ඉලක්ක

  • කොළඹ සමස්ත අඩි 20 බහාලූම් (TEU) ධාරිතාව මිලියන 21.1 කි.
  • සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන සංවර්ධනය.
  • වරාය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම

ක්‍රියාකාරී සැලැස්ම


  1. කොළඹ වරාය සංවර්ධනය

    කොළඹ වරායේ මේ වන විට අඩි 20 බහාලූම් මිලියන 7.5 ක් රඳවා තැබිය හැක.

    • නව දකුණු වරාය මාර්ගයේ දිග කිලෝමීටර 4.8 ක් වන අතර කිලෝමීටර් 1.3 ක් දැනට කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්ත සමාගම (Colombo International Container Terminals LTD)විසින් සම්පූර්ණයෙන්ම අයිතිය දරණු ලබයි.
    • වසර 3 ක් තුළ ඉතිරි කිලෝමීටර් 3.5 ක භූමිභාගයේ පර්යන්ත තුනක් ඉදි කිරීමට නියමිතය.
      එහි ප්‍රතිඵලයක් වශයෙන්, අඩි 20 බහාලූම් මිලියන 7 ක අතිරේක ධාරිතාවක් නිර්මාණය කළ හැකිය.
    • කිලෝ මීටර් 3.3 ක දිගකින් යුත් දියකඩනයන් සහ පර්යන්ත දෙකක් වසර 6 ක් තුළ යෝජිත උතුරු වරායේ ඉදි කෙරෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 6.6 ක අඩි 20 බහාලූම් ධාරිතාවක් නිර්මාණය කළ හැක.
    • මෙම සංවර්ධන ක්‍රියාවලියන්හි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ වරායේ සමස්ත අඩි 20 බහාලූම් ධාරිතාව මිලියන 21.1 ක් දක්වා වැඩි කළ හැකි.
  2. හම්බන්තොට වරාය සංවර්ධනය
    හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන නව ව්‍යාපෘති යෝජනාව බලාපොරොත්තුවෙන් සිටියි.
  3. සිය මූලස්ථාන මෙරට තුළ ආරම්භ කරන අන්තර්ජාතික සමාගම් සඳහා 0%ක සමාගම් බදු සහ 0% ලාභාංශ බදු පැනවීම.
  4. කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන නගර සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීම. නාවික මාර්ග වන්නේ කොළඹ-ගාල්ල-හම්බන්තොට-ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරයයි.
  5. ප්‍රමාණවත් මගී ඉඩ ප්‍රමාණයක් සහිත නවීන ගොඩනැගිල්ලක් ද ඇතුළත්ව ප්‍රමාණවත් නැංගුරම් අවකාශ සහිත මගී පර්යන්තයක් කොළඹ වරායෙහි සංවර්ධනය කෙරෙනු ඇත. මෙම සංවර්ධනය සඳහා වඩාත් සුදුසු ස්ථානය බණ්ඩාරනායක තොටුපළ වේ (බහාලූම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් දකුණු වරායට ගෙන ගිය පසු).
  6. පහත සඳහන් කාරණා ඇතුළත් වන, ඒකාබද්ධ නාවික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට, අධීක්ෂණය කිරීමට සහ සමාලෝචනය කිරීමට ජාතික නාවික කවුන්සිලයක් (National Shipping Council) පිහිටුවීම
    • නාවික ව්‍යාපාරයට ශ‍්‍රී ලංකාවේ පවතින ආකර්ෂණය වැඩි දියුණු කිරීම.
    • ප්‍රාග්ධනය සහ මූල්‍යකරණ ප්‍රවේශ සඳහා පහසුකම් සැපයීම.
    • නවෝත්පාදනයන් සහ සහායක නාවික සේවාවන්හි තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම (සැපයුම් සේවා ක්‍රියාකාරකම්- ඉන්ධන නැවත පිරවීම, ආහාර, ජලය ආදිය සපයා දීම)
  7. ශ‍්‍රී ලංකීය නෞකා තැනීමේ ඉංජිනේරු හැකියාවන්, වෙනත් රාජ්‍ය ආයතනවලට සහ සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම්කරුවන් වැනි ජාත්‍යන්තර ගැනුම්කරුවන් හට ලබා දීම සඳහා ප්‍රවර්ධනය කිරීම.
  8. ශ‍්‍රී ලාංකික නාවිකයින්ගේ රැකියා ප්‍රවර්ධනය කිරීම
    • ආධුනිකත්ව පුහුණුව, විශේෂීකරණය සහ නාවික ඉහළ නිපුණතා සඳහා අරමුදල් සැපයීම.
    • නාවිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව, රැකියා තත්ත්වයන් සහ රැකියා අවස්ථාවන් වැඩි දියුණු කිරීම.
  9. සමුද්‍රීය අධ්‍යාපනය හා පුහුණු සැලැස්මක් (Maritime Education and Training blueprint) සකස් කිරීම.
  10. වරාය මාර්ග තදබදය සමනය කිරීම සඳහා පහත සඳහන් පියවර ගත හැකිය.
    • ගේට්ටු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම- ගේට්ටු ස්වයංක්‍රිය කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය විශාල වශයෙන් අඩු කර ගත හැක. අවස්ථානුකූලව හසුරුවන ගේට්ටු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය තවදුරටත් අඩු කර ගත හැකිය. වැඩි ට්‍රක් රථ සංඛ්‍යාවක් පැමිණීම හෝ පිටවීම සිදු වන විට එයට අදාළව ගේට්ටු වැඩි ගණනක් පිවිසුම් හෝ පිටවීම් දොරටු ලෙස ක්‍රියාත්මක වීම සිදු වනු ඇත.
    • වරාය පිවිසුම් මාර්ගය පුළුල් කිරීම- විශාලත්වය වැඩිකර ගැනීම සඳහා වරාය පිවිසුම් මාර්ගය මංතීරු 4 සිට 6 දක්වා පුළුල් කළ යුතුය. අළුත්මාවත පාර හරස් මාර්ගයට පහළින් දිවෙන කොටස මංතීරු 6 කින් යුත් මාර්ගයක් දක්වා පුළුල් කෙරේ.
    • මංතීරු හයේ භාවිතය සඳහා මාර්ග සංඥා සේවය වැඩි දියුණු කළ යුතුය. උදාහරණයක් ලෙස මං තීරු දෙකක් ගේට්ටු සඳහා සහ අන්තර් පර්යන්ත ගමනාගමනය සඳහා එක් මංතීරුවක් වශයෙන්.
    • කොළඹ කොටුවෙන් අවසන් වන රෑම්ප් (ramps) අසළ ට්‍රක් රථ පෙළගැස්වීමට ප්‍රමාණවත් ඉඩ සහිත ගේට්ටු තිබිය යුතුය.
    • ඉඟුරුකඩේ හන්දිය අසල ඇති රෑම්ප් (ramps) සඳහා හරස් මාර්ග තදබදයක් නොතිබිය යුතුය. මෙය ගුවන් පාලම් (over-pass) යෙදීම මඟින් අවම කර ගත හැක.
  11. වරායේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පහත ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම
    • ජය බහාලූම් පර්යන්තයේ (JCT) වරාය ප්‍රජා පද්ධතිවල බහාලූම් මෙහෙයෙුම් ක්‍රියාවලි
    • ගේට්ටු ක්‍රියාවලි
    • ගබඩා කළමනාකරණ ක්‍රියාවලි
    • ගබඩා බහාලූ (cargo) ඉවත් කිරීමේ ක්‍රියාවලි
    • නෞභාර (cargo) ආනයන හා අපනයන ක්‍රියාවලි
    • පිරිවැය සහ ආදායම් කළමනාකරණ පද්ධති සහ ක්‍රියාවලි
  12. භාණ්ඩ ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා ආනයන තීරුබදු ගෙවීම් (duty payments) ඩිජිටල්කරණය කිරීම.
  13. බහාලූම් පරීක්ෂා කිරීම සඳහා ස්කෑනිං පහසුකම් හඳුන්වා දීම. මෙහි අරමුණ වන්නේ අවදානම් තත්ත්ව යටතේ, භෞතිකව සිදුකරනු ලබන සෝදිසි කිරීම් අවම කර ගැනීමයි.
  14. විජය කුමාර පාලමෙහි (නැගෙනහිර පර්යන්තය) (Prince Vijaya Quay) ගැඹුරු වැඩි කිරීම මඟින් ධාන්‍ය සහ සිමෙන්ති රැගෙන එන මීටර 13 ක් දක්වා ගැඹුරු යාත්‍රා වලට පැමිණීමට ඉඩ ලැබෙනු ඇත.
  15. කොළඹ වරායේ සිට දකුණු පර්යන්තය දක්වා ව්‍යාප්ත වන දුම්රිය මාර්ගයක් හඳුන්වා දීම. එමඟින් පර්යන්ත අසල සෘජු දුම්රිය මෙහෙයුම් කිරීමට හැකි වනු ඇති අතර විශේෂයෙන් ම අලූතින් සංවර්ධන කරන ලද අභ්‍යන්තර ගොඩබිම් වරායන්ට පහසුකම් සැලසෙනු ඇත.