>

ඉලක්ක

  • ශ්‍රීලංකාවේ ප්‍රවාහන සම්බන්ධතාවය ශක්තිමත් කිරීම.
  • වත්මන් ප්‍රවාහන ජාලය විධිමත් කිරීම.
  • මාර්ග නීති උල්ලංඝනය කිරීම් අවම කිරීම.
  • කොළඹ දෙසට ඇති ප්‍රධාන පිවිසුම් 7 තුළ ඇති වාහන තදබදය අවම කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම


ස්මාට් ප්‍රවාහනය - Smart Transport

  1. මහා මාර්ග සහ දුම්රිය මාර්ගවල පොදු ප්‍රවාහනයේ යෙදෙන මහ ජනතාවට පොදු ප්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීම.
  2. මගීන්ගේ පොරොත්තු කාලය අවම කිරීම පිණිස ත්‍රීරෝද රථ සහ ටැක්සි රථ සඳහා Smart Time & Queue Management ක්‍රමයක් හඳුන්වා දීම.
  3. වාහන නැවැත්විය හැකි ස්ථාන පිළිබඳ තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබාදීම සහ අන්තර්ජාලය හරහා ඒ සඳහා සිදුකරනු ලබන ගෙවීම් සඳහා 10%ක වට්ටමක් ලබාදීම.
  4. අධි විභේදන කැමරා භාවිතා කරමින් ගුවන්තොටුළවල, ගුවන් පථ ධාරිතාව වැඩි කරන සහ අක්‍රිය කාලය අඩු කරන සංගෘහිත දත්ත වේදිකාවක් හඳුන්වා දීම.
  5. “මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි” (“Road Watch and Traffic Complaints”) ගොනු කිරීමට වේදිකාවක් හඳුන්වා දීම.
    මෙහිදී රාජ්‍ය අංශයට හිමිකාරීත්වය ඇති රථ වාහන ඇතුළු සියළුම රථ වාහන සඳහා පැමිණිලි ගොනු කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.
  6. මෝටර්රථ වාහන ධාරිතාවයට ට්‍රැෆික් ලයිට් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ක්‍රමයක් (smart traffic system ) හඳුන්වා දීම.
  7. මුහුණට මුහුණ ඇතිවන අනතුරු පිළිබඳ වැඩියෙන්ම වාර්තා වී ඇති ස්ථාන geo-tag කර, ඒ සඳහා ඉංජිනේරු විසඳුම් සමග උපදේශන සංඥා සහ දැනුම්දීම් ලබා දෙනු ඇත.
  8. ජංගම ස්ථානීය දඩ අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම.
  9. මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ලයිට් සහ මාර්ගස්ථ කැමරා හඳුන්වා දීම.
  10. සියලූම විද්‍යුත් ප්‍රවාහන යෙදවුම් (e-transport applications) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම.
  11. විශේෂ දින හෝ සති ගමන් බලපත්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප්‍රවාහන ගාස්තු එකතු කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.
  12. මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කර අප්ලෝඞ් කිරීම.

යටිතල පහසුකම්

  1. මොරටුව, මාකුඹුර, රාගම, ජාඇල නගරවල සිට කොළඹට ධාවනය වන දුම්රිය සම්බන්ධ කරමින් මන්දගාමි සහ අධිවේගි බස් රථ සහිත බහුමාදිලි ප්‍රවාහන පද්ධතියක් (multimodal transport system) ක්‍රියාත්මක කිරීම. මෙම දුම්රිය සහ බස් රථ පැමිණෙන වේලාවන් GPS Tracking තාක්ෂණය ඔස්සේ ජංගම දුරකතනය මගින් සජීවිව බලාගත හැකිය.
  2. මොරටුව, පිළියන්දල, මාකුඹුර, මාළඹේ, කඩවත, රාගම, ජාඇල යන නගරවල සිට කොළඹට ධාවනය වන වායු සමීකරණය කරන ලද මන්දගාමි සහ සීමිත නැවතුම් "සිටි බස්‍ රථ" (low flow city bus) සහිත ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම. මෙම බස් රථ පැමිණෙන වේලාවන් GPS Tracking තාක්ෂණය ඔස්සේ ජංගම දුරකතනය මගින් සජීවිව බලාගත හැකිය.
  3. බහු මාදිලි ප්‍රවාහන පද්ධතිය සඳහා යොදවා ඇති බස් රථ ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි පාපුවරුව පහළ මට්ටමකින් යුක්ත ද යන්න සහතික කර ගැනීම.
  4. වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ (මොරටුව, කොට්ටාව, රාගම, මීගමුව, පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩාවත) සහ අනෙකුත් ප්‍රධාන පිවිසුම් මාර්ග 7 හා සෙසු දිස්ත්‍රික්ක සඳහා හොඳම පාසල්, රෝහල් සහ අනෙකුත් සියලූම කොළඹ පාදක පහසුකම් ලබා දීමට සහතික වීම.
  5. කාර්යබහුල වේලාවන්හි තදබදය අවම කිරීම සඳහා මධ්‍යම කොළඹ මහල් නිවාස 100,000 ක් ඉදි කිරීම. මේ සමගම වාහන ගමනාගමනය කොළඹින් පිටතට යොමු කෙරනු ලැබේ.
  6. පිරිවැය සහ ගමන් කාලය අඩු කිරීම සඳහා සෑම මංසන්ධියකම වටරවුම, ට්‍රැෆික් ලයිට් මගින් ප්‍රතිස්ථාපනය කිරීම.
  7. සියලූම පදික මාරු නිසි ආලෝකකරණය කර නඩත්තු කරන බවට සහතික වීම.
  8. විශාල පිරිසක් පාර මාරු වන ස්ථානවලට ඉහළින් පදිකයන් සඳහා හරස් පාලම් ඉදි කිරීම.
  9. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2 ක දුරකින් න් පිහිටා තිබෙන ගම්මාන 1,400 සඳහා මිනි බස් සේවය හඳුන්වා දීම.
  10. විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 1,500 ක් ඉදි කිරීම.
  11. සෑම දිස්ත්‍රික්කයකම යෝජිත නව ආර්ථික මධ්‍යස්ථාන සහ මත්ස්‍ය වෙළඳපළ සඳහා මාර්ගාශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
  12. භාණ්ඩ වේගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා ජාතික සැපයුම් ජාලයක් සංවර්ධනය කිරීම.
  13. ආපනශාලා, පිරිසිදු පොදු සේදුම් කාමර සහ සුව පහසු ආසන වැනි අවශ්‍ය උපයෝගිතා සහිතව ජනාකීර්ණ දුම්රිය ස්ථාන නවීකරණය කිරීම.
  14. සියලූ දුම්රිය හරස් මාර්ග, අනතුරු ඇඟවීමේ සංඥා සහ ගේට්ටු වලින් සන්නද්ධ කිරීම.
  15. මගී දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) ගේ සංඛ්‍යාව 6 සිට 15 දක්වා වැඩි කිරීම සහ අධික ඉල්ලූමක් ඇති දුම්රියවල මගී ආසන සංඛ්‍යාව වැඩි කිරීම.
  16. සුඛෝපභෝගී සේවා සහිත නිශ්චිත සංචාරක දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) යෙදවීම.