ඉලක්ක

  • ප්‍රතිපත්ති, නීතිය හා සේවාවන් හරහා යුක්තිය, නීතිය මත පාලනය, ආර්ථිකය සහ සමාජය වෙත ප්‍රවේශවීම වැඩිදියුණු කිරීම.
  • සුහුරු ආරක්ෂාව (ස්මාට් ආරක්ෂාව -Smart Security)
  • බන්ධනාගාර පුනරුත්ථාපනය
  • දූෂණය අවම කිරීම

  • ක්‍රියාකාරී සැලැස්ම


    පොලිස් දෙපාර්තමේන්තුව

    ’’ස්මාට්‘‘ ආරක්ෂාව - Smart Security

    1. පොලිස් විමර්ශනයට ලක්ව ඇති තැනැත්තන් හඳුනාගැනීම සඳහා සුවිශේෂී ඩිජිටල් ජෛවමිතික (Digital Biometric) ක්‍රමයක් හඳුන්වා දීම.
    2. මුහුණු අනාවරණ තාක්ෂණය සහිත පිරික්සුම් කැමරා (CCTV) සියලූ ප්‍රධාන පොදු ස්ථාන සහ පුද්ගලික ස්ථාන තුළ සවි කිරීම.
    3. අපරාධ දත්ත ගබඩාවන් ලෝක ආරක්ෂක ඒජන්සි සමග හුවමාරු කර ගැනීම. රට තුළට ත්‍රස්තවාදීන් ඇතුළු වීමේ අවදානම හේතුවෙන් ගුවන් තොටුපොළවල මුහුණු අනාවරණ තාක්ෂණය (Facial Recognition) ද ස්ථාපිත කළ යුතුය.
    4. Smart Glasses හරහා කාලාන්තර වෙනසකින් (real time) තොරව පොලිසිය විසින් මුහුණු අනාවරණ තාක්ෂණය උපයෝගී කර ගැනීම.
    5. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ අපරාධමය ක්‍රියාවන් පරීක්‍ෂා කිරීම සඳහා දත්ත තාක්ෂණය (data science) යොදාගැනීම.
    1. මෙතෙක් කොළඹදී පමණක් විදේශ රැකියා අපේක්ෂිතයන්ට නිකුත් කෙරුණු පොලිස් නිෂ්කාෂණ සහතික සෑම දිස්ත්‍රික්කයකම පොලිස් සේවාවන් විසින් සපයනු ඇත.
    2. ‘භාෂා බාධක මැඩලීම (උදා- යාපනය දිස්ත්‍රික්කයේ දමිළ බස භාවිතා වීම) සහ පොලිසිය නිවසේ දොරකඩට පැමිණ සේවාවන් ලබාදීම සඳහා ‘පොලිසිය නිවසට’ ("Home Police Programme") වැඩසටහන හඳුන්වා දීම. මෙම වැඩසටහන මගින් දිවයින පුරා පොලිස් ස්ථාන (496)කට නිලධාරිනියන් 10 දෙනා බැගින් බඳවා ගැනීමට යෝජිත අතර, එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 5 බැගින් සැපයේ.

      පොලිස් නිලධාරීන් 1,700 දෙනෙක් සෑම වර්ෂයකම විශ්‍රාම ගන්නා අතර මෙකී පොලිස් නිලධාරීන්ට 'පොලිසිය නිවසට‘ වැඩසටහන සඳහා බඳවා ගැනීම මගින් වසර 3 ක් ඇතුළත මෙම ඉලක්කය සම්පූර්ණ කර ගත හැක.

      ඔවුන්ගේ කාර්යයන්ට ගෘහස්ථ ප්‍රශ්න, එනම් ළමා අපයෝජනය, ගෘහස්ථ හිංසනය සහ පාසල්වල ආරක්ෂාව ඇතුළත් වනු ඇත. මේ සඳහා අන්තර්ජාලය මගින් සහ ක්‍ෂේත්‍රගත ව පුහුණුව ලබා දෙනු ඇත.

    3. තත්කාලීන (real time) තොරතුරු හුවමාරුව හරහා විමර්ශන කඩිනම් කිරීම. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාගැනීම සහ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සැකකරුවන්ගේ ඡායාරූප ලබාදීම, එසැණින් ජංගම නඩු ගොනු කිරීම, ඩිජිටල් ක්‍රමයට සාක්ෂි හසු කර ගැනීම, ජංගම අනන්‍යතා තහවුරුව සහ රැකවරණ භාරයේදී බහුවිධ ක්‍රම මගින් සෝදිසිය සහ සමාජ මාධ්‍ය පිරිස් මූල විමර්ශන (crowd sourced investigation) මගින් මෙය සිදුවනු ඇත.
    4. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වරදකරුවන්ගේ වැඩිදුර විස්තර වාර්තා කර ගැනීම සඳහා Pronto වැනි ජෛවමිතික තාක්ෂණයන් (Biometric technology) යොදාගැනීම. මෙම තොරතුරු පසුව, සියලූ පොලිස් නිලධාරීන්ට ප්‍රවේශ විය හැකි අන්තර්ජාල දත්ත ගබඩාවකට ඇතුළත් වනු ඇත.
    5. වේගසීමා දඩ වැනි කාර්යයන් සරල ක්‍රමවේදයක් හෙවත් streamline කිරීම සහ ඩිජිටල්කරණය කිරීම.
    6. ප්‍රගාමී පොලිස් ක්‍රමය (proactive policing) යොදාගැනීම - පූර්ව චක්‍රාකරයෙන් අපරාධ සිදුවිය හැකි ස්ථාන හඳුනාගැනීම සඳහා අන්වේක්ෂණ තාක්ෂණය යොදාගැනීම. අනාගත අවදානම් ආකෘතිගත කිරීම පිණිස පුරෝකථනශීලී පොලිස් විශ්ලේෂණ යොදාගැනීම සහ තීරණ ක්‍රියාවට නැංවීම සඳහා සාක්ෂි පදනම් කරගත් බුද්ධි තොරතුරු විශ්ලේෂණය යොදාගැනීම.
    7. ස්ථානීය දඩ ක්‍රමය (spot fines) හඳුන්වා දීමට ඉලෙක්ට්‍රොනික් මෙවලම් හෝ ජංගම ගෙවීම් ක්‍රමය යොදාගැනීම.
    8. පොලිස් විමර්ශනවලට සාක්ෂි සෙවීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය සහ DNA පරීක්ෂණ විද්‍යාගාර තිබිය යුතුය.
    9. ePolice යෙදවුම හඳුන්වා දීම - මෙය, ස්වයංක්‍රීය ජෛවමිතික අනාවරණ ක්‍රම, වෝහාරික විශ්ලේෂණ සහ සිද්ධි කළමනාකරණ පද්ධති වැනි සියලූ නීතිසාධන ඒකකවල අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම පිණිස සංගෘහිත වේදිකාවකි.
    10. පොලිස් නිලධාරීන් සඳහා අන්තර්ජාල පුහුණු වීඩියෝ හඳුන්වා දීම.
    11. අපයෝජනය සහ මානසික සෞඛ්‍ය සේවාවන් පිළිබඳ දැනුවත්භාවය ප්‍රචලිත කිරීම සඳහා නිල යූ ටියුබ් චැනලයක් (Official Youtube Channel) ස්ථාපිත කිරීම.
    12. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා හටගන්නා ආබාධ තත්වයන් ට MAT හෙවත් medication assisted treatment ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබාදෙන සුව සේවා වෘත්තිකයන් සවිබල ගැන්වීම සඳහා නොමිලේ යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දීම.
    13. තරුණයන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, මත්පැන්වල බලපෑම් සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් දෙමාපියන් ඉලක්ක කරගත් අන්තර්ජාල සඟරාවක් ප්‍රකාශනය කිරීම. මෙහි පළවන ලිපි මගින් පහත ක්‍ෂේත්‍රයන් ආවරණය වනු ඇත.
      • ඇබ්බැහි වීම සහ මෙකී නිදන්ගත තත්වයෙන් මිදෙන්නේ කෙසේද?
      • මත් ඇබ්බැහියේ සැඟවුණු ලක්ෂණ
      • පුනරුත්ථාපනයට යොමුවීම සහ පුද්ගල සංවර්ධනය සඳහා සෑම දිනක්ම මගපෙන්වන අයුරු
      • ශ්‍රී ලංකාවට Fentanyl තර්ජනාත්මක වන්නේ කෙසේද?
      • මානසික සෞඛ්‍යය සහ ඇබ්බැහිය නොසලකා හැරීම අතිශය බරපතළ වැරැද්දක් වන්නේ කෙසේද?
      • තරුණයන් සහ මරිජුවානා (කන්සා) ඇතුළු මත්ද්‍රව්‍ය (cannabis)

    බන්ධනාගාර පුනරුත්ථාපනය

    බන්ධනාගාර ගත වූ පුරවැසියෝ

    මූලාශ්‍රය - 2017 බන්ධනාගාර සංඛ්‍යාලේඛන

    2017 වසරේදී ශ්‍රී ලංකාවේ වරද තීන්දුනොවූ සිරකරුවෝ 99,036 ක් විය. එයින් 6.8% ක් පාසල් ගොස් නැති අතර, 52.9%ක් 5 ශ්‍රේණිය දක්වාද, 85.1%ක් 8 ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලද අය වූහ. කෙසේ වෙතත් අ.පො.ස. උසස් පෙළ සහ එයින් ඉහළට අධ්‍යාපනය ලද වරදකරුවන් නොවන සිරකරුවන් සිටියේ 3.1%ක් පමණි.

    මේ අනුව, සෑම දරුවෙකුම අවම වශයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේනම්, බන්ධනාගාරවලින් හරි අඩක් වසා දැමිය හැකි වේ.

    1. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වරදකරුවන්ගේ වැඩිදුර විස්තර වාර්තා කර ගැනීම සඳහා Pronto වැනි ජෛවමිතික තාක්ෂණයන් (biometric technology) යොදාගැනීම. පසුව මෙම තොරතුරු, සියලූ පොලිස් නිලධාරීන්ට ප්‍රවේශ විය හැකි අන්තර්ජාල දත්ත ගබඩාවකට ඇතුළත් වනු ඇත. මෙහි භාවිතයන් සහ වාසි අතරට, පොලිසිය විසින් වරදකරුවන්ව ඔවුන්ගේ ඇඟිලි සලකුණු වලින් ඒ අවස්ථාවේදීම හඳුනා ගැනීමට හැකි වීම, ක්‍ෂේත්‍රයේ රාජකාරි කරන අතරවාරයේම ජාතික පොලිස් දත්ත ගබඩාවට ප්‍රවේශය ලබාගත හැකි වීම සහ වේග දඩ ටිකට් වැනි ඩිජිටල්කරණය වූ කාර්යයාවලි මගින් ඵලදායීතාවය ඉහළ නැංවීම ඇතුළත් වේ.
    2. සිරකරුවන්ට දඩ සහ උසාවි ගාස්තුවලින් සහනයක් ලබාගැනීම සඳහා ප්‍රජා සේවාවන්ගේ නිරත විය හැකි ණය සහන වැඩපිළිවෙළක් බන්ධනාගාරවලට හඳුන්වා දීම.
    3. විද්‍යාව, සාහිත්‍යය, ආගම සහ ඉතිහාසය පිළිබඳ පෙර අනුමැතියක් ලද පොත් අතරින් කියවන හා සමාලෝචනය කරන සෑම පොතකටම දින 4 බැගින් සිරකරුවන්ගේ දඬුවම අඩු කිරීම.

    අධිකරණ අමාත්‍යාංශය

    1. පහත දැක්වෙන පියවර මගින් දූෂණය අවම කිරීම,
      • සෑම අමාත්‍යාංශයකම අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සිටිය යුතුය.
      • සෑම අමාත්‍යාංශයකම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු සිටිය යුතුය.
      • සියලූම ප්‍රසම්පාදන කාර්යයන් සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන ක්‍රමයක් (e-Procurement System) හඳුන්වා දීම.
      • දේශපාලන අරමුදල් යොදාගැනීම හා අල්ලස අධෛර්යමත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම.
      • පාර්ලිමේන්තු සාමාජිකයන් සඳහා වත්කම් ප්‍රකාශ කිරීමේ විධිමත් ක්‍රමයක් හඳුන්වා දීම.
      • ව්‍යාපෘති ප්‍රසම්පාදනය සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීම, රජය, ව්‍යස්ථාපිත ආයතන සහ රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන් (state-owned enterprises -SOEs) සම්බන්ධ සියලූ ව්‍යාපෘතිවලදී රජයේ අභිලාෂය ආරක්ෂා වන පරිදි ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම.
      • ඕනෑම ගිවිසුම් උල්ලංඝනයකදී ගිවිසුම උල්ලංඝනය කළ පාර්ශවයට විරුද්ධව යම් නිශ්චිත කාලයක් තුළ ගිවිසුම අවසන් කිරීම සහ/හෝ සිවිල් නඩුවක් පැවරීම රජයට කළ හැක.
    2. මූලික සුව පහසුකම්, ආසන සහ ආලෝකය පවතින සේ අධිකරණ ගොඩනැගිලිවල යටිතල පහසුකම් දියුණු කිරීම.
    3. අධිකරණ ශාලාවලට පරිගණක සැපයීම හෝ අලූත්කිරීම, ශබ්ද උපකරණ, බහුමාධ්‍ය (මල්ටිමීඩියා) උපකරණ, අත්‍යාවශ්‍ය මෘදුකාංග සහ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාදීම.
    4. අධිකරණ ශාලාවේ කටයුතු කාර්යක්‍ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා පුහුණුවලත් අධිකරණමය නොවන නිලධාරීන් ප්‍රමාණවක් ලෙස ලබාදීම.
    5. පරිවර්තනය, පිටපත් කිරීම, ලඝු ලේඛනය සහ පරිගණක පද්ධති කළමනාකරණය වැනි අධිකරණ සේවාවන් සම්පාදනය සඳහා පුහුණු ආයතනයක් පිහිටුවීම.
    6. ඩිජිටල් තොරතුරු පද්ධතියක් අධිකරණයට හඳුන්වා දීම.
    7. ස්ත්‍රී දූෂණ නඩු සඳහා සුවිශේෂී වූ වේගවත් අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වා දීම.

      ස්ත්‍රී දූෂණ නඩු දිනපතා ඇසිය යුතු අතර, ස්ත්‍රී දූෂණ නඩුවලට අදාළ විමර්ශන මාස 4 ක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය. තවද නඩු විභාගය වසර 1 ක කාලයක් තුළ අවසන් විය යුතුය.

      මෙය ඉටුකර ගැනීමට,

      • ස්ත්‍රී දූෂණ නඩු විමර්ශනය කිරීම සඳහාම කැප වූ මිනිස් ශ්‍රමය සහිත වීම.
      • සෑම දිස්ත්‍රික්කයකම සාක්ෂි ලබාගැනීම සඳහාම කැප වූ වෝහාරික විද්‍යාගාරය බැගින් පැවතීම.
      • සියලූ රෝහල් සහ පොලිස් ස්ථානවලට දූෂණ සිදුවීම්වලදී භාවිතා කළ හැකි විශේෂ වෝහාරික කට්ටල (Special forensic kits) සැපයෙනු ඇත.
    8. පහත දැක්වෙන කරුණු සලසා දෙන අන්තර්ජාල දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම.
      • කෙටුම්පත් කළ සෑම නීතියක්ම මෙමගින් මහජනතාවට කියවිය හැකිය. එම කෙටුම්පත් නීතිය ඉදිරිපත් කළේ කවුද, එහි වත්මන් තත්වය සහ පාර්ලිමේන්තු කාර්යපටිපාටිය තුළදී එයට සිදුකළ වෙනස්කම් එමගින් දැකගත හැකි විය යුතුය.
      • සභා වාර පුරවැසියන් හට සජීවී ලෙස දැකබලා ගත හැකි විය යුතුය.
      • නගර නීති සහ සෙසු ලේඛන අන්තර්ජාලයට එක් කිරීම - මෙමගින් දූෂණය අඩු වන අතර, ව්‍යස්ථා සම්පාදන කටයුතුවලදී පුරවැසියන්ට අභිලාෂයක් ලැබේ.
    9. මත්ද්‍රව්‍ය භාවිතා කරන අතරතුරදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ බන්ධනාගාරගත කරනු වෙනුවට ඝෘජුවට ඔවුන් පුනරුත්ථාපනයට යොමු කිරීම සඳහා පොලිස් ස්ථාන සමග අන්තර්ජාලයේ වීඩියෝ කොන්ෆරන්ස් ක්‍රමය හරහා සම්බන්ධ වන මත්ද්‍රව්‍ය උසාවි හඳුන්වා දීම.

      වර්තමාන නීතිවලට අදාළ වන්නේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් ය.

      අධිකරණ සහ බන්ධනාගාර (අවසාන ඡේදය)

      වරදකරුවන්ට සිය රැඳවුම් කාලයේ ඉතිරිය ප්‍රජාව සමගින් ගතකිරීමට අවස්ථාව සැලසෙන සේ, ඉලෙක්ට්‍රොනික් අධීක්ෂණ අඩස්සියකට යටත්ව, දිවා කාලයේදී රැකියාවක හෝ අධ්‍යයන කටයුතුවල යෙදී, රාත්‍රී කාලය අධීක්ෂණ මධ්‍යස්ථානයේ ගත කිරීමට හෝ ව්‍යුහගත අර්ධ-නිවාස ක්‍රමවේදයක් යටතේ ගතකිරීමට අවස්ථාව සලසා දීම.