ඉලක්ක

  • TVETසහතික පත්‍ර ලාභීන් සංඛ්‍යාව වසරකට 79,200 සිට 144,000 දක්වා ඉහළ නැංවීම මගින් වාර්ෂිකව සියලූ පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුන් අතරින් 40%ක් TVET සහතික පත්‍ර ලාභීන් බවට පත්කිරීම.
  • ශ්‍රම බලකායේ නුපුහුණු ශ්‍රම දායකත්වය, පුහුණු ශ්‍රම දායකත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා වත්මන් නුපුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වන 225,600 එනම් සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 62.8%ක් 36,000 දක්වා, එනම් 10% දක්වා අඩු කිරීම.
  • සිසුන්ට සහ ඉගෙනුම ලබන වැඩිහිටියන්ට රැකියා කුසලතා සහ අඛණ්ඩ ඉගෙනීම තුළින් කුසලතා, දැනුම සහ සාරධර්ම වැඩි දියුණු කිරීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීම.
  • පුහුණු ප්‍රමිතීන්, කුසලතා පුහුණුව සහ සහතිකගත කිරීමේ ක්‍රමවේදය සංවර්ධනය කිරීම හා අඛණ්ඩව ඒවා යාවත්කාලීන කිරීම
  • නිපුණතා පුහුණුව ප්‍රවර්ධනය කිරීම සහ උපාය මාර්ග හා කුසලතා පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම


  1. TVET ආකර්ෂනීය ඉගෙනුම් තේරීමක් බවට පත්කිරීමට මේ සඳහා කැප වූ සන්නාම මාර්ගෝපදේශනයක් නිර්මාණය කිරීම.
  2. ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන්ට විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා නායකත්වය ගැනීමට ඉඩ සලසාදෙමින්, උපාධිධාරී සහ විදේශීය සේවා නියුක්තිය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන්වල ගුණාත්මකභාවය උසස් කිරීම.
  3. TVET ආයතන අලූතින් පිහිටුවීමේදී 0%ක ව්‍යාපර බද්ද සහ 0%ක වැට් බද්දක් ලෙස ඉදිරි වසර 25 සඳහා සහතික කිරීම.
  4. ඉන්දියාව, ජර්මනිය සහ මැලේසියාව යන රටවල පවතින TVET පාඨමාලා අධ්‍යයනය කිරීමෙන්, රැකියා වෙළඳපොළ තුළ ඇති ඉල්ලූමට සරිලන පරිදි නව පාඨමාලා හඳුන්වා දීම.
  5. සියලූම NVQ සහතිකපත්‍ර මට්ටම් සඳහා සුදුසුකම්ලත් දේශකවරුන්ගෙන් සමන්විත වූ අංගසම්පූර්ණ TVET මධ්‍යස්ථාන, දිස්ත්‍රික්ක 25 තුළම පිහිටුවීම. මෙහි ඉලක්කය වන්නේ TVET සහතිකපත්‍රධාරීන්ගේ ප්‍රමාණය 79,200 සිට 144,000 දක්වා ඉහළ නැංවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට සම්පූර්ණ සිසුන් පිරිස අතරින් TVET සහතිකපත්‍රධාරී සිසුන්ගේ ප්‍රමාණය 40%ක් වනු ඇත.
  6. දැනට පවත්නා තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථාන, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික ආයතනවල දායකත්වය ඇතිව තත්වයෙන් වැඩි දියුණු කිරීම.
  7. TVET විෂයමාලාව පැය 4, පැය 6, පැය 12, පැය 20, එක්දින, එක් සති සහ එක් මාසික කාලසීමාවන් සඳහා කෙටි පාඨමාලා හඳුන්වා දීම.
  8. රැකියා වෙළඳපොළ ඉල්ලූමට සරිලන පරිදි සැපයුම් ධාරා අංශ සඳහා අතිරේක TVET පාඨමාලා හඳුන්වා දීම.
  9. කාන්තාවන් සඳහා පවතින TVET පාඨමාලා සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම.
    • කාර්යාල කළමනාකරණය, පරිගණක ක්‍රියාකරවීම, ක්‍රමලේඛන සහායක, සංචාරක සහායක ආදිය.
    • එයට අමතරව කේශාලංකරණ, ෆෙෂල්, නිය අලංකරණ සහ ඇඳුම් මැසීම ක්ෂේත්‍රයන් හි කෙටි පාඨමාලා (සති 1- සති 2) හඳුන්වා දීම.
  10. TVET උපදේශකවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපදේශකවරුන් පුහුණුකිරීමේ පාඨමාලා හඳුන්වා දීම.
  11. සියලූ පුරවැසියන් සඳහා ඔන්ලයින් භාෂා පාඨමාලා නොමිලේ ලබාදීම.
  12. සිසුන්ට සිය වර්තමාන කුසලතා මට්ටම් තක්සේරු කර ගැනීමට සහ වැඩිදියුණු කර ගත යුතු නිපුණතා මට්ටම් හඳුනා ගැනීම සඳහා ඔන්ලයින් කුසලතා තක්සේරුකරණ ද්වාරයක් (Online skill assesment portal)ක්‍රියාවට නැංවීම.
  13. රැකියා විරහිත පුරවැසියන් geo-tag කිරීම සහ ඔවුන්ගේ කුලසතාවලට ගැළපෙන රැකියාවලට ඔවුන්ව යොමු කිරීම සඳහා රැකියා බැංකුවක් ක්‍රියාවට නැංවීම. මෙමඟින් රැකියා ලැබෙනතෙක් නව සිසුන්ව අධීක්ෂණය කෙරෙනු ඇත.
  14. දිස්ත්‍රික් මට්ටමෙන් රැකියා උත්පාදනය පිළිබඳ විශේෂිත වූ සැලැස්මක් නිර්මාණය කිරීම.
    • සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා
      සංචාරකයන්ට මගපෙන්වීමේ පුහුණු පාඨමාලා, සිල්ලර අලෙවි සැල්, ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පළ පවත්වා ගෙන යාම, වෙරළාශ්‍රිත සමාජශාලා පවත්වාගෙන යාම, බාටෙන්ඩර්වරුන්, භෝජනාගාර සහයකවරුන් සහ පිළිගැනීමේ නිලධාරී ක්ෂේත්‍රයේ රැකියා යනාදිය.
    • ඔන්ලයින් සත්කාරක ක්ෂේත්‍ර පාඨමාලා හරහා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා උත්පාදනය.
    • ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පවත්වාගෙන යාම වීඩියෝ මාර්ගිකව පුහුණු කිරීම.
    • හෙද පුහුණු පාඨමාලා.
    • අත්යන්ත්‍ර මඟින් නිෂ්පාදනය කරන රෙදිපිළි, සම්ප්‍රදායික අත්කම් සහ හස්ත කර්මාන්තය යනාදිය සම්බන්ධ පාඨමාලා සඳහා අරමුදල් සැපයීම. .
  15. පහත තොරතුරුවලින් සමන්විත වූ, TVET සිසුන් සඳහා විශේෂයෙන් වෙන් වූ වෙබ් අඩවියක්
    • අවට ප‍්‍රදේශයේ පිහිටා ඇති තාක්ෂණික විද්‍යාල.
    • ප්‍රදේශ මත පදනම්ව ලබාගත හැකි පාඨමාලා.
    • වෘත්තීය මාර්ගෝපදේශනය.
    • ප්‍රදේශයේ පවතින රැකියා.
    • වීඩියෝ පාදක කරගත් TVET පාඨමාලා අධ්‍යාපනය.
    • වීඩියෝ පාදක කරගත් පෞරුෂ වර්ධන සහ කුසලතා සංවර්ධනයට අවශ්‍ය උපදෙස්.
  16. හෙද පුහුණු පාසල්වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යව ඉහළ නැංවීම.