ඉලක්ක

  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් පථයේ කි‍්‍රයාකාරීත්වය, පැයකට ගුවන් යානා පිටවීම් 11 සිට 17 දක්වා ඉහළ නැංවීම.
  • ශක්තිමත් ගුවන් තොටුපොළ ජාලයක් සහතික කිරීම සඳහා උචිත ව්‍යූහයකට පහසුකම් සැලසීම.

  • ක්‍රියාකාරී සැලැස්ම


    තාක්ෂණය - බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල

    1. නෙළුම් කුළුනේ කඩසාප්පු සඳහා වෙන් වූ ප‍්‍රදේශයෙන් කොටසක් ගමන් මලු පිරික්සුම් සේවා (luggage drop-in) සහිත අධිවේගී ජාත්‍යන්තර ගුවන් ගමන් පිරික්සුම් කලාපයක් (check-in zone) ලෙස සංවර්ධනය කිරීම.
    2. ආගමන කවුන්ටරවල පිරික්සුම් (check-in) වේගවත් කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ (facial recognition) සහ ජෛවමිතික ඇඟිලි සලකුණු (fingerprint biometrics) තාක්ෂණය සහිත ස්වයංක‍්‍රීය ප‍්‍රවේශ හඳුන්වා දීම.
    3. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තුළ, ගමන් බඩු රහිත මගීන් සඳහා,ස්වයං පිරික්සුම් කියෝස්ක (self check-in kiosk) 8 සිට 20 දක්වා ඉහළ නැංවීම.
    4. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දැනට පවතින 57ක් වූ ආගමන පිරික්සුම් කවුන්ටරවලට නව කවුන්ටර 30ක් එක් කිරීම මගින් තදබදය අවම කිරීම.
    5. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ, VVIP විවේකාගාරය සහ එහි ඇති බෝඩිං ගේට්ටු (boarding gates) බජට් ගුවන් සේවා ක‍්‍රියා මධ්‍යස්ථාන බවට සංවර්ධනය කිරීම.
    6. තත්කාලීන (real time) ගුවන් ගමන් වල තොරතුරු, පර්යන්ත වල සිතියම්, කුලී රථ විස්තර සහ වෙන්කරවා ගැනීම්, අවන්හල් සහ ගුවන් තොටුපල වල අවට ඇති හෝටල් පිළිබඳ විස්තර ඇතුලත් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සඳහා යෙදවුමක් (BIA app) කි‍්‍රයාවට නැංවීම.
    7. පර්යන්තයේ සිට ගුවන් යානා ඈඳන මගී පාලම් (aero-bridges) 16 ක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) පුළුල් කිරීම.
    8. බැංකු ආදී ආයතනවලට, වසර 15ක් වැනි දීර්ඝ කාලයකට සිය සන්නාමය ප‍්‍රවර්ධනය කල හැකි ආකාරයට සකසන ලද ‘‘cobus low flow bus’’ (ගුවන් යානා එකිනෙකට ඈඳන මගී පාලම් භාවිත නොකරන අවස්ථාවලදී, බෝඩිං ගේට්ටු හා ගුවන් යානය අතර ගමනාගමනයට යොදාගන්නා බස් රථ) සැපයීමට අවස්ථාව ලබා දීම.
    9. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වර්තමානයේ පවතින සංසරණ කාලය (turn-around time) මිනිත්තු 60 සිට 25 දක්වා අඩු කිරීම, මඟින් ගුවන් පථයේ පැයකට සිදුවන ගුවන් යානා පිටත්වීම් ගණන 11 සිට 17 දක්වා ඉහළ නංවනු ලැබේ.
    10. වර්තමානය වන විටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ‍්‍රය වටා දැල් වැටක් පවතින අතර එසේ පවතින ලොව එකම ගුවන් තොටුපල මෙයයි. ඒ වෙනුවට සංවේදක තාක්‍ෂණය ද සහිත විදුලි වැටක් භූමියට ගැලපෙන අයුරින් ගොඩනඟා ආරක්‍ෂාව වර්ධනය කිරීම.
    11. පහත සඳහන් අයුරින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි වඩා ක‍්‍රමවත් සහ මනාව සංවිධානය වූ ටැක්සි සේවාවක් ස්ථාපිත කිරීම.
      • ටැක්සි වර්ග 2ක් යොදා ගැනීම. උදා: කාර් සහ වෑන්
      • ටැක්සි රථ හිමිකරුවන් 900 දෙනෙකුට විශේෂ වාහන ලියාපදිංචි තහඩු සමඟ තීරු බදු රහිත වාහන බලපත‍්‍ර නිකුත් කිරීම.
    12. යටිතල පහසුකම්

    13. රත්මලාන, පලාලි සහ මත්තල ගුවන් තොටුපොළවල්, අන්තර්ජාතික බජට් ගුවන් සේවා මධ්‍යස්ථාන බවට සංවර්ධනය කිරීම.
    14. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සහ රත්මලාන ජාත්‍යන්තර බජට් ගුවන් තොටුපොළේ සිට පහත ස්ථාන කරා අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් හඳුන්වා දීම.
      • පලාලි
      • ත්‍රිකුණාමලය
      • මඩකලපුව
      • කොග්ගල
      • මත්තල
      • දිගන, මහනුවර
    15. වර්තමාන රත්මලාන ගුවන් තොටුපළ පර්යන්තය වෙනුවට පෙර සැකසූ වානේ (prefabricated steel) ගොඩනැගිල්ලක් වසරක් ඇතුළත ඉදි කිරීම.
    16. රත්මලාන ගුවන් තොටුපලේ දැනට පවතින මීටර 1773ක දිගින් යුතු ගුවන් පථය මීටර 2400 දක්වා නැගෙනහිර දිශාවට දීර්ඝ කිරීම. මෙමඟින් ආසන 120ක ධාරිතාවකින් යුතු ගුවන් යානා එනම්, type D වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට හැකිවේ.
      රත්මලාන ගුවන් තොටුපළට සමාන ගුවන් පථ දිග සහිත වෙනත් රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්,
      • ‘‘ලන්ඩන් සිටි’’ ජාත්‍යන්තර ගුවන් තොටුපළ - එක්සත් රාජධානිය - ගුවන් පථයේ දිග මීටර් 1500 කි.
      • ‘‘ඇන්ට්වර්ප්’’ ජාත්‍යන්තර ගුවන් තොටුපළ - බෙල්ජියම - ගුවන් පථයේ දිග මීටර් 1500 කි.
      • ‘‘බොකාස් ඩෙල් ටොරෝ අයිලා කොලෝන්’’ ජාත්‍යන්තර ගුවන් තොටුපළ - පැනමා - ගුවන් පථයේ දිග මීටර් 1500 කි.
    17. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවාවන් නැවත ආරම්භ කිරීම.
    18. අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් සඳහා කොග්ගල, මඩකලපුව සහ ත‍්‍රිකුණාමලයේ පිහිටි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සහ මහනුවර දිගන ප‍්‍රදේශයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නව ගුවන් තොටුපලක් ඉදිකිරීම.
    19. වසර 3 ක් ඇතුළත මහනුවර දිගන ප‍්‍රදේශයේ, අභ්‍යන්තර අඩුවියදම් (බජට්) ගුවන් තොටුපොළක් ඉදිකිරීම.
    20. සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව අභ්‍යන්තරයේ ගමන් කිරීම සඳහා ආසන 50 කින් යුත් ගුවන් යානා හඳුන්වා දීම.
    21. අඩු වැයකිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් සඳහා යෝග්‍ය අඩුවියදම් කාමර 55,335ක් මෙරට ඇති බැවින් එය ආශ‍්‍රයෙන් අඩු වියදම් ජාත්‍යන්තර ගුවන් සේවා මෙහෙයුම් ශ‍්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගැනීම.
    22. ත්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල හා දිගන (මහනුවර) ගුවන් තොටුපලවල සිට, ජාත්‍යන්තරව පියාසාර කිරීමට අවශ්‍ය පහසුකම් ‘‘භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් සේවා සමාගම්’’ (cargo airlines) සඳහා සැපයීම.
    23. අඩුවියදම් ගුවන් සේවාවන් වල ගමන් මලූ හැසිරවීමේ ඒකාධිකාරය (luggage handling monopoly) ඉවත් කිරීම සහ අඩුවියදම් ගුවන් සමාගම් වලට ඔවුන්ගේ ගමන් මලූ හැසිරවීමට ඉඩ සලසා දීම.
    24. ශ්‍රී ලංකාවේ ගුවන්යානා ඉන්ධන, ගොඩබැස්සවීමේ, නවතා තැබීමේ, ගුවන්තොටුපොළ බදු, ගුවන් පාලම් (aerobridge) සහ ගමන් මලූ හැසිරවීමේ ගාස්තු, මැල්සියාවේ ඒ සඳහා ඇති ගාස්තු සමඟ ගැළපීම.
    25. අපනයනයන් ඉහළ දැමීම සඳහා භාණ්ඩ ප‍්‍රවාහනය කරන ගුවන් සමාගම් වෙත භාණ්ඩ ගොඩබැස්සවීමට සහ නවතා තැබීමට අවශ්‍ය පහසුකම් නොමිලේ ලබා දීම.
    26. සියලූම ගුවන්තොටුපළවල ගාස්තු, කාර්ය බහුල (peak) සහ කාර්ය බහුල නොවන (off-peak) ලෙස වර්ග කිරීම සහ කාර්ය බහුල නොවන (off-peak) වේලාවන්හි දී අවම ගාස්තු පවත්වා ගැනීම.
    27. එක්සත් රාජධානිය, ජර්මනිය, ප‍්‍රංශය, නෙදර්ලන්තය සහ ඉතාලිය වැනි විශාල සංචාරකයින් පිරිසක් ශ‍්‍රී ලංකාවට ගෙන එන ඉහළම යුරෝපීය ගමනාන්ත 20 වෙත සෘජු ගුවන් ගමන් (direct flight) වාර ගණන වැඩි කිරීම.
    28. ගුවන් තොටුපලවල ඇති අභ්‍යන්තර ගුවන් ගමන් වල කාල සටහන් අන්තර්ජාතික ගුවන් ගමන් සමඟ ගැලපෙන සේ සමකාලීන කිරීම.
    29. විශේෂ අමුත්තන්, පළමු පන්තියේ සහ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් විශේෂයෙන්ම වෙන්වූ ශීඝ‍්‍රගාමී ආගමන සේවාවක් හඳුන්වාදෙනු ලැබේ.