙළ විභායෙන් පසු මාස 6 ක කාලයක් අපතේ යාම සිදු වේ.

  59. උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින කාලය මාස 2ක් දක්වා අඩු කිරීම. වර්තමාන ශ්‍රී ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල ලබාගැනීමට මාස 4ක කාලයක් බලා සිටීමට සිදු වේ.
  60. උසස් පෙළෙ විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට යන කාලය මාස 6 ක් දක්වා අඩු කිරීම. වත්මන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින කාලය මාස 17යි (උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින මාස 4ක කාලය ඇතුළුව).