“විනිවිදභාවය සහ වගවීම ඇති පුරවැසි කේන්ද්‍රික මූල්‍ය ප්‍රතිපත්ති ශක්තිමත් ආර්ථිකයක පදනම් වේ.”
ධම්මික පෙරේරා
ශ්‍රී ලංකාවේ වාර්ෂික ජනගහන වර්ධන වේගය දළ වශයෙන් 190,000 කි. එබැවින් වර්තමාන ආර්ථික තත්වය පවත්වාගෙන යාම සඳහා පමණක් වර්ෂයකට අතිරේක රැකියා 62,400 ක් උත්පාදනය කිරීම අත්‍යාවශ්‍ය වේ.
‘ඕකුන්ගේ නියමය ‘ (‘Okun’s law) අනුව සේවා නියුක්ති අනුපාතිකයේ සිදුවන සෑම 1%ක අඩුවීමකදීම, දළ දේශීය නිෂ්පාදනය 3%කින් ඉහළ යන බව සඳහන් වේ.>
විරැකියාව අඩු කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමෙන් රැකියා උත්පාදන සැලසුමක් බිහිකර එය ක්‍රියාවට නැංවිය යුතු වේ. මෙම වැඩසටහන මාසිකව අධීක්ෂණය කළ යුතු අතර, පුද්ගලික අංශයේ ආයෝජනවලට ආණ්ඩුව සහය දැක්විය යුතු වේ.
'ලැෆර් වක්‍රය' මඟින් බදු අනුපාත සහ එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ අදායම් මට්ටම් අතර සම්බන්ධතාවය නිරූපනය කෙරේ. බදු අය කළ හැකි ආදායම් නම්‍යතාවය පිළිබඳ සංකල්පය එය විඳහා දක්වයි. එනම් බදු අනුපාතයේ වෙනස් වීම් වලට ප්‍රතිචාර වශයෙන් බදු අය කළ හැකි ආදායම් වෙන්ස් වීම.
වර්තමානයේදී රට තුළට ආයෝජන හිඟ වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ වැරදි බදු අනුපාතයන් නිසා අප හා තරඟ කරන රටවලට වඩා ඉහළ අගයක් මූලික වශයෙන් ආයෝජකයින්ගෙන් ගැනීම තුළින් ආයෝජන අධෛර්යමත් වීමෙනි.
එබැවින් රට තුළට කළ හැකි උපරිම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආදායම් පරිමකරණ ලක්ෂයේ පවත්වාගැනීම අවශ්‍ය වේ.
බදු සහ රේගු ප්‍රතිපත්තිවල වෙනස් කම් සිදුකිරීම මඟින් ග්‍රීන්ෆීල්ඩ් (Greenfield) සහ බ්‍රවුන්ෆීල්ඩ් (Brownfield), දේශීය සහ විදේශීය ඝෘජු ආයෝජන නැංවිය හැකිය. එමඟින් ආර්ථික වර්ධනයද දිස්ත්‍රික්ක මට්ටටමේ රැකියා උත්පාදනයද, භාණ්ඩ හා සේවා අපනයනයද වර්ධනය වේ.
වසර |
ආදායම් බදු
(සෘජු බදු) (රු. මිලියන) |
සමස්ත රාජ්‍ය ආදායම
(රු. මිලියන) |
සෘජු බදු සමස්ත රාජ්‍ය ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස | වක්‍ර බදු සමස්ත රාජ්‍ය ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස | රුපියල අවප්‍රමාණ වීමෙන් සිදුවන හුවමාරු පාඩුව |
විදේශ ණය
(රු. මිලියන) |
||||||
2005 | 52,535 | 379,747 | 13.80% | 86.20% | 117,785 | 956,620 | ||||||
2006 | 79,693 | 477,833 | 16.70% | 83.30% | 108,579 | 1,103,418 | ||||||
2007 | 107,169 | 565,051 | 19.00% | 81.00% | 71,646 | 1,326,487 | ||||||
2008 | 126,541 | 655,260 | 19.30% | 80.70% | 117,785 | 1,448,734 | ||||||
2009 | 139,558 | 699,644 | 19.90% | 80.10% | 23,114 | 1,760,467 | ||||||
2010 | 135,624 | 817,279 | 16.60% | 83.40% | -10,028 | 2,024,583 | ||||||
2011 | 157,310 | 967,862 | 16.30% | 83.70% | 90,335 | 2,329,280 | ||||||
2012 | 172,594 | 1,051,462 | 16.40% | 83.60% | 230,642 | 2,767,299 | ||||||
2013 | 205,666 | 1,137,447 | 18.10% | 81.90% | -15,361 | 2,960,424 | ||||||
2014 | 198,115 | 1,195,206 | 16.60% | 83.40% | -89,335 | 3,113,116 | ||||||
2015 | 262,583 | 1,454,878 | 18.00% | 82.00% | 285,091 | 3,544,031 | ||||||
2016 | 258,857 | 1,686,061 | 15.40% | 84.60% | 186,650 | 4,045,796 | ||||||
2017 | 274,562 | 1,831,531 | 15.00% | 85.00% | 225,223 | 4,718,618 | ||||||
2018 | 310,450 | 1,919,974 | 16.20% | 83.80% | 1,063,218 | 5,959,547 | ||||||
එකතුව | 2,481,257 | 2,405,344 |
= |
+ |
+ |
+ |
ගතවූ වසර 14 ක කාලය තුළ සමුච්චිත පදනමක් මත රජයේ සෘජු බදු ආදායම රු. බිලියන 2,481 ක් වූ අතර රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් අතිරේක ගෙවීමක් ලෙස රු. බිලියන 2,405ක් වැය වී ඇති අතර විදේශ ණය ගැනීම් පසුගිය වසර වන විට රු. බිලියන 5,959කි. එබැවින් 2%-3% ඉක්මවා රුපියල අවප්‍රමාණය වීම නැවැත්වීම සඳහා සෘජු බදු ආදායම නොසලකා ආයෝජන, විශේෂයෙන්ම සෘජු විදෙස් ආයෝජන ගෙන ඒම සහ, අපනයන වැඩි කිරීම අත්‍යාවශ්‍ය වේ.
2018 වසරේ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1,909 ක් විය. බදු පැහැර හැරීම් අධීක්ෂණය සඳහා රේගුව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence -AI) මත පදනම් වූ අධීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. (ස්විට්සර්ලන්තයට IBM Watson හඳුන්වා දීමෙන් පසු රේගුවේ බදු ආදායම 10%කින් වැඩි විය) මඟින් අතිරේක ලෙස රුපියල් බිලියන 287 ක ආදායමක් උත්පාදනය කරමින් රාජ්‍ය ආදායම 15%කින් ඉහළ යනු ඇත.
වත්මන් ලාභාංශ බදු අනුපාතය සහ ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය 0% දක්වා අඩු කිරීම
(මෙය අතිරේක රැකියා උත්පාදනය සඳහා උපකාර වනු ඇත).
රේගුවේ දැනට පවත්නා HS කේත (සය අංකිත) 7,162 අතරින් රේගු ආදායමෙන් 90%ක් උත්පාදනය වන්නේ HS කේත 500 ක් තුළිනි. රේගු ආදායමෙන් 90%ක් උපයා දෙන මෙකී HS කේත 500 සඳහා බදු ව්‍යූහය මැලේසියාව, තායිලන්තය සහ ඉන්දියාව අනුගමනය කරමින් ප්‍රතිව්‍යූහගත කළ යුතුය (මෙය දේශීය කර්මාන්ත සහ අතිරේක රැකියා නිර්මාණයට දායක වනු ඇත). මෙහි ප්‍රතිඵලයක් ලෙස රේගු ආදායම 10%කින් ඉහළ නැංවිය හැකි වේ.
රජයේ ප්‍රාග්ධන ආයෝජන, මහජන ආයෝජන වැඩසටහන (PIP) ලෙසද හැඳින්වේ, මෙහි ප්‍රතිලාභ ශ්‍රී ලාංකික පරම්පරා ගණනාවකට විහිදෙන බැවින් ප්‍රමාණයකට ණය ගැනුම් හරහා ඒවා ගෙවීම වඩා සාධාරණ සහ කාර්යක්ශම වේ.
මුල්‍ය විනය ඇති කිරීමට සහ වත්මන් සහ අනාගත පරම්පරාවන්ට වඩාත් සමානාත්මතාවයෙන් යුතුව මුල්‍ය කොටස් බෙදීයෑමට උපකාරී වන ලෙස මුදල් ණයට ගැනීම වගකීම් සහගත ලෙස තිරසාර පදනමකින් යුතුව සිදුකෙරනු ඇත.
ප්‍රශස්ත ලෙස දිළිඳුකම අවම කිරීම, ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික, විශ්ව විද්‍යාල, තාක්ෂණික සහ වෘත්තීය පුහුණ (TVET) අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වියදම් ලෙස හඳුනා ගැනේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව මෙකී පුනරාවර්තීය වියදම්වලින් ඇතැමකට අරමුදල් සොයාගැනීමේ පහසු මාර්ගය ලෙස ණය ගැනීම්වලට යොමු වී ඇත. මෙය දීර්ඝකාලීනව පරමාදර්ශී නොවන්නේ අද දිනයේ අවශ්‍යතාවයන් සඳහා ණය බර අනාගත පරම්පරා වෙත විතැන් වන බැවිනි. මේ සම්බන්ධව වඩාත් සාධාරණ සහ වඩා ස්ථිරසාර ප්‍රවේශයක් වන්නේ පුනරාවර්තීය ආදායම හරහා පුනරාවර්තීය වියදම් ආවරණය කර ගැනීමයි. මේ බැවින් අපගේ බදු ක්‍රමය ප්‍රත්‍යාස්ථිතීය ලෙස පවත්වාගෙන යාම පිණිස එය නිරන්තරයෙන් සමාලෝචනය කළ යුතු වේ.
මුදල් සහ සැලසුම්කරණ අමාත්‍යාංශය වෙත ශ්‍රී ලංකාව සඳහා අනාගත ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය සැලසුම්කරණයේ වගකීම පැවරිය යුතු වේ.
අයවැය මඟින් යෝජනා කරන ඕනෑම ප්‍රතිපත්තියක්, මුදල් අමාත්‍යාංශයට වලංගු කිරීම සඳහා භවිතා කළ හැකි ආර්ථික විශ්ලේෂණයක් සහිත විය යුතු වේ.
අයවැය පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂා කිරීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (Management Information System - MIS) ක්‍රියාත්මක කිරීම.
රජයේ වත්කම් සහ සම්පත් උපරිම ලෙස භවිතා කිරීම අධීක්ෂණය කිරීම සහ සහතික කිරීම සඳහා වත්කම් කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.