ඉලක්ක

  • රටේ ස්වාධිපත්‍යය සහ ක්‍රමෝපායික වැදගත්කම ආරක්ෂා කර ගැනීම.
  • ගොඩබිම, සාගරය සහ ගුවන් තලයේ දේශසීමාවන් කළමනාකරණය කිරීම.
  • ආරක්ෂාව පිළිබඳ කටයුතුවල දී අන්තර්ජාතික සහජීවනය හා සහයෝගීතාව ගොඩනැංවීම.
Snow

ක්‍රියාකාරී සැලැස්ම


  1. ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම.
  2. ත්‍රස්තවාදය සහ අන්තවාදය ‘කිසිසේත්ම නොඉවසීමේ’ ප්‍රතිපත්තිය (“Zero Tolerance” policy) හඳුන්වාදීම.
  3. සියලූ‍ ආරක්‍ෂක අංශ අතර ඵලදායී සන්නිවේදනයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බුද්ධි අංශ (ඔත්තු සේවා) ක්‍රිරියාන්විත තනි ප්‍රධානියෙකු යටතට පැවරීම.
  4. ‘‘බුද්ධි අංශ’’ වෘත්තීමය සේවාවක් ලෙස සලකමින්, ආකර්ෂණීය වැටුප් පරිමාණයක් මත දක්ෂතමයන් මෙයට බඳවා ගැනීම.
  5. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් සියලූ‍ බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වා දීම.
  6. බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් විදේශ ඔත්තු සේවාවන් සමග සම්බන්ධ කිරීම සහ නවීනතම තාක්ෂණික උපකරණ සමග ඔවුන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම.
  7. වෙරළාරක්ෂාව සහ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම..
  8. සොල්දාදුවන්ගේ සුබසාධනය සහ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී වැඩ පිළිවෙලක් හඳුන්වාදීම.
  9. පොලිසිය, ජෛවමිතික තාක්ෂණයන්ගෙන් (Biometric Technologies) ඩිජිටල්කරණය කිරීම.
  10. ඕනෑම ස්ථානයක දී අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා මුහුණු හඳුනාගැනීම තාක්ෂණය (Facial Recognition Technology), සෝදිසි කැමරා මගින් ක්‍රිරියාවට නැංවීම.