ඉලක්ක

  • රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 25,200 සිට 60,000 දක්වා ඉහළ නැංවීම සහ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 15,000 සිට 105,228 දක්වා ඉහළ නැංවීම.
  • සරසවි උපාධිධාරීන්ගේ සමස්ත සංඛ්‍යාව වාර්ෂිකව 180,000 සිට 360,00 දක්වා ඉහළ නැංවීම.

  • ක්‍රියාකාරී සැලැස්ම


    1. දැනට රැකියා වෙළඳපළේ වැඩි ඉල්ලූමක් තිබෙන්නේ තොරතුරු තාක්ෂණය (ICT) ඉංජිනේරු (Engineering) සහ පරිඝණක භාෂා (Programming) අංශවල රැකියා සඳහයි.

      රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් ලබාදෙන තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු සහ පරිඝණක භාෂා පාඨමාලා යොදාගෙන, බාහිර උපාදි පිරිණැමීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයි.

      සෑම මාස 6කට වරක් පිළිගත් රාජ්‍ය විශ්ව විද්‍යාල විභාග පටිපාටිය යොදාගෙන විභාග පවත්වාල එම විභාග සමත් අයට බාහිර උපාධි පිරිනැමීමේ වැඩපිළිවෙක් පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන හරහා ආරම්භ කළ යුතුයි.

      මෙමඟින් ලබන වසර 5ට සිසුන් ලක්ෂ 2කට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබේ.

      එම නිසා ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් උපයාගත හැකිය.
    2. අඩු ලකුණු ලබාගන්නා ක්‍ෂේත්‍ර වැඩිදියුණු කිරීම මගින් දැනට පවතින විශ්ව විද්‍යාලවල ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම.

      Times Higher Education World University Ranking මිණුම් ලකුණක් බවට පත් කරගනිමින්,

      • ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම.
      • සරසවි ක්‍ෂේත්‍රයේ ආදායම වැඩි දියුණු කිරීම.
      • ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය වැඩි කිරීම.
      • ජර්නල් පත්‍රිකා ප්‍රකාශනය සහ උපුටනය සිදුකරන වාර ගණන වැඩි කිරීම.
    3. රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් නොමැති උපාධි පාඨමාලා හැර සෙසු සියලූ උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සහතිකයක් ලබාදිය යුතුය. සියළුම රජයේ විශ්ව විද්‍යාල වල උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සඳහා සහතිකයක් ලබාදිය යුතුය. රැකියා වෙළඳපළ තුළ ඉල්ලූමක් නොමැති පාඨමාලා අහෝසි කළ යුතුය.
    4. කාර්මික ඉල්ලූම සහ අනාගත රැකියා නියුක්තික අවස්ථාවලට සරිලන පරිදි රජයේ විශ්ව විද්‍යාලවල පාඨමාලා සමාලෝචනය කිරීම.
    5. රජයේ වෛද්‍ය විද්‍යාලවල ධාරිතාවය වෛද්‍ය සිසුන් 1300 සිට 2000 දක්වා වැඩි කිරීම සහ දන්ත වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම වැඩි කිරීම. පුද්ගලික වෛද්‍ය පාසල් තහනම් කිරීම.
    6. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සරසවි විසින් අන්තර්ජාල බිහිදොරක් (online portal) හරහා දේශන පහසුකම් සැපයීම.
    7. ආණ්ඩුව විසින් ඇතුළත් වන සිසුන් සඳහා ණය සහන සැපයීම සහ සාමාර්ථයන් පළ කරන සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම.
    8. විදෙස් ගතව උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සිසුන්ට රජයේ විශ්ව විද්‍යාල විසින් IELTS වැනි භාෂා ප්‍රවීණතා විභාග සඳහා පහසුකම් සැපයීම.
    9. රජයේ විශ්ව විද්‍යාල පුස්තකාලවල තිබෙන පොත්පත් e-Library ක්‍රමයට නවීකරණය කිරීම.
      මෙහිදී රජය විසින් අන්තර්ජාතික විද්‍යුත් පොත් (e-books) මිලදී ගෙන eLibrary හරහා ඒවා සිසුන්ට නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතුය.
    10. රජයේ විශ්ව විද්‍යාලවල සියලූ විද්‍යාගාර, නවීනතම මෙවලම්-උපකරණ සමග තත්වයෙන් උසස් කළ යුතුය.
    11. අන්තර්ජාලය හරහා වෙන් කරවා ගැනීමේ පද්ධතියක් මගින් රජයේ විශ්ව විද්‍යාලවල විද්‍යාගාර සෙසු පර්යේෂණ ක්‍රියාකාරකම් සඳහා ද විවෘත කළ යුතුය.
    12. නිසි සනීපාරක්ෂක පහසුකම් සහිතව රජයේ සරසවිවල සියලූ නේවාසිකාගාර ප්‍රමිතියෙන් උසස් කළ යුතුය.
    13. සියලූ රජයේ සරසවි ආපනශාලා / භෝජනාගාර ප්‍රමිතිගත සෞඛ්‍යමත් මාර්ගෝපදේශනයන්ට අනුගත විය යුතුය.
    14. රජයේ සරසවිවල සියලූ ආකාරවල නවක වධය තහනම් කළ යුතුය.
      2016 සිට 2018 ජූලි දක්වා කාලය තුළ නවක වධය හේතු කොටගෙන රජයේ සරසවිවලින් සිසුන් 1980 දෙනෙක් ඉවත්ව ගොස් ඇත.
    15. උසස් අධ්‍යාපනය සඳහා 0% සමාගම් බද්ද සහ 0% වැට් බද්ද පැනවීම.

      වෛද්‍ය විද්‍යාල නොවන පුද්ගලික සරසවි සහ පුද්ගලික ජාත්‍යන්තර සරසවි ඉදිකිරීමට උපකාර වනු පිණිස ඉදිරි වසර 25 ක් සඳහා බලපැවැත්වෙන ලෙස මෙම බදු ප්‍රතිශතයන් පැනවිය යුතුය.

    16. ශ‍්‍රී ලංකාවෙන් සිසුන් 25,000ක් පිටරට ඉගෙනිම සදහා පිටත් වේ. එම එක් සිසුවෙකුගෙන් අවුරුද්දක් සදහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් 30,000කි.

      කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සිට මිනිත්තු 30න් ළඟා විය හැකි ප‍්‍රදේශයක රජය විසින් සිසුන් 150,000කට (එක් විශ්ව විද්‍යාලයකට සිසුන් 30,000 බැගින්) ඉගෙනුම ලැබිය හැකි විශ්වවිද්‍යාල 5ක් ඉදිකරල එහි කළමණාකාරිත්වය ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළින්ම සිටිනල විශ්ව විද්‍යාල 5කට ලබා දිය යුතුය.

      මෙම විශ්ව විද්‍යාල 5 සඳහා විදේශ සිසුන් 25,000ක් අවුරුද්දකට ගෙන ඒමේ වැඩ සටහනක් ආරම්භ කර, තවත් ලාංකික සිසුන් 25,000ක් ඇතුළුව, මුළු සිසුන් 50,000කට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින් සහනදායී ණය පහසුකම් ලබා දීම.

      ඉහත වැඩ සටහන නිසා විදේශ සිසුන් 25,000ක් අප රටට ඇතුළු වීමෙන් ඇමරිකන් ඩොලර් බිලියන 2.25ක් මෙරටට නැවත උපයා ගත හැක.
    17. දිස්ත්‍රික්කය සන්නාමගත කිරීමේ මුලපිරීම් යටතේ සෑම දිස්ත්‍රික්කයකම පුද්ගලික විශ්ව විද්‍යාලයක් හෝ අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් පිහිටුවීම දිරිමත් කිරීම.
    18. වසරකට සිසුන් 105,228 ක ඉලක්කයක් සමග උසස් පෙළ සමත් සෑම සිසුවෙකු හටම පුද්ගලික විශ්ව විද්‍යාලයවල අධ්‍යාපනය හැදෑරීම සඳහා රු. මිලියන 1.2 ක පොලී රහිත අධ්‍යාපන ණයක් හඳුන්වා දීම.
    19. STEM ආකාරයේ නව අංශ සහ විදේශීය විශ්ව විද්‍යාල සමග අංශ අතර හවුල්කාරිත්වයන් ඇති කිරීම.
    20. සරසවි ආචාර්යවරුන්ගේ පර්යේෂණවල ගුණාත්මකභාවය හා ප්‍රකාශන වේගය වැඩි කරගැනීම සඳහා ඔවුන් විසින් එළිදක්වන ජර්නල් පත්‍රිකා ගණන මත පදනම්ව සිය වැටුපට අමතරව ඔවුන්ට දිරි දීමනාවක් ලබාදීම ස්ථාපිත කිරීම.
    21. විදෙස් සරසවි සමග හවුල්කාරීත්වයන් ස්ථාපිත කර ගැනීම සහ ශිෂ්‍ය හුවමාරුව, දේශකවරුන් හුවමාරුව, පර්යේෂණ හා විශේෂඥ දැනුම හුවමාරුව.
    22. පුද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම වැඩි කිරීම.
    23. සියලූ පාඨක ග්‍රන්ථ බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කිරීම සහ නොමිලේ ශ්‍රව්‍යාධාර හා දෘෂ්‍යාධාර ලබාදීම.
    24. රටේ සියලූම පුරවැසියන්ට සිය මව් බසට අමතරව සිංහල/ඉංග්‍රීසි/දමිල භාෂාවන් ඉගෙනීම සඳහා ඔන්ලයින් ඉගෙනුම් පහසුකම් සැපයීම.
    25. සෑම සරසවියකටම වෘත්තීය උපදේශන මගපෙන්වීම් සපයනු ලැබේ.
    26. උපදෙස් සහ දිරිගැන්වීම් මගින් තාක්ෂණික/විද්‍යා සිසුන් හට ව්‍යවසායකයන් වීමට දිරිගැන්වීම.
    27. උපාධිය මත පදනම්වූ සීමාවාසික පුහුනු සඳහා ශිෂ්‍යයන් හා අදාළ ආයතනයන් එකිනෙකා සමග සම්බන්ධ කිරීම.
    28. සෑම සරසවියකම මානසික සෞඛ්‍ය උපදේශන පහසුකම් සැපයීම.
    29. පෞරුෂය සංවර්ධනය පිළිබඳ අන්තර්ජාල බිහිදොරක් (Online Portal) පාසල් සහ සරසවි සිසුන් සඳහා ස්ථාපනය කිරීම.