ඉලක්ක

  • දිළිඳුකම නැති කිරීම.
  • සාගින්න නැති කිරීම.
  • ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතාවය.
  • ශිෂ්ට සම්පන්න රැකියා සහ අර්ථික වර්ධනය කිරීම.
  • අසමානතාවයන් අවම කිරීම.

  • සුභසාධන ගෙවීම් සහ සහනධාර- Social transfers

    සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දිළිඳු බවට ඇද වැටීමේ අවදානමෙන් යුතුව ජීවත් වන්නන් සඳහා ය.

    සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) සඳහා ප්‍රතිලාභීන් විසින් දායක විය යුතු නොවේ. එනම් ප්‍රතිලාභීන් විසින් වාරික හෝ විශේෂ බදු ගෙවිය යුතු නොවේ. දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දුප්පත්කමට ඇද වැටීමේ අවදානමක් ඇති පුද්ගලයන් වෙත මෙමගින් මහජනතාව හෝ සිවිල් ප්‍රජාව විසින් සම්පාදනය කරන සමාජ ආධාර සැපයෙනු ඇත. උදා. දායක නොවන විශ්‍රාම වැටුප්, ළමා ප්‍රතිලාභ, පාසල් ආහාර, වෙනස් හැකියා ඇති පුද්ගලයන් සඳහා දීමනා සහ කෘෂිකාර්මික ආදාන.

    අංකය විස්තරය 2014 2015 2016 2017 2018
    1. සෞඛ්‍ය ආරක්ෂණ
    (රු. මිලියන)
    34,805 31,703 38,028 38,596 43,440
    1.1 ඖෂධ (නොමිලේ ලබා දෙන)
    (රු. මිලියන)
    34,805 31,703 38,028 38,596 43,440
    2. රැකවරණය ලැබිය යුතු සහ අවධානය යොමු විය යුතු පුද්ගලයින් සවිබල ගැන්වීම.
    (රු. මිලියන)
    18,314 49,189 51,612 50,862 51,319
    2.1 සමෘද්ධි
    (රු. මිලියන)
    15,042 39,994 40,704 39,707 39,239
    2.2 ප්‍රතිලාභීන් සංඛ්‍යාව (පවුල් මිලියන)
    (රු. මිලියන)
    1.5 1.4 1.4 1.4 1.4
    2.3 වයස් ගත පුද්ගලයන්ට සහය (අවුරුදු 70ට වැඩි)
    (රු. මිලියන)
    2,655 8,039 9,060 9,008 9,590
    2.4 වෙනස් හැකියා ඇති (Differently Abled) සිසුන් සඳහා දීමනා
    (රු. මිලියන)
    138 220 247 195 31
    2.5 වෙනස් හැකියා ඇති (Disabled) පුද්ගලයන් සඳහා
    (රු. මිලියන)
    479 936 1,114 1,083 1,141
    2.6 වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර
    (රු. මිලියන)
    487 869 1,318
    3. රජයේ ආරක්ෂක හමුදා සවිබල ගැන්වීම
    (රු. මිලියන)
    18,290 23,433 26,772 27,808 45,901
    3.1 රණවිරුවන්ගේ තුන්වන දරුවා සඳහා දීමනාව
    (රු. මිලියන)
    46
    3.2 රණවිරුවන්ගේ මරණ සහ ආබාධිත වීම සඳහා ලබාදෙන වන්දි
    (රු. මිලියන)
    18,244 23,433 26,772 27,808 45,901
    4. කෘෂිකාර්මික සංවර්ධනය
    (රු. මිලියන)
    32,086 57,051 28,013 30,361 26,879
    4.1 පොහොර සහනාධාර
    (රු. මිලියන)
    31,858 49,571 27,771 30,361 26,879
    4.2 වී මිලදී ගැනීම (වී මිල ස්ථාවර කිරීමට)
    (රු. මිලියන)
    228 7,480 242
    5. වාණිජ බෝග සංවර්ධනය
    (රු. මිලියන)
    1,873 11,029 2,391 2,136 2,317
    බෝග සහනාධාර
    (රු. මිලියන)
    5.1 තේ
    (රු. මිලියන)
    331 7,292 549 445 615
    5.2 රබර්
    (රු. මිලියන)
    763 2,871 713 703 542
    5.3 පොල්
    (රු. මිලියන)
    485 471 709 598 653
    5.4 කජු
    (රු. මිලියන)
    40 35 40 54 67
    5.5 සුළු භෝග අපනයන (කුරුඳු, කොකෝවා, කෝපි, ගම්මිරිස්)
    (රු. මිලියන)
    254 360 380 336 440
    6. පාසැල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්
    (රු. මිලියන)
    14,903 17,984 22,817 24,923 20,255
    6.1 පාසැල් නිල ඇඳුම්
    (රු. මිලියන)
    3,574 2,261 2,157 2,479 1,073
    6.2 වාර ප්‍රවේශපත්‍ර
    (රු. මිලියන)
    1,695 1,800 1,998 4,923 5,000
    6.3 පාසැල් සහ දහම් පාසැල් පෙළ පොත්
    (රු. මිලියන)
    2,773 3,979 5,599 4,476 4,318
    6.4 5 ශ්‍රේණි ශිෂ්‍යාධාර, මහපොළ සහ ශිෂ්‍යාධාර
    (රු. මිලියන)
    852 1,390 1,914 1,344 2,136
    6.5 පෝෂණ වැඩසටහන්
    (රු. මිලියන)
    3,725 3,938 3,916 4,434
    6.6 ළමුන් සහ ගර්භණී මවුවරුන්ට ත්‍රිපෝෂ ලබාදීම
    (රු. මිලියන)
    1,787 1,956 1,351 1,692 1,982
    6.7 ගර්භණී මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම
    (රු. මිලියන)
    279 2,422 5,746 5,408 5,490
    6.8 පෙර පාසැල් සිසුන් සඳහා නැවුම් කිරි ලබාදීම
    (රු. මිලියන)
    197 189 106 167 256
    6.9 පෝෂණ මංපෙත සහ ළමා සවිය
    (රු. මිලියන)
    21 49 30
    7. හදිසි ආපදා සහන
    (රු. මිලියන)
    549 389 243 5,854 5,279
    ගංවතුර නියං සහනාධාර
    (රු. මිලියන)
    521 271 132 5,854 5,279
    පිසින ලද ආහාර පිසූ ආහාර සහ වියළි සළාක
    (රු. මිලියන)
    28 118 111
    8. ආගමික ස්ථාන සඳහා සහය ලබාදීම
    (රු. මිලියන)
    50 50
    8.1 ආගමික ස්ථාන සඳහා ජලය ලබාදීම
    (රු. මිලියන)
    50 50
    9. රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ
    (රු. මිලියන)
    33,122 32,663 97,486 (35,777) (131,436)
    9.1 ඛණිජ තෙල් (ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව)
    (රු. මිලියන)
    19,468 69,620 3,504 (104,037)
    9.2 භූමිතෙල්
    (රු. මිලියන)
    9.3 විදුලිය (ලංකා විදුලි බල මණ්ඩලය)
    (රු. මිලියන)
    15,737 14,499 (49,231) (29,000)
    9.4 ජලය
    (රු. මිලියන)
    252 2,977 738 (568)
    9.5 දුම්රිය
    (රු. මිලියන)
    11,034 7,714 6,773 7,595
    9.6 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
    (රු. මිලියන)
    6,351 5,229 3,617 1,617 2,169
    10. ප්‍රවාහන පහසුකම්
    (රු. මිලියන)
    5,046 5,275 5,288 5,321 5,223
    10.1 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් - අනාර්ථික මාර්ග
    (රු. මිලියන)
    4,770 4,975 4,999 5,000 5,004
    10.2 සන්නද්ධ හමුදාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම
    (රු. මිලියන)
    276 300 289 321 219
    11. පොදු පහසුකම්
    (රු. මිලියන)
    11.1 වීදි ලාම්පු
    (රු. මිලියන)
    එකතුව (රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ හැර)
    (රු. මිලියන)
    125,916 196,103 175,164 185,861 200,613
    සමස්ත සමාජ සමර්පණ
    (රු. මිලියන)
    106,049

    (මූලාශ්‍රය : මුදල් අමාත්‍යංශය)

    වර්තමාන ශ්‍රී ලංකාව තුළ යුරෝපීය සංගමයේ අර්ථ නිරූපණයට අනුව සුභසාධන ගෙවීම් සහ සහනධාරවල සමස්ත වටිනාකම රු. බිලියන 106 කි. එබැවින්, දිළිඳුබවේ ප්‍රශස්ත අවම වීමක් නොමැති අතර එය දිළිඳු පවුල් සන්ඛ්‍යාව ඉහළ යාමේ පසුබිම තුළ, ඔවුන්ගේ පැවැත්ම සඳහා ආධාරයක් පමණක් වේ.


    ක්‍රියාකාරී සැලැස්ම


    1. සුභසාධන ගෙවීම් සහ සහනධාර සඳහා 10%ක වාර්ෂික වැඩිවීමක් සමඟ අයවැයෙන් අතිරේක රු. බිලියන 100 ක් වෙන් කිරීම.
      වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ පවුල් මිලියන 1.5ක් සිටී.
      වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ ප්‍රමාණවත් ජීවන තත්වයක් ලබාගත නොහැකි සියලූම පවුල් සඳහා "සමෘද්ධි 2" ආරම්භ කර, ඒ යටතේ ඔවුන්ට දරිද්‍රතාවයෙන් මිදීමට අධ්‍යාපන ප්‍රතිපාදන ලබාදීම, ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා සිදු වේ.
    2. සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධන ව්‍යාපෘතිවල දෙවන අදියර වශයෙන් අධ්‍යාපන ප්‍රතිපාදන ලබදීම, ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා දිළිඳු බව සම්පූර්ණයෙන්ම තුරන් කිරීම.
      • දිළිඳු බව අවම කිරීමට ඉවහල් වන දර්ශක 50 ක් හඳුනා ගැනීම. උදා. ස්ථාවර ආදායම, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පෝෂණය, ආරක්ෂිත නිවාස, සාක්ෂරතාවය වැනි.
      • දරිද්‍රතා රේඛාවට පහළින් සිටින මිනිසුන් Geo-tag කිරීම සහ ඔවුන්ට ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමට සහය ලබාදීම.
      • අන්ධභාවය,බිහිරි බව, චාලක අපහසුතා සහ දුර්වල මානසික සෞඛ්‍යයෙන් යුක්ත වෙනස් දක්ෂතා සහිත පුරවැසියන් Geo-tag කිරීම මගින් ඔවුන්ට අත්‍යාවශ්‍ය වන තාක්ෂණික සහය ලබාදීම.
      • සියදිවි නසාගැනීමට තැත්කළ අය Geo-tag කිරීම සහ සියදිවි නසාගැනීමට තැත් කිරීමට හේතු පිළිබඳ අවධානයෙන් පසුවීම. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 50% දක්වා අඩු කිරීමට ඒ සඳහා දායක වන හේතුකාරක හඳුනා ගැනීම.
        • සියදිවි නසාගැනීමට අදහස් කරන්නන් වෙනුවෙන් වෙන් කළ දුරකථන මාර්ගයක් (Suicide hotline) වෙත ලැබෙන ඇමතුම් සඳහා අමතන්නාගේ හැඟීම් හොඳින් කළමනාකරණය කළ හැකි, දිවි නසාගැනීමට තැත් කර ජීවිතය බේරාගත් අයෙකු (Suicide survivor) විසින් පිළිතුරු දිය යුතු ය.
      • වකුගඩු රෝගීන් Geo-tag කර නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease- CKD) ඇතුළත්ව මෙම රෝග බලපෑ ප්‍රදේශ හඳුනා ගෙන ගැඹුරු ළිං පහසුකම් සැලසීම. මේ වන විටත් ඉහත කී ජල පිරිපහදු ක්‍රම ගම්මාන කිහිපයකට සපයා තිබේ.
        උදා.- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය
        • අධික පොහොර භාවිතය 20%කින් අඩු කිරීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට පාංශු සෞඛ්‍ය කාඩ්පත් (Soil health card) හඳුන්වා දීම.
      • ශ්‍රී ලංකාවේ වර්ෂයකට පිළිකා රෝගීන් 23,000 ක් හඳුනා ගැනෙන හෙයින් පිළිකා රෝගීන් Geo-tag කිරීම සහ ඔවුන්ට අවශ්‍ය චිත්තවේගී හා මානසික සෞඛ්‍ය උපදෙස් ලබාදීමට විශ්‍රාමලත් සුදුසුකම් සහිත වෛද්‍යවරුන් යෙදවීම.
      • විවිධ හැකියා සහිත (Differently Abled) මිනිසුන් කාණ්ඩගත කළ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ ප්‍රගතිය අධීක්ෂණයට, උපදෙස් දීමට හා සහයෝගය දැක්වීමට වෘත්තිකයන් යොදා ගැනීම.
      • ළමා ආරක්ෂණ පහසුකම් ලබාදීම.
        දරුවන් හිතාමතා නොතකා හැරීමේ සහ ළදරුවන් අතහැර යාමේ සිදුවීම් අවම කිරීම සඳහා, එබඳු මව්වරුන්ට නිර්නාමික ලෙස සිය ළදරුවන් දමා යා හැකි ආරක්ෂිත ස්ථාන (Baby hatches) හඳුන්වා දීම.
      • ළමා දුෂණ නඩු ඇසීම සඳහාම වෙන් වූ වේගවත් අධිකරණ (Fast track courts) හඳුන්වා දීම.
    3. කාන්තා ආරක්ෂාව
      • කාන්තා උපකාර ඇමතුම් සේවාවක් ස්ථාපනය කිරීම.

        පුහුණුව ලත් දුරකථන උපකාරකවරයෙකු අමතා සහය ලබා ගැනීමට. උපකාර සේවාව කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා පවත්වා ගෙන යනු ලබන අතර අමතන්නන්ගේ විවිධ ගැටළු සඳහා සහය ලබා දීමට සහ සානුකම්පාව, සහයෝගය, තොරතුරු සහ දිරි ගැන්වීම් සැලසීමට හැකි වේ. උපදේශකයෙක් හෝ නීතීඥයෙක් ඇමතීම සඳහාද වේලාව වෙන් කර ගත හැක.

      • ලිංගික පීඩාවන්ට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් තමන් ලද කම්පනයට මුහුණ දීම සඳහා සහ ඔවුන්ගේ ඊළඟ පියවර පිළිබඳව තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය සේවා සැලසීමට ලිංගික අතවර සඳහා වෙන් වූ සත්කාර මධ්‍යස්ථානයක් (Sexual Assault Care Centre - SACC) පිහිටුවීම.
        • පැමිණ හමුවීමට හැකි මධ්‍යස්ථාන තුළින් කලින් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව පැමිණි විගස පරිශ‍්‍රයේ රැඳී සිටින සමාජ සේවකයෙකුගේ උපදේශන සේවා ලබා ගත හැකිය.
        • උපකාරක සේවා සහය - දුරකථනය මාර්ගයෙන් පුහුණුව ලත් ස්වේච්ඡා සේවකයෙකුගේ සහය ලබා ගැනීම. වැඩි දුර සහය ලබා ගැනීමට සමාජ සේවකයෙක් හෝ උපදේශකයෙක් හමු වීම සඳහාද වේලාව වෙන් කර ගත හැක.
        • මිතුරු සේවාව - මෙම සේවාව තුළින් පුහුණුව ලත් මිතුරන් ඔබ සමඟ පොලිස් ස්ථානයට, රෝහලට හෝ උසාවියට පැමිණ සිද්ධිය පිළිබද පැමිණිලි කිරීමට හෝ ලිංගික අතවර නඩුව පිළිබඳව සොයා බැලීම, විවිධ නෛතික හා වෛද්‍ය ක්‍රියාදාමයන්හිදී තොරතුරු සහ මානසික සහය ලබාදීම. දුරකථනය හෝ ව්ද්‍යුත් තැපැල් (E-mail) පණිවුඩයක් හරහා මිතුරන් සමඟ සම්බන්ධ විය හැක.
        • උපදේශන සේවා සහ නඩු කළමනාකරණය - ලිංගික අතවරයට ලකු වූ පුද්ගලයන්ට උපදේශකයෙක් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ඉමහත් සහනයක් වේ. ඔවුන් විසින් ලිංගික අතවර වලට ලක්වූවන්ට පසු - විපරම් සත්කාර උපදේශන සලසති. සියළු සහයන් සැපයෙන්නේ දැඩි රහස්‍ය පදනමක් මතය. පළමු උපදේශන සැසි තුන නොමිලයේ පැවැත්වේ. සිව් වන උපදේශනයේ සිට එක් සැසියකට ගාස්තුව ඔබගේ මාසික වැටුපෙන් 1% වන අතර රැකියා විරහිත පුද්ගලයන් සඳහා එක් සැසියකට අය කෙරෙන්නේ රුපියල් 50ක් වෙනි සුළු ගාස්තුවකි.
        • නෛතික උපදෙස් - නීතිමය විකල්ප සොයා බැලීම සඳහා අපගේ අත්දැකීම් සහිත නීතීඥයෙක් සමඟ සම්බන්ධ වීමට දුරකථන ඇමතුමක් ලබා දෙනු ලැබේ.
      • ශ්‍රී ලංකාවේ රක්තහීනතාවයෙන් පෙළෙන කාන්තවන්ට උපකාරයක් ලෙස ඩිජිටල් හිමොග්ලොබින් මීටරයක් ආධාරයෙන් රක්තහීනතා මට්ටම මැන ගැනීමට සහය ලබා දීම, ප‍්‍රතිකාර වශයෙන් ෂත්‍් පෙති ලබා දීම, ප‍්‍රතිකාර සඳහා IFA ලබන්නන්ගේ ජීවන රටාව වෙනස් කර ගනිමින් රුධිරයේ යකඩ මට්ටම වැඩි කර ගැනීමට සහ යකඩ බහුලව ඇති ආහාර, ප්‍රෝටීන් සහ විටමින් සී සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම. රක්තහීනතාවය යනු රුධිරයේ යකඩ ප‍්‍රමාණය අඩු වීමයි. ගර්භණී සමයේ හට ගන්නා රක්තහීනතාවය හේතුවෙන් මාතෘ සහ ළදරු මරණ, මළ දරු උපත් ආදිය ඇති විය හැක. යකඩ ඌණතාවය නිසා ඉන්දියාවට දැරීමට සිදු වී ඇති ඇස්තමේන්තුගත ආර්ථික අලාභය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කි.
    4. ජ්‍යේෂ්ඨ පුරවැසියන්
      • රටේ සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සියළු සේවාවන්වලට ප්‍රවේශ විය හැකි නොනවතින මාර්ගගත ද්වාරයක් (Online Portal) නිර්මාණය කිරීම. මෙම මාර්ගගත ද්වාරය තුළින් පහත සේවා සැපයෙනු ලැබේ.
        • වැඩිහිටියන් රැක බලා ගන්නා පුද්ගලයන් වෙනුවෙන් ඔන්ලයින් වීඩියෝ පුහුණුව සහ පාඨමාලා
        • රජයේ අනුමත වැඩිහිටි නිවාස පිළිබඳ තොරතුරු
        • දේශීය ස්වේච්ඡා සේවා අවස්ථා පිළිබඳ තොරතුරු
        • ජ්‍යේෂ්ඨ පුරවැසියන් හට ආදායමක් සහිතව රැකියාවක නිරත වීම සඳහාම වෙන්වූ රැකියා කොටසක්
        • ආදායමක් සහිත රැකියාවකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බඳවා ගැනීම සඳහා කැපවූ රැකියා අංශයක්
    5. සිරකරුවන් පුනරුත්ථානය සහ අපරාධ අවම කිරීම (අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රත්සංස්කරණ අමාත්‍යංශයේ බන්ධනාගාර පුනුරුත්ථාපනය මාතෘකාව බලන්න).
    6. මත්ද්‍රව්‍ය නිවාරණය
      • මත්ද්‍රව්‍ය අවභාවිතය සහ මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත්භාවය ප‍්‍රචාරණය සඳහා යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම.
      • ඖෂධීය ආධාරක ප‍්‍රතිකාර සැපයීමේදී ඔපියොයිඩ් (Opioid) භාවිතා කිරීමෙන් හට ගන්නා ආබාධ සඳහා ඵලදායී, සාක්ෂි පදනම් කර ගත් ප‍්‍රතිකාර සැපයීමට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා මුදල් නොගෙවා භාවිතා කළ හැකි යෙදවුමක් හඳුන්වාදීම
      • තරුණයන් අතර සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය, මද්‍යසාර බලපෑම සහ පුනරුත්ථාපනය ආමන්ත‍්‍රණය කරමින්, දෙමවුපියන් සඳහා ඔන්ලයින් සඟරාවක් ප‍්‍රකාශයට පත් කිරීම. මෙම සඟරාව තුළින් පහත මාතෘකා ආවරණය වේ.
        • ඇබ්බැහිය සහ මෙම නිදන්ගත රෝගය ජය ගන්නා ආකාරය
        • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ සැඟවුණු සංඥා
        • පුනරුත්ථාපනයට යොමු වීම සහ දිනෙන් දින ඔවුන්ගේ තත්වය වර්ධනය කර ගන්නා ආකාරය
        • Fentanyl ශ්‍රී ලංකාවට තර්ජනයක් වන්නේ කෙසේද?
        • මානසික සෞඛ්‍ය සහ ඇබ්බැහි වීම නොසලකා හැරීම මිළ අධික වැරැද්දක් විය හැක්කේ කෙසේද?
        • යෞවනයන් සහ ගංජා
    7. ළමයින් ආරක්ෂා කිරීම
      • වීදි දරුවන් ආරක්ෂා කිරීම
        වීදි දරුවන් සඳහා විශේෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ මෙම මධ්‍යස්ථාන හරහා අධ්‍යාපන අවස්ථා උදා ලබා දීම.
      • උදෑසන ආහාරය ලබා ගැනීමට මුදල් නොමැති දරුවන් සඳහා ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන යටතේ කූපන් නිකුත් කර හරහා නොමිලයේ ලබා ගත හැකි වන පරිදි සතියේ දින පහට බිස්කට් වර්ග පහක් හඳුන්වා දීම. මෙය වෙළඳ පොල හරහාද මිල දී ගැනීමට අවස්ථව ලබා දීම.
      • ශිෂ්‍යයන්ට පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රවේශ වීම සඳහා පෙර පාසල් හා ප‍්‍රධාන පාසල් වල ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීම. දිනකට පැය 2-3ක දිවා කාලයේ ශාරීරික කි‍්‍රයාකාරකම් වල නිරත වීමට දරුවන්ව යොමු කිරීමට දෙමවුපියන් වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුතුය.
        • සම්පූර්ණ දිනක ළදරු පාසල් වැඩසටහනක ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා දිනකට වැය කරන කාලය පැයක් දක්වා වැඩි කිරීම සහ ඉන් පැය භාගයක් එළිමහන් කි‍්‍රයාකාරකම් සඳහා වෙන් කිරීම.
        • එළිමහනේ පාඩම් කටයුතු පවත්වා ගෙන යාමට පෙර පාසල් ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යාපනික සම්පත් සැපයීම.
        • විධිමත් විෂය ධාරාවෙන් ඔබ්බට ගොස් ප‍්‍රධාන පාසල් තුල ව්‍යුහගත නොවූ කී‍්‍රඩා අවස්ථා වැඩි කිරීම.
        • විවේක කාලය සහ/ හෝ පාසල් වේලාවෙන් පසු ශිෂ්‍යයන්ට පාසල් පහසුකම් සහ කී‍්‍රඩා උපකරණ භාවිතා කිරීමේ අවස්ථාව සැලසීම.
      • පාසල් හා ප‍්‍රජාව හරහා කි‍්‍රයාශීලී සහ සෞඛ්‍ය සම්පන්න සති අන්ත ගත කිරීම සඳහා පවුල් දිරි ගැන්වීම.
        ශාරීරික කි‍්‍රයාකාරකම් හරහා දෙමාපිය - දරු සබඳතා දිරි ගැන්වීම සඳහා සෑම දිස්ති‍්‍රක්කයකම උද්‍යාන, විනෝද සහ ක්‍රීඩා මධ්‍යස්ථාන (Recreation Centre)හා විවෘත ස්ථානයන්හි විනෝද කි‍්‍රයාකාරකම් ඇරඹීම.
      • පහත සේවා හරහා පාසල් තුල විවිධ හැකියාවන් (Differently Abled) සහිත දරුවන්ට සේවා සැපයීම :
        • විවිධ හැකියාවන් (Differently Abled) සහිත දරුවන් සොයා බලා පරීක්ෂා කිරීම.
        • සියළුම රාජ්‍ය සහ දිස්ති‍්‍රක් සම්පත් මධ්‍යස්ථාන කි‍්‍රයාත්මක කිරීම.
        • සහභාගිත්ව අධ්‍යාපනය පිළිබඳ සේවාස්ථ ගුරු පුහුණුව.
        • අවශ්‍යතාවය අනුව පාසල් තුල සම්පත් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම.
        • අවශ්‍යතාවය අනුව උපකරණ සැපයීම.
        • සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන බහු- විනය පුහුණුව ලත් වෘත්තිකයන් ඇතුලත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම.
    8. අසංවිධිත අංශය සංවිධානය කිරීම.
      • ත්‍රිරෝද ර රථ ප්‍රජාව සන්නාමකරණය කර, තත්වයෙන් උසස් කර සහ ඔවුන්ගේ රැකියාව ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීම. මේ අරමුණ සඳහා පුහුණු වීඩියෝ සහ සෙසු ක්‍රම භාවිතා කරේ.
      • ත්‍රිරෝද රථ වෙන් කරවා ගැනීම (Queue Management System) සඳහා නොමිලේ අන්තර්ජාල ඇණවුම් බිහිදොරක් (Booting Portal) සහ පෝලිම් කළමනාකරණ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම.
      • වීදි ආහාර වෙළෙන්දන්
        • ඔවුන්ගේ ව්‍යාපාරයට සහාය පිණිස පහසු ණය ක්‍රම වේදයක් හඳුන්වා දීම.
        • ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස පුහුණු වීඩියෝ හරහා වීදි වෙළඳුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම.
        • දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම හා ඔවුන් ආකර්ෂණය කරගැනීම සඳහා Google Maps හරහා බලපත්‍රලාභී වීදි ආහාර වෙළඳුන් සිටින ස්ථාන සහ ගමන් මාර්ග තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් (Mobile Application) හඳුන්වා දීම.
          • ඔවුන් කුලී රථ (ටැක්සි) හෝ වෙනත් පොදු ප්‍රවාහන ක්‍රම තෝරාගන්නේ නම් ඔවුන්ගේ පහසුව තකා ශ්‍රී ලංකාවේ කඩ සාප්පු වල ලිපිනයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා දීමට සහතික වීම.
    9. විවිධ හැකියා සහිත පුද්ගලයන් නිරීක්ෂණයට සහ ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ සහිත සම්පත් මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවීම.
    10. මාපිය කටයුතු සහ දරුවන් රැක බලා ගැනීම සම්බන්ධව නොමිලේ අන්තර්ජාල පාඨමාලා පැවැත්වීම.
    11. පවුල් ඒකකයන්ට සහාය වීම හා සාරවත් කිරීම සඳහා උපකාරී වන තොරතුරු ඇතුළත් රජයේ අන්තර්ජාල බිහිදොරක් (Portal) නිර්මාණය කිරීම. මෙයට පහත දෑ ඇතුළත් වේ:
      • විවාහ පූර්ව උපදේශනය
      • සෞඛ්‍යමත් විවාහයක් පවත්වාගෙන යාම සඳහා උපදෙස්
      • මූල්‍ය කළමනාකරණය
      • දික්කසාදය හසුරුවා ගැනීම සඳහා උපදෙස්
      • පවුල් සැලසුම් කිරීම
    12. දික්කසාද අවම කරගැනීම
      • විවාහයට පදනම දැමීමට, විවාහපේක්ෂිත යුවළ ගැටුම් නිරාකරණය පිළිබඳ ප්‍රායෝගික කුසතාවලින් සන්නද්ධ කිරීම සහ ඔවුන් අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමට උපකාර වනු පිණිස විවාහයට සූදානම් වීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීම.